තුන් දෙනා ජේජු ඇවිත් සතියක් ගත් වුනේ හරි ඉක්මනට. ඒ හැම දවසකම ජන්ග්කුක් හාරිවයි ජියාවයි හැමදාම හවසට බීච් එක්කන් ගියා. තුන් දෙනාම මේ සතිය ඇතුලත පුංචි පවුලක් විදියට ඕනෑවටත් වඩා සතුටෙන් කාලෙ ගත කලේ සතියක් ගියාද කියන එකවත් කාටවත් දැනුනේ නෑ. මේ සතිය පුරාවටම හාරි එයාගෙ ඔම්ම අප්ප එක්ක දිගටම නිදියගන්න පුරුදු වුනා. දැන් ජන්ග්කුක්ටවත් ජියාටවත් ඒ දේ අපහසුවක් වුනේ නෑ. ගත වුන සතිය පුරාම හැමදාම නොවුනත් ජියා දවස් දෙක තුනක්ම පුලුවන් විදියට ජන්ග්කුක් හාරි දෙන්නට කෑම හදලා දුන්නා. කොච්චර අඩු පාඩු තිබ්බත් අප්පයි දුවයි දෙන්නම ඒ කෑම රස කර කර කෑවේ ජියා හරි ආසාවෙන් ඒ කෑම හදපු නිසා.
මේ සතිය ඇතුලත හාරි එයාගෙ ඔම්ම අප්ප එක්ක හොදට ඇවිද්දා. ජේජු පුරා එක එක තැන් වල ගිහින් පුදුමාකර සතුටෙන් තමයි හාරි මේ සතියම ගත කලේ. එක පාරටම වුන දෙයක් වුනත් ජන්ග්කුක් ජියා දෙන්නගෙ මේ එකතු වීම නිසා ගොඩක්ම සතුටු වුනේ හාරි.
අද මේ තුන් දෙනා ජේජු ඉන්න අන්තිම දවස. හාරිට නම් තව දවස් ගානක් හරි එයාගෙ ඔම්මයි අප්පයි එක්ක මෙහෙට වෙලා ඉන්න පුලුවන්. ඒ නිසා පොඩි කෙල්ලගෙ මූන අද උදේ ඉදන්ම එච්චර හොද නෑ.
"මොකෝ මේ මගෙ මැනික ම්ම්"
උදේ ඉදන් මූන එල්ලන් ඉන්න හාරි ගාවට ගිහින් ජන්ග්කුක් ඇහුවේ, එයාගෙ පුංචි කෙල්ලට දුක හිතුනම තරහ ගියාම ආයෙ ලේසියෙන් මූඩ් ෆික්ස් වෙන්නෙ නැති නිසා කොහොම හරි ශේප් කරගන්න.
"හුම් මුකුත් නෑ..."
හාරි අත දෙකත් බැදගෙන ජන්ග්කුක් ට ටිකක නපුරු බැල්මක් දාල අහක බලාගත්තේ ජන්ග්කුක් අමාරුවෙන් හිනාව පාලනේ කරන් ඉන්නකොට.
"ආ එහෙමද...මුකුත් නැද්ද ... අපරාදේ එහෙනම් මෝචිට කියන්න වෙනෝ එයා අරන් තියන් ඉන්න ඩෝල්ව ආයෙම ශොප් එකට ගිහින් දෙන්න කියලා..."
ජන්ග්කුක් ඒ කියපු කතාවට හාරිට එක පාරට ජන්ග්කුක් දිහා හැරිල බලන්න ඕන වුනත් දුවත් අප්ප වගේම නිසා එක පාරටම සෙකන්ඩ් වෙන්න ඕන වුනේ නෑ. ඒ නිසා හාරිත් ඇස් කරකව කරකවම එයාගෙ අප්පව ගනන් නොගෙනම අහක බලන් හිටියා.
YOU ARE READING
Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Romanceවරක් ආගන්තුකයෙකු පමණක්ම වූ පුද්ගලයෙකු හදිසියේම ඔබට ඔබේ මුලු ලෝකයම සේ දැනෙන්නේ කෙසේද යන්න පුදුම සහගතය. It is amazing how a person who was once just a stranger can suddenly mean the whole world to you. හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා Strangers to Lovers රස...