Chapter 22 🌼

516 66 10
                                    

ජියා ජන්ග්කුක් ගෙ ඇගට වැටුන පාරට එහෙම්ම තදට ඇස් දෙක පියාගත්තෙ ඉබේටමයි. ජන්ග්කුක් හෙමීට ඇස් දෙක ඇරල බලනකොට ජියා ජන්ග්කුක් ගෙ ශර්ට් එකේ කොනක් නිදහස් අතින් අල්ලන් ඇස් තදට පියාගෙන හිටිය විදිය දැකලා ජන්ග්කුක්ට හිනා යන්න ආවත් බොහොම අමාරුවෙන් ජන්ග්කුක් ඒ හිනාව පාලනේ කර ගත්තා.

තත්පර ගානකට පස්සෙ ජන්ග්කුක් පොඩි කැස්සක් දැම්මේ ජියාගෙ අවදානෙ ගන්න බලාපොරොත්තුවෙන්.

"අහ්හ් අහ්හ්"

ජියා ඇස් ඇරලා බලනකො ජියා හිටියෙ ජන්ග්කුක්ගෙ ඇග උඩ නිසා ජියා හොද හුස්මක් නිදහස් කලේ තමන් වැටිල තියෙන්නෙ බිමට නෙවේ කියලා සනාථ වුන නිසා. ඒත් ඒ ක්ශනිකව ජියාගෙ ඇස් දෙක ලොකු වෙලා බෝල වුනේ එයා ජන්ග්කුක් ගෙ ඇග උඩ නේද ඉන්නෙ කියන දේ හරියටම මොලේට ප්‍රොසෙස් වුන නිසා. ඒත් ජන්ග්කුක්ට නම් ජියාගෙ හැසිරීමට හිත ඇතුලෙන් සෑහෙන හිනා. මොකද ඒ දේ තේරිලත් තාමත් ජියා ජන්ග්කුක්ගෙ ඇග උඩින් අයින් වුනේ නෑනේ.

"මොකෝ ඇස් දෙක ජිල් බෝල වගේ කරන් ආ."

විනාඩියක් දෙකක් වගේ දෙන්න අතර තිබ්බ නිහඩතාව බින්දෙ ජන්ග්කුක්. ඒත් එක්කම ජියා ලෑස්ති වුනේ ජන්ග්කුක්ගෙ ඇග උඩින් අයින් වෙන්න. ඒත් එක්කම ජන්ග්කුක් මෙච්චර වෙලා තමන්ගෙ ඔලුව යට තියාගෙන හිටිය අත අහකට අරන් ජියාගෙ පිටිපස්සෙන් අත දාලා තවත් ඇගට තද කරගත්තා. බලන් ඉන්නකොටම ජියාගෙ ඇස් තව ලොකු වෙන්න ගත්තෙ ජන්ග්කුක්ට මොනවා වෙලාද කියන පුදුමෙන්.

"මොකෝ ඔහොම බලන්නෙ ආ.!"

තවත් මෙහෙම ඉදල හරියන්නෙ නෑ කියලා තේරුම් ගත්ත ජියා වචනත් පටල පටල කිව්වේ,

"ඔ--ඕ-ඔප්පා මේ කෝ මේ... මේ මට යන්න ද්..දෙන්න."

"හම්මේ දකින්නත් ආසයි. මිසිස් ජියාට වචනත් පැටලෙනවා. මොකෝ මේ ආ..."

ජියාට තමන්ගෙ ඇග පුරාම කරන්ට් එකක් යනව වගේ දැනෙන්න ගත්තෙ ජන්ග්කුක් අමුතු වොයිස් එකකින් කතා කර කරම ජියාව තවත් ඇගට තද කරගන්න නිසා.

Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now