Chapter 37 🌼

454 62 8
                                    

මිසිස් කිම් හේයිත් එක්ක එකතු වෙලා සේරටම කන්න බොන්න අරගෙන එනකොට ටේ නම් බලාගෙන හිටියේ හරිම ආසාවෙන්. මිසිස් කිම් හේයි එක්ක මේ විදියට ලං වෙන එක එකට ටේ තරම් සතුටු වුන කවුරුත් නෑ. ඉතින් ඒ සතුට නිසාම ඉස්සරහට දුවගෙන ගිය ටේ ඔම්ම අතේ තිබ්බ දේවල් එයාගෙ තනි අතකට අරන් අනික් අත මිසිස් කිම් ගෙ කර වටේ යවලා මිසිස් කිම් ගෙ එහා පැත්තෙ ඉන්න හේයිටත් ඇහැක් ගැහුවා ඒත් මේ වෙලාවෙ නම් හේයි හිටියේ තරහින්. මොකද ටේ එයාට බැනපු නිසා.

"මොකෝ මොකෝ මේ මගෙ කොල්ලා... ඕක තනි අතින් අරන් යන්න බෑ පුතේ.."

"ආදරේ වුනාම මේම තමා ඔම්මා.."

ටේ මිසිස් කිම්ට කිව්වත් ඒ දේ කිව්වෙ හේයි දිහා බලන්. ඒත් හේයි නම් කලේ මුකුත් නෑහුන විදියට රවපු එක..

"අනේ ඉතින් බොරු ආදරේ.."

"හහ්හ්..ඔම්ම දන්නව හරී.. මගෙ ලව් එක ඉතින් ඔයා කියලා හුම්."

ටේ හුරතල් වෙන ගමන් එහෙම කිය කිය එනකොට මිසිස් කිම් ආයෙම ටේ අතේ තිබ්බ ට්‍රේ එක ගත්තා.

"හා හා මුලින් වාඩි වෙන්නකෝ.. මේ කතාව මේ වෙලේ ඇදිල ආපු එකත් හොදයි යූ.."

"මොකක්ද ස්විට් හාට්.."

"නෑ ඉතින් ටේ ගෙ මේ කෝලම් තව බල බල ඉන්න බෑනේ.. අපි මෙයාටත් හොද කෙනෙක් හොයල දෙන්න ඕන. "

මිසිස් කිම් මිස්ටර් කිම් ගාවින් වාඩි වෙන ගමන් එහෙම කිව්වම හේයි බය වුනා. හේයි කොෆී ට්‍රේ එකත් අතේ තියාගෙනම හිටගෙන හිටියේ වෙන සිහියකින්. ඒ ටේ ට ඇත්තටම මිසිස් කිම්ලා වෙන කාව හරි හොයල දෙයිද කියන බය නිසා.

"හේයි මොකෝ හිට ගෙන ඉන්නෙ දුව.. ඕක තියලා එන්න වාඩි වෙන්න."

හේයි ගෙ මේ වෙනස අනික් හැමෝටම තේරුනත් මිසිස් කිම්ට ගානක් වුනේ නෑ. මිසිස් කිම් හේයි ට්‍රේ එක ටේබල් එක උඩින් තිබ්බම හේයිගෙ අතින් අල්ලන් එයාගෙ එහා පැත්තෙ වාඩි කරව ගත්තා.

"දැන් ස්විට් හාට් මොකක්ද කියන්න ඕන වුනේ.."

"නෑ ඉතින් යූ... අපේ ජියත් දැන් සම්පූර්ණයි නෙ. ජිමින් සෙරා දෙන්නත් කවද හරි බඳිනවා. ඉතින් මගෙ කොල්ල විතරයි ඉතුරු වෙන්නේ.. ඒ නිසා එයාටත් හොද කෙනෙක් බලමු අපි."

Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now