Chapter 32 🌼

511 64 32
                                    

කාලෙ යන එක කාටවත් නවත්තන්න බෑ. ජින් හි ටේ ව හම්බුවෙලා දැනට සතියක් වෙනවා. ඒත් ටේ, හේයි දෙන්නම ඒ ගැන කාටවත් නොකියන්න ගොඩක් පරිස්සම් වුනා. ඒ නිසාම මේ සතිය පුරාම කිසිම විශේශ දෙයක් වුනේ නෑ. හැමෝම වෙනද වගේම ආදරෙන් හිටියා.

අද ජන්ග්කුක් ජියා දෙන්නටම නිවාඩු දවසක්. කලින් ඉදන්ම අද ඒ දෙන්න හාරි එක්ක ඇවිදින්න යන්නයි ප්ලෑන් කරන් හිටියේ. නිවාඩු දවස නිසා ජියා අද එලාම් නොතියම ඊයෙ රෑ නිදා ගත්ත නිසා ජියයි හාරී තාමත් හොදට නිදි. ජන්ග්කුක් නම් ඒත් ඇහැරිලා. නිවාඩු දවස වුනත් කම්පැනි එක තියන තත්වෙ නිසා එයාට නිතර නිතර කෝල් එනවා. එහෙම ආපු කෝල් එකක් නිසා ජන්ග්කුක්ට අදත් උදෙන් ඇහැරෙන්න වුනා.

ජන්ග්කුක් ඉක්මනටම කෝල් එක ආන්ස්වර් කරලා ඇදෙන් බැස්සේ එයාගෙ කෙල්ලො දෙන්නව ඇහැරවන්න ඕන නැති නිසා. කෝල් එක අතරෙම දෙන්නෙගෙම නලලවල් කිස් කරලා ජන්ග්කුක් රූම් එකෙන් එලියට ගියා.

කෝල් එක අතරෙම මිසිස් කිම් ජන්ග්කුක් ගෙ තේ එකත් ජන්ග්කුක්ට ගෙනල්ලා දුන්නා. ඒකත් බිබී පැය භාගෙක විතර දිග කෝල් එකෙන් පස්සෙ ජන්ග්කුක් ආයෙම රූම් එකට ආවේ දැන් ජියා ඇහැරිලා ඇති කියල හිතන්. ඒත් දෙන්නම හොදට තුරුල් වෙලා නිදි.

"කම්මැලි කෙල්ලො දෙන්නෙක්නේ මට ඉන්නේ..."

ජන්ග්කුක් තමන්ටම කියාගෙන ගිහින් ජියාව ඇහැරවන්නයි ලෑස්ති වුනේ. ජියා හැමදාම උදේ ජන්ග්කුක්ව ඇහැරවන හැටි මතක් වුන ජන්ග්කුක් හිනා වුනේ එයත් මේ ජෝඩුවටම ගැලපෙන්න ඉන්න නිසා.

"ජියායා...මැනික කෝ නැගිටින්න. අපි යන්න ඕනෙනේ.."

"ම්ම්ම් හා චුට්ටක් ඉන්න..."

ජියා ඇස් පියාගෙනම එක අතක් උස්සලා අතේ ඇගිලි වලින් චුට්ටක් කියලා පෙන්න පෙන්න කියවන කොට ජන්ග්කුක්ට ජියාව කන්න තරම් හිතුනා. මොකද ජියා ඒ තරම් හුරතල්. ජියා දැන් ජන්ග්කුක් ඉස්සරහ බොරුවට කිසිම වෙලාවක එයාගෙ අමුතු චරිතෙ මවා පාන්නෙ නෑ. ජියා ජන්ග්කුක් ඉස්සරහදි හරිම නිදහසේ එයාම වුනා. ජියාගෙ අප්ප එක්ක විතරක් හුරතල් වුන ජියා දැන් එයාගෙ හස්බන්ඩ් එක්කත් ඊට දෙවනි නැතිව හුරතල් වෙනවා. සමහර වෙලාවට හාරිටත් වඩා ජියාගෙ වැඩ හුරතල්.

Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now