Chapter 5 🌼

615 72 2
                                    

මොකක් හරි ජිමින සප්‍රයිස් වුනා කෙසේ වෙතත් අපි ශොක් වුනේ දැන්.

_______________________________________________________

ටේ ජන්ග්කුක් එක්ක කෑ ගහන් කැබින් එකට ඇතුල් වුනා විතරයි ආලෙන් වෙලිලා කැබින් එක ඇතුලට වෙලා හිටිය ජෝඩුව කරන්ට් එක වැදුන වගේ දෙපැත්තට වුනේ සෙරා ජිමින්ව තල්ලු කරපු පාරට ජිමින් පොලව සිප වැළඳ ගනිද්දි.

🐥 යා... කැබින් එකක් ඇතුලට එද්දි තට්ටු කරල වරෙන් යකෝ.

ජිමින් පස්සත් අල්ලගෙන අමාරුවෙන් නැගිටින ගමන් ගිරිය පුප්පන් කෑ ගැහැහුවේ ටේ වයි කුකී වයි කන්න තරම් කේන්තියෙන්.

🐯 ඉතින් යකෝ අපි දන්නවද උබල කැබින් එක ඇතුලෙ වෙලිලා ඉන්නවා කියලා.

🐥 වෙලිලා.. මං කියන්නෑ ඉතින් උබට.

🐯 උබට එහෙම ඉන්න හොදයි. අපි කියනකොට තමා හොද නැත්තෙ. හනේ හනේ.

🐰අපෝ නවත්තගනිම් උබල දෙන්නගෙ නාඩගම. බලනවා සෙරා රතුත් වෙලා

සෙරා - හයියෝ කුකී ඔප්පා.

සෙරා ලැජ්ජාවෙන් ඇඹරෙනවත් එක්කම ටේ ඇවිල්ලා සෙරාව හග් කලේ ගොඩ කාලෙකින් එයාගෙ අනික් පොඩි නංගිවත් හම්බුන නිසා.
ටේ ජියාට වගේම සෙරාටත් ආදරේ කලේ එයාගෙම නංගිට වගේ. ටේ නිතරම ජියාට කිව්ව කතාවක් තමා , ජියා මොලේ කල්පනා කරලා ඉස්කෝලෙ යන කාලෙ කරපු එකම හොද දේ සෙරාව හොදම යාලුව කරගත්ත එක කියලා.

🐯 කොහොමද ඉතින් සෙරා. ගොඩ කාලෙකින් නේ. ජියා වගේම තමා. ඔයත් තව ලස්සන වෙලානේ.

සෙරා - මම හොදින් ඔප්පා. ජියාව බලන්න ගියාද.

🐯 ඔව් ඔව් ඒ වදේව මුලින්ම බලලා තමයි ආවේ. නැත්තන් ඉතින් දන්නවනේ.

සෙරා - ඇත්ත ඇත්ත. ඊරිසියාකාර උල්පතක්නේ 😂

🐯 මෙහෙට ඇවිල්ලත් මන් ඔයාව හොයන් තමා මුලින්ම ගියේ. ඒත් ඉතින් කවුද දන්නේ...

🐥 ඇති ඇති ඒකම කියවන්න එපා බම්. අහකට පලයක් දැන්. ඔය සෙරාව බදාගත්තා ඇති.

🐯 කටවහපම් තාරා කොටා. මම හග් කරන් ඉන්නෙ මගෙ නංගිව.

Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now