After a Week
හැමදේම හරි විදියට විසදිලා දැනට සතියක්. මිස්ටර් ලී ට කරපු අපරාධ වලට ඉක්මන් නඩු විභාගයකින් තීන්දුවක් හම්බුනා. කරපු දේවල් කිසිම දෙයක් පිළි නොගත්තත් සාක්ශි එක්ක හැම දේම ඉදිරිපත් කරන කොට මිස්ටර් ලී ට දේවල් පිළි නොගෙන ඉන්න බැරි වුනා. මිස්ටර් ලී ජන්ග්කුක්ට වඩා තරහකින් ඒ වෙනකොට ශින් එක්ක හිටියේ. හැම දේටම ළඟින් ඉදලා ශින් මෙහෙම කරයි කියලා මිස්ටර් ලී කිසිම විදියකින් බලාපොරොත්තු වුනේ නෑ. ඒ වගේම ඩෝහ වත් ශින් එයාට ලැබිල තියන තොරතුරු අනුව ඇරෙස්ට් කරන්නයි කටයුතු කරලා තිබ්බේ. ඇත්තටම ඒකට උදව්වක් උනේ මිස්ටර් ලී.
මිස්ටර් ලී තමන්ගෙ දරුවන්ගෙ සතුට ගැන නොහිතුවට එයාලගෙ වැරදි ගැන සෑහෙන්න හොයපු කෙනෙක්. මිස්ටර් ලී පුරුද්දක් විදියට එයාගෙ එකම පුතා වුන ඩෝහ කරපු ඔක්කොම දේවල් වල සාක්ශි එකතු කරන එක පුරුද්දක් කරගෙන තිබ්බා. මොකද තමන්ගෙ පාරට ළමයෙක් හරි හරස් වුනොත් ඒ කෙනා ගැන හිතන්න තරම් හොද මනසක් තියන පුද්ගලයෙක් නෙවේ මිස්ටර් ලී කියන්නෙ. ඒ කෙනා ලමයෙක් උනත් මිස්ටර් ලී තමන්ගෙ මාර්ගෙන් එයාලව අයින් කරන්න දෙපාරක් හිතුවෙ නෑ. ඒ නිසාම ඒ ඒ අවස්තාවන් වලදි ඩෝ හව බේර ගත්තත් හැම දේම යට ගැහුවත් ඒ දේවල් ගැන හැම තොරතුරක්ම ලී ගාව තියා ගන්න එයා අමතක කලේ නෑ.
ලී ගෙ ඔෆිස් එක, ගෙදර වගේම තවත් ලී යටතේ තියන ස්ථාන කිහිපයක්ම සර්ච් කරන අවස්තාවක ලී ගෙ ගෙදර තියලා ඩෝහ කරපු හැම දේකම විස්තර පැහැදිලි සාක්ශි එක්ක හොයා ගන්න ශින් ඇතුලු කන්ඩායමට පුලුවන් වුනා. ඒ අතර රේප් කේසස් පහකට වඩා තියනව වගේම තමන්ගෙ තාත්ත වගේ මහා පරිමානෙන් නොවුනත් ඩ්රග්ස් බෙදා හැරීම වගේම භාවිතා කිරීම සම්බන්දවත් ඕනෑවටත් වඩා සාක්ශි තිබ්බා. ඒ නිසා ශින්ට ලී ඩෝහව අත් අඩංගුවට ගන්න වරෙන්තුවක් ගන්න එක අමාරු වුනේ නෑ. අප්පට වගේම පුතාටත් ජිවිතාන්තය වෙනකන් සිර දඩුවම් නියම කරන්න අධිකරන නියෝගක් ලැබුනා.
ජින් හි මේ දේවල් වලට සම්බන්ද නොවුනත් නොදැනුවත්ව හරි හෙල්ත් මිනිස්ටර්ගෙ පුතාව බැන්ද නිසා ජින් හි ටත් චෝදනා ආවා. ඒ වගේම හාරිව පැහැර ගන්න කටයුතු කලා කියන චෝදනාව ඔප්පු කරගන්න පුලුවන් වුන නිසා ජින් හිටත් අවුරුදු පහක හිර දඩුවමක් දෙන්න චෝදනා ගොනු කරලයි තිබ්බේ. ඇත්තටම එහෙම තොරතුරු හම්බ වුනේ ජින් හි ගෙ සහෝදරය වුන ලී ඩෝහ ගෙන්. තමන් විතරක් හිරේ යන එක අසාදරන නිසා ඩෝ හා එයා ජින් හි එක්ක ලමයව කිඩ්නැප් කරන්න ප්ලෑන් කලා කියලා ජින් හිට විරුද්දව සාක්ශි දුන්නා. ඒත් කවුරුත් හිතපු නැති විදියට ජියා මැදිහත් වෙලා ජින් හිව බේර ගත්තා.
YOU ARE READING
Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Romanceවරක් ආගන්තුකයෙකු පමණක්ම වූ පුද්ගලයෙකු හදිසියේම ඔබට ඔබේ මුලු ලෝකයම සේ දැනෙන්නේ කෙසේද යන්න පුදුම සහගතය. It is amazing how a person who was once just a stranger can suddenly mean the whole world to you. හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා Strangers to Lovers රස...