ජන්ග්කුක් රූම් එකෙන් එලියට එනවත් එක්කම නම්ජුන් ආවා.
" කොහෙ හරි යනවද ජන්ග්කුක් .."
"ඔව් හියුන්ග්.මම සෝල් යනවා.. මම එනකන් මගෙ කෙල්ල ගාවටම වෙලා ඉන්න පුලුවන්ද."
"මොකක්..ඒත් මේ වෙලාවේ. ඇයි හදිස්සියෙ..."
"මම ආයෙ ආවම ඔක්කොම කියන්නම්. මම කියපු දේ කරන්න පුලුවන්ද.."
"හ්ම්ම් මම ඉන්නම්. ඒත් දැන් ගිහින් ආයෙ එන්න වෙලාවක් ඔයාට නෑ නේ ජන්ග්කුක් .."
දැන් රෑ වෙලා හින්දා නම්ජුන් එහෙම කිව්වේ ජන්ග්කුක් ගැනම හිතලා. ආයෙ ගිය පරක්කුවට ජන්ග්කුක් එන්න ලෑස්ති වුනොත් ගමන් මහන්සියයි ඔලුවෙ දැන් තියන දේවල් එක්ක ජන්ග්කුක් ඉක්මනට එන්න ට්‍රයි කරන බව නම්ජුන් දන්නවා.
"බලමුකෝ.. එහෙම උනොත් මම හෙට උදෙන්ම එනවා. හියුන්ග් මගෙ මැනික ගාවින්ම ඉන්න හරිද.."
ජන්ග්කුක් නම්ජුන්ගෙ අත් දෙක අල්ලගෙන එහෙම ඉල්ලීමක් කලේ හිතේ තියන බයට. මොකද දේවල් වෙන්නේ හරිම ඉක්මනට. ජන්ග්කුක් තාමත් නොදන්න දේවලුත් තියනවා. ඒ අතරේ ජියාව ආයෙම එයාලගෙ අලුතින් එන්න ඉන්න පැටිය එක්ක පැය ගානකටවත් ජන්ග්කුක්ට තනි කරලා යන්න ඕන වුනේ නෑ.
" හරි ඒ ගැන බය වෙන්න එපා ජන්ග්කුක් . මම ඉන්නවා. තව ටිකෙන් අපේ ඔම්මයි අප්පයිත් එයි.. ඒ නිසා බය වෙන්න එපා. අනික ජියාගෙ ඩොක්ටර් මගෙ යාලුවනේ.."
"හ්ම්ම්.. ගොඩක් ස්තූති හියුන්ග්.මට මේ කරන උදව් වලට මම හියුන්ග්ට කොහොම ස්තූති කරන්නද මන්දා.."
YOU ARE READING
Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Roman d'amourවරක් ආගන්තුකයෙකු පමණක්ම වූ පුද්ගලයෙකු හදිසියේම ඔබට ඔබේ මුලු ලෝකයම සේ දැනෙන්නේ කෙසේද යන්න පුදුම සහගතය. It is amazing how a person who was once just a stranger can suddenly mean the whole world to you. හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා Strangers to Lovers රස...