A/N - කතාව කියවනකොට stuck වෙනවනම් scrolling mode එක දාගෙන කියවන්න ලමයි 😥😐සිදුවෙන අපහසුතාවට සොරි. 😥
_______________________________________________________
ජියා සෙරා එක්කම හෝල් එක ඇතුලට ඇවිල්ලා දෙන්නම කියව කියව හිටියේ ඇත්තටම පාටි එකට ආවට ඒ දෙන්නට කරන්න දෙයක් නැති නිසා. ජියාගෙ අප්ප නම් එක එක බිස්නස්මන්ලා එක්ක කතා කර කර හිටිය අතරෙ ජිමිනුත් ආපු හැම කෙනෙක්ම වගේ එක්ක කතා කරමිනුයි හිටියේ. අඩුම ජිමිනට සෙරා ගාවට එන්නවත් වෙලාවක් හම්බුනේ නෑ.
ජියා කොච්චර ලොකු CEO කෙනෙක් වුනත් එයාගෙ ආඩම්බරකාර ගති මේවගේ ඔකේශන් වලත් නොවඩුව තියනවා. ඒ නිසාමයි වෙන කා එක්කවත් ජියා වැඩිය කතාවට නොයන්නේ. ජියා ලගට ඇවිල්ලා කතා කරන අයට හීනි හිනාවකින් සංග්‍රහ කරලා වචන දෙකක් තුනක් කතා කරලා මග ඇරලා යන එක තමයි ජියාගෙ පුරුද්ද. තමන්ගෙ මේ හැසිරීම ජියාටම ප්‍රශ්නයක් නොවුනේ මොන දේ වුනත් තමන්ගෙ කම්පැනි එකේ නම , Standard එක නිසා මේ කිසිම කෙනෙක් ජියාගෙ මේ හැසිරීම ප්‍රශ්නයක් කරන් කිම් කෝපරේශන් එකත් එක්ක වැඩ කරන්න චාන්ස් එක ලැබෙන එක නැති කරගන්නෙ නැති නිසා.
"ජියා උබව නම් හදන්න බෑ බම්."
"ඇයි ඒ පාර මොකෝ."
"නෑ ඉතින් නිකමට හිතපම් බිස්නස් ෆීල්ඩ් එකේ ඉන්න ඕනම කෙනෙක් මේ වගේ ඔකේශන් මග ඇරගන්නෙ නෑනේ බම්"
"ඔව් ඉතින්"
"ඉතින් කියන්නෙ යකෝ එහෙම කරන්නේ තව තව කනෙක්ශන් හදාගන්න බිස්නස් ඩිවලප් කරන්න අලුත් බිස්නස්මන්ලව අදුරගන්න."
"ඔව් ඒක මං දන්නවා. උබ කියන්න ඕනෙ නෑ😂"
"හිනා වෙයන් හිනා වෙයන්. ඉතින් මෝඩියේ උබ මොකක්ද කරන්නෙ බලහම්. ලගට ඇවිල්ල කතා කරන මිනිස්සුන් වත් මග ඇරලා යනවා."
YOU ARE READING
Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Romanceවරක් ආගන්තුකයෙකු පමණක්ම වූ පුද්ගලයෙකු හදිසියේම ඔබට ඔබේ මුලු ලෝකයම සේ දැනෙන්නේ කෙසේද යන්න පුදුම සහගතය. It is amazing how a person who was once just a stranger can suddenly mean the whole world to you. හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා Strangers to Lovers රස...