ජන්ග්කුක් හොදට හුස්ම අරන් හිතේ තියන තරහා කලබල බව පොඩ්ඩක් අඩු උන ගමන් ඉක්මනට වාහනේට ආවේ ජියාවයි හාරිවයි තනියෙන් යැව්වත් හිතට අමුතු බයක් තිබ්බ නිසා.
ජන්ග්කුක් වාහනේට නැගපු ගමන් බැලුවේ පැසෙන්ජර් ශීට් එකේ ඉන්න එයාගෙ කෙල්ලො දෙන්නව. ජන්ග්කුක් හිස් බැල්මකින් ජියා දිහා බලන් ඉන්නකොට ජියා කලේ මූනෙ පොඩි හිනාවක් තියන් ජන්ග්කුක් දිහා බලපු එක. හිතේ කොච්චර දේවල් තිබ්බත් ජියාට ඕන වුනේ නෑ ජන්ග්කුක් ඉස්සරහ ඒ දේවල් එක මොහොතකට වත් පේන විදියට හැසිරෙන්න.ඒ නිසාමයි ජියා ජන්ග්කුක් එක්ක කිසි දෙයක් වුනේ නෑ වගේ හිනා වුනේ.
"මගෙ සුද්දි ගොඩක් බය වුනාද ජියා..."
"අපේ සුද්දි.. මේ අපි දෙන්නගෙම සුද්දි.."
"ඔව් ඔව් ජියා.. අපි දෙන්නගෙ සුද්දි.. "
"හ්ම්ම්.. ටිකක් බය වුනා ඔප්පා.. දැන් මේ නිදි. ඩෙසර්ට් එක කවන්න හැදුවත් කෑවෙ නෑ.."
ජන්ග්කුක් හාරිගෙ අතක් අත ගාන ගමන් කල්පනා කලේ මේ දැන් ටිකකට කලින් වුන දේවල්. ආයෙම අවුරුදු ගානක් පස්සට යන්න ජන්ග්කුක්ට ඕන වුනේ නෑ. ඒත් නොහිතන විදියට මේ දේවල් මෙහෙම වෙන එක ඇත්තටම ජන්ග්කුක්ට ලොකු හිසරදයක්. ජන්ග්කුක් හාරිගෙ අත අත් ඇරලා ස්ටියරින් වීල් එකට ගහගෙන ගහගෙන ගියේ හිතේ තියන කලබල බව නැති කරගන්න. ජියා එක අතකින් ජන්ග්කුක්ව කොච්චර අල්ලලා නවත්තන්න හැදුවත් ජන්ග්කුක් නෙවේ නතර වුනේ..
"අනේ ඔප්පා.. ඕක නවත්තගන්න.. ඔයාටම රිද්ද ගත්තා කියලා මේ දේවල් වෙනස් වෙන්නෙ නෑනේ..අනික මුකුත් වුනේ නෑනෙ ඔප්පා.. කලබල වෙන්න එපා ඉතින්.."
"මම කොහොමද කලබල නොවී ඉන්නෙ ජියා... ඇයි එයා ආවේ.. ආයෙම අවුරුදු පහකින්.. ඇයි මගෙ ඉස්සරහට එයා ආවෙ ජියා.. මගෙ ඔලුව පුපුරන්න වගේ.. මොනාද මේ වෙන්න යන්නෙ ජියා.. අපි හැමදේම ටික ටික විසදගෙන සතුටෙන් ඉන්න හැදුව විතරයි.."
"අනේ ඔප්පා.."
"එයාට මගෙන් මොනාද ඕන ජියා..ඇයි මගෙ ඉස්සරහට ඇවිත් මාව මේ වගේ අසරන කරන්නේ. අයිශ්ශ්ශ්.. ශිට්..."
YOU ARE READING
Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Romanceවරක් ආගන්තුකයෙකු පමණක්ම වූ පුද්ගලයෙකු හදිසියේම ඔබට ඔබේ මුලු ලෝකයම සේ දැනෙන්නේ කෙසේද යන්න පුදුම සහගතය. It is amazing how a person who was once just a stranger can suddenly mean the whole world to you. හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා Strangers to Lovers රස...