Chapter 17 🌼

625 80 11
                                    

ජන්ග්කුක් පරක්කු වෙලා කම්පැනි එකට ආවත් ලන්ච් එකට කලින් කෙරෙන්න ඕන කියලා තිබ්බ ඔක්කොම වැඩ ටික ජන්ග්කුක් කලේ කිසිම මහන්සියක් නොබලා.ඒත් ඉතින් එයාගෙ සුද්දි ගැනයි ජියා ගැනයි නොහිත හිටියමත් නෙවෙයි.
ජන්ග්කුක් ජියා හාරි දෙන්නව උදේ ඇහැරවන්න එපා කිව්වෙත් ඊයෙ වුන සිද්දිය නිසා ජියා කම්පැනි එකට යවන්නවත් හාරිව තනියම නර්සරි යවන්නවත් නිදහස් මනසක් තිබ්බෙ නැති නිසා. කොච්චර ජියාට නෑ කියල කිව්වත් ජන්ග්කුක් හිතේ තියන් විදවන ප්‍රශ්නයක් තාමත් තියනවා. ඒත් ඒ දේ ජියාට කියන්න තරම් ජන්ග්කුක්ට ශක්තියක් නෑ.
වැඩ ටික ඉවර කරලා ලන්ච් එක ගන්න යන්න කලින් ජන්ග්කුක් හොද හුස්මක් අරන් එයාගෙ චෙයා එකේ හොදට ඔලුව හේත්තු කර ගත්තේ ඇස් දෙක පියාගෙනමයි. ජන්ග්කුක්ට මතක් වුනේ කොච්චර ප්‍රශ්න වුනත් ඊයෙ රෑ ජියා එක්ක ඉයරින් එකක් ගලවන්න නටපු නැටිල්ල, ජියාගෙ නපුරු ආඩම්බරකාර ගති දැන් ජන්ග්කුක් ඉස්සරහ ටික ටික නැති වෙලා ගිහින් තියන හැටි.

මෙහෙම ගියොත් නම් මට ජියාට ඒලියන් කියල දැන් කියන්න වෙන එකකුත් නෑ. ඒත් ජියා මං එක්ක ඒ විදියට ඉන්න එක කොච්චර හොදද. මහ පුදුම කෙල්ලෙක්. මගෙ හාරිත් ජියා වගේම වෙයිද දන්නෙ නෑ. අප්පගෙ හුරතලේට දුවල හැදෙන කොට එහෙම වෙනව ඇති. මොනා වුනත් ගොඩක් ආදරේ හොයන කෙල්ලො දෙන්නෙක්නෙ මට දැන් ඉන්නේ.

ජන්ග්කුක් දැනුවත්ව හරි නොදැනුවත් හරි මේ හිතන දේවල් එක්ක ජියාව මතක් වෙලා ජන්ග්කුක් ගෙ මූනට හිනාවක් ආවෙ ඉබේටමයි.

ජන්ග්කුක් තනියම හිනා වෙන අතරේ කිසිම අවසරේකින් තොරව ජන්ග්කුක්ගෙ රූම් එකට ආවේ ජන්ග්කුක් ගෙ සදාදරණීය මස්සිනා ටේ.

"ආ මහත්තයා..."

"ටේ උබ මොකද මෙහෙ."

"මම මේ වැඩකට ආවා."

"මොකක්ද යකෝ අපේ කම්පැනි එකේ මම නොදන්න වැඩේ."

"ඒකෙන් උබට වැඩක් නෑ.ඒක මගෙයි ජියෝන් අන්කල්ගෙයි වැඩක්"

"ආ ඒකත් එහෙමද. දැන් මොකෝ උබ මාව හොයන් ආවේ."

" ආ ඒකද උබ එක්ක වැදගත් දෙයක් කතා කරන්න"

Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now