Chapter 40 🌼

486 66 12
                                    

ජිමින් සෙරා දෙන්නා පිටත් වුනායින් පස්සේ අනික් හැමෝම විතරක් හොටෙල් එකේ ඉතුරු වුනේ තව මෙතන ඉවර කරන්න තියන වැඩ කීපයක් ඉවරලා කරන්න ඕන නිසා. ඔය අතරේ ජන්ග්කුක් නම්ජුන් එක්ක ලොකු කතාවක හිටිය නිසා ජියා කාටවත් නොතේරෙන විදියට හාරිවත් එක්කන් කවුරුත් නැති නිදහස් තැනකට ගියේ සති දෙකක් තිස්සෙ මග ඇරුන ඒ හුරතලේ හිතේ හැටියට විදින්න..

"ඔම්මා..."

හාරි තොලුත් නොපිට පෙරලලා අඩන්න වගේ ජියාට මේ විදියට කතා කරන්නෙ ඇයි කියන්න ජියා හොදටම දන්නවා. මොකද හාරි ජන්ග්කුක්ට මේ දවස් ටිකකට කොච්චර වද දුන්නද කියන්න ජියා දැනගෙනයි හිටියේ.

"මොකෝ මේ මගෙ කෙල්ල.."

"ඔම්මා අප්ප එක්ක තලහ වෙලාද අයියෝ..."

"අනේ නෑ මගෙ මැනික.."

"ඇයි ඒනම් අපි පලන ගෙදලට ගියෙ අනේ.. මට ඔම්ම නැතුව ගොඩාක් පාලුයි අනේ. හල්මොනී හලබදීවත් ඕනි මට.."

හාරි කට හද හද අත වලින් ඇක්ශන් දදා කතා කරන විදියට ජියාට මේ හුරතලෙ ගොඩක් මිස් වුනා කියලා දැනුනා.

"තව ටික දවසක් ඉන්නකො මැනික. ඔම්ම ඉක්මනට ඔය දෙන්න ගාවට එනව හොදද..."

"අනේ අද යමුතෝ.."

"ඔයා මගෙ හොද දුවනේ ඔම්මට තව ටික දවසක් දෙන්න හරිද..."

"හුම්..."

හාරි අත් දෙකත් පපුවට බැදගෙන අහක බලාගත්තේ පොඩි තරහකින්.

"හප්පේ ඉතින්.. අප්ප වගේම තමා..පොඩ්ඩ ඇත්නම් ඩෝං යනවා.."

"ඩෝං යනවා කීන්නේ ඔම්මා.."

"ඩෝං යනව කියන්නෙද ඉක්මනට තරහ යනව කියන එක."

හාරිගෙ කම්මුල් දෙක මිරිකන ගමන් ජියා එහෙම කියන කොට හාරි ජියාගෙ අත් දෙක මූනෙන් අයින් කරලා,

Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now