" සුභ සන්ද්‍යාවක් පොඩි මහත්තයා.. "ටේහ්‍යුන් වෙනුවෙන් විශාල ඕක් දොර විවර කල සේවකයා ටේහ්‍යුන්ට ග්‍රීට් කලා.
නමුත් ටේහ්‍යුන් ඔහුව නෑසුනා මෙන් දොරෙන් ඇතුලු වී කෙලින්ම කෑම ගන්නා ශාලාවට ඇතුලු උනා. වෙන මොකේකටවත් නෙමෙයි එයාගේ දෙමව්පියන් එක්ක ආහාර අරගෙන ඉක්මනින් එයාගෙ අපාට්මන්ට් එකට යන්න.
ඔහු දැක්කා ඔහුගේ දෙමව්පියන් දැනටමත් අසුන්ගෙන සිටින මේසය මත විවිධ වර්ගයේ රසවත් ආහාර පුරවලා
තියෙන බව. ඔවුන්ගේ සේවකයෝ කෑම ශාලාවේ කොනක පේලියට සිටගෙන සිටියේ ඔවුන්ගේ ස්වාමියන්ට සේවාවන් ලබාදීමට සූදානමින්." ඇති යාන්තම් ඔයා ඇවිත්.. මම හිතුවා ඔයා ඔයාගෙ අදහස වෙනස් කරන් අපි කියපු දේ නොසලකා හැරලා කියලා.."
ටේහ්‍යුන්ගේ පියා සන්සුන් විදිහට එහෙම කිව්වත් පැහැදිලිවම ඒ කටහඩේ උපහාසයක් ගැබ්ව තිබුනා.
මොනා උනත් ඔහු හිතුන් ස්තූතිවන්ත උනා එයාගෙ පුතා මෙතනට ආවට.
මොකද සාමාන්‍යෙන් ටේහ්‍යුන් කරන්නේ උරහිස් ගස්සලා තමා එන්න අකමැති බව හැගවීම පමණයි දෙමව්පියන්ගෙන් ලැබෙන ආරාධනාවකට.ටේහ්‍යුන් ඔහුගේ දෙමව්පියනට කිසිදු පිලිතුරක් නොදී ඔවුන්ගේ කම්මුල් වල සිපුමක් තැවරුවේ ආචාරකිරීමක් විදිහට. ඊට පසෙ ටේහ්‍යුන් කෙලින්ම ඔහුගේ පුටුවට ගිහින් නිශ්ශබ්දව ආහාර ගැනීමට පටන් ගත්තා.
" ඉතින් ඔයාලට මාත් එක්කමොනාද සාකච්ඡා කරන්න තියෙන්නෙ? "
ටේහ්‍යුන් සීතල විදිහට ඔහුගේ දෙමව්පියන්ගෙන් ඇහුවේ ඔහු ආහාර ගෙන අවසන් වූ වහාම.
" මං කෙලින්ම කාරණාවට බහින්නම් පුතා. ඔයා මේ වෙනකොට හරි වයසේ වගේම හොද මූල්‍යමය ස්තාවර තත්වයක ඉන්නවා. මේ වෙනකොට ඔයාගේ ජීවිතයට සහකරුවෙක් ඕනෙ.. ඒ වගේම ඔයාගේ අම්මයි මමයි තීරණය කලා ඔයාට විවාහයක් තීන්දු කරන්න.. "
නැම්ජූන් හැමදෙයක්ම ටේහ්‍යුන්ට ඉතාමත් පැහැදිලිව වගේම පරිස්සමින්
පැහැදිලි කරලා දුන්නා." WHAT?! ඔයා මොකක් මොකක් කලා කියලද දැන් ඔය කිව්වෙ මගේ අවසරය නැතුව?! ඔයාලා හිතාන් ඉන්නෙ මං කවුරු කියලද? මම මට ඕනෙ දේවල් තෝරගන්න බැරි ආබාදිතයෙක් කියලා හිතුවද?! "
YOU ARE READING
𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎
Fantasyමේ පොතේ ඔරිජිනල් එක english. මම මේ පොතේ ඔරිජිනල් ඕතර්ගෙන් අවසර අරගෙන තමා ඒක සිංහලට ට්‍රාන්ස්ලේට් කලේ.. මට දැන් ඔරිජිනල් ඕතර්ව මෙන්ශන් කරන්න මතක නෑ.. ඒ නිසා ක්‍රෙඩිට් දීලා නෑ කියලා රිපෝට් කරන්න එපා බබාලා..