Chapter 3 🌼

636 77 4
                                    

ජන්ග්කුක් කෙලින්ම ආවේ හාරිගේ නර්සරි එකට. ඒ වෙනකොටත් හාරිගෙ නර්සරි එක ඇරිලයි තිබ්බේ.

_______________________________________________________

ජන්ග්කුක් වාහනෙන් බැහැලා හාරිව ගන්න යන අතරේ ජියා නම් කලේ ෆෝන් එක දිහාම බලන් ඉන්න එක. අඩුම වාහනේ නැවත්තුවා නේද කියන එකවත් ජියාට ගානක් නෑ.

"අප්පා."

හාරි දුවගෙන ඇවිත් ජන්ග්කුක් ගෙ අතේ එල්ලුනේ හිනා වෙවී.

"ඕ... මගෙ සුද්දි මොකෝ මේ ආ."

ජන්ග්කුක් හාරිව වඩාගන්න ගමන් ඇහුවේ හාරිගෙ කම්මුලකුත් මිරිකන ගමන්.

"ආව්. අප්පා සිදෙනව අනේ.."

"හම්මේ මගෙ කෙල්ලට රිදෙනවද. යමු යමු ඉක්මනට. අප්පට වැඩකට යන්න තියනවා මැනික."

ජන්ග්කුක් හාරිවත් වඩාගෙන වාහනේට ඇවිල්ලා හාරිව පැසෙන්ජර් ශීට් එකේ වාඩි කරවලා සීට් බෙල්ට් එකත් දාලා හාරිගෙ බෑග් එක පිටිපස්සෙ ශීට් එකෙන් තිබ්බා. මේ කිසිම දෙයක් ගානවකටවත් නොගෙන ජියා තාමත් ෆෝන් එකේ මූන ඔබාගෙනයි හිටියේ.

"අප්පා.. මේ "

හාරි රහසින් ජන්ග්කුක්ට ලගට කතා කලේ මොනවදෝ කියන්න.

"මොකෝ මැනික."

"කාද අර පිටිපත්තෙ ඉන්නේ."

ඒත් එක්කම ජියා ෆෝන් එකෙන් ඔලුව අහකට අරන් ඉස්සරහ බලනකොටයි දැක්කේ හාරි ජන්ග්කුක්ගෙ බෙල්ල බදාගෙන රහසින් කතා කරනවා කියලා.

"අහ්හ් මිස්ටර් ජන්ග්කුක් අපි යමු නේද."

"ආ හරි මේ යනවා. "

හාරිව ඈත් කරලා ජන්ග්කුක් ආයෙම ශීට් එකේ හරියට ඉදගත්තා. ඒත් එක්කම

"ඕ.. ඔන්නි "

"මෝ ඔන්නී. කවුද සුද්දි ඔන්නි."

"මේ පිටිපත්තෙ ඉන්නෙ මදෙ යාලු ඔන්නිනෙ අප්පා.."

"මෝ ??"

"හායි. මේ ඔයානේ. කොහොමද ඉතින්. "

ජියත් හාරිව අදුරගෙන කතා කරන්න පටන් ගත්තේ ජන්ග්කුක් මේ දෙන්න දිහා ඇසුත් ලොකු කරන මෙයාල කොහොමද අදුරන්නේ කියලා හිතනකොට

Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now