Chapter 24

304 35 0
                                    

අද ඩබල් අප්ඩේට්!!

Jeongguk දැන් හිටියේ එයාලාගේ ඇද මත වාඩි වෙලා තමන්ගේ වයිෆි එනකන් ගොඩක් ඉවසීමෙන් බලාගෙන. ඔහුගේ හිස ඉස්සරහටත් පස්සටත් වැනෙමින් ඇස් දෙක ලොකු බරගතියක් එක්ක ඇරෙමින් වැහෙමින් තිබ්බේ බනීට ලොකු නිදිමතක් දැනෙමින් තිබ්බ නිසා.

ඔහු අවධියෙන් ඉන්න නින්ද යාගෙන එව්දිම ඔලුව ගැසුවා. මොකද ඔහුට උවමනා උනා වයිෆි එක්ක දවාලේ කම්පැනි එකේදී වෙච්ච දේ ගැන කතා කරන්න.

ඔහුට අවශ්‍ය උනා ටේහ්‍යුන් තමන්ව නොසලකාහැරලා තමන් ඔහුගේ සැමියා කියන එක පිලි නොගත්තේ කියලා අහන්න.

" ව්- වයිෆි ලැජ්ජාවෙන්ද ගුකී හ්- හින්දා?"

බනී තමාගෙන්ම අහගත්තා. නමුත් ආපහු ඔලුව දෙපැත්තට වැනුවේ ඔහුගේ මනසේ කැරකෙමින් තිබ්බ ඍනාත්මක අදහස් අයින් කරන්න.

නෑ.. ටේහ්‍යුන් කොයිම වෙලාවකවත් ඔහු නිසා අපහසුතාවයට පත් වෙන්න විදිහක් නෑ. මොකද ටේහ්‍යුන් හැමතිස්සෙම කියන්නේ බනී වගේ සැමියෙක් ලබන්න ඔහු කොතරම් වාසනාවන්තද කියලා.

ඒ වගේම ceo බනී එක්ක ඩේට්ස් වලට ගිහාම වගේම ශොපින් ගිහාම අපහසුතාවයට පත් උනා කියලා පේන්න තිබ්බෙත් නෑ. ඔහුගේ වයිෆි හැම වෙලාවකදීම ඔවුන්ගේ අත් එකට පටලවාගන්නවා ඇවිදිද්දි.

ඒවගේම ඔහුට තවමත් මතක තිබුනා පලවෙනි පාරට ඔහුට හරි විදිහට සලකපු නැති මෝල් එකේ ගාඩ්ස්ලාට වයිෆි කරපු දේවල්. ඒවගේම ඔහුට ඒ මොහොතේ වයිෆි තමාව ඒ හැමෝම ඉස්සරහා ඔහුගේ සැමියා කියලා පිලිගත්තු මොහොත මතක් වෙව්වි තමන්ගේ බඩ ඇතුලේ අමුතු කුචියක් දැනෙනවා වගේ බනීට දැනුනා.

ඒ නිසා බනී ඔහුගේ සැමියා උන එක ගැන ටේහ්‍යුන් ලැජ්ජාවට පත් වෙන්න කිසිම හේතුවක් නෑ. එහෙනම් මොකද්ද හේතුව? බනී ගොඩක් හිතන්න ගත්තා ඔහුගේ වයිෆි ඔහුව තමාගේ සැමියා විදිහට පිලිනොගෙන තමා වැඩකාරයෙක් විදිහට අදුන්වලා දුන්න හේතුව ගැන.

ඒත් වේගෙන් වැහුන දොරක ශබ්ධයක් එක්ක ඔහුට තේරුනා ඔහුගේ වයිෆි ගෙදර ඇවිත් කියලා. ටික වෙලාවකින් ඔහුගේ මූන ඉස්සරහා හිටියේ තරහා ගිය පෙනුමකින් හිටිය ටේහ්‍යුන්.

𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎Where stories live. Discover now