Chapter 8

328 46 1
                                    

KTH කම්පැනි එකේ සැපපහසු කාමරයක් ඇතුලේ කැරකෙන පුටුවක වාඩිවෙලා හිටිය ලස්සන නමුත් ඔරවගෙන වගේ හිටිය පිරිමි කෙනා එයාගෙ කම්පැනි එකේ සේවකයන් හදපු රිපෝට්ස් වගයක් චෙක් කරන ගමනුයි හිටියේ.

ඒත් ඔහු නොදැනුවත්වම එකම රිපෝට් එක පැය ගානක් තිස්සේ එක දිගට කියවමින් හිටියා. මොකද එයාගේ මනස තිබ්බේ ඒ රිපෝට් එකේ නෙමෙයි, එයාගේ ගෙදර ඇතුලේ ඉන්න දඟ හා පැටියා ලග.

එයාට තවමත් උදේ වෙච්ච සිද්දියෙන් එලියට ඒ ගන්න බැරුවයි හිටියේ. උදේ ඒ හාවා එයාට උදේ කෑම ගන්න කියලා බල කරපු විදිහත්, කෑම නොකා වැඩට එන්න නොදී තියාගත්තු විදිහත් එයාට අමුතු හැගීමක් ඇති කලා.

ඇත්තටම, මේක තමයි එයාගෙ පලවෙනි වතාව එයාගේ අපාට්මන්ට් එකෙන් හිස් බඩ එලියට බැහැපු නැති. සාමාන්‍යෙන් එයා වෙනදට නම් කරන්නෙ එයාගෙ සෙකට්‍රිට කියලා කොෆි කප් එකක් ගෙන්නගෙන ඒකෙන් ඊලග ආහාර වේල ගන්නකන් දවස ඇදගෙන යන එක. එයාගෙ දෙමව්පියන් හැර වෙන කිසිම කෙනෙක් එයා එයාගෙ උදේ කෑම වේල ගත්තාද නැද්ද කියලා මීට කලින් හොයලා බලලා තිබ්බේ නෑ.

එයාගෙ උදේ නිකන්ම  එයාගේ " හස්බන්" එක්ක ගත්තු කෑම වේඑන් ඉවර උනේ නෑ. ජියෝන්ගුක් එයාට දවල් කෑම එකකුත් හදලා ඒක සුරක්ශිත විදිහට එයාට පැක් කරලා දුන්නා. ඒකෙන් උනේ උදේ එයාලා ආපහු රන්ඩු උන එක. මොකද ටේහ්‍යුන් ගෙදර හදපු කෑම පෙට්ටියක් කම්පැනි එකට අරන් යන එක තරයේ ප්‍රතික්ශේප කලා. මොකද වෙන්නෙ කම්පැනි එකේ සේවකයෝ දැක්කොත් එයා ගෙදර හදපු කෑම එකකුත් උස්සන් කම්පැනි එකට එනවා? ඒකත් මේ කිම් ටේහ්‍යුන් වගේ කෙනෙක්! අනිවාර්යයෙන්ම එයා දවසේ විකටයා වෙයි.

ඒ වගේම දෙවනි වතාවටත් ටේහ්‍යුන් ජියෝන්ගුක් එක්ක තිබ්බ වාදයක් පැරදුනා. හාවා බොහෝම අහින්සක විදිහට ටේහ්‍යුන්ට තර්ජනය කලා එයා ඒක දැන් අරංගියේ නැත්තං දවල් කෑම වෙලාවට එයාම ඒක ටේහ්‍යුන්ට ගෙනත් දෙනවා කියලා. අන්න ඒ කතාව ඇහුවාම නම් ටේහ්‍යුන් ඉක්මනින්ම කෑම එක අරගෙන යන්න එකග උනා. මොකද එයාට ඕනෙ උනේ නෑ එයාගෙ කෑම එක බනී හයිබ්‍රීඩ් කෙනෙක්ට කියලා ගෙන්නගෙන තවත් එයාගෙ තත්වේ බාලකරගන්න.

𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎Where stories live. Discover now