🚫⚠️️කිසිම අයුරකින් මෙම කතාව උපුටාගැනීම හෝ තවත් තැනක පල කිරීම සපුරා තහනම්. එසේ පලකිරීමට අවශ්‍ය නම් කරුණාකර මාගෙන් ඒ සදහා අනුමැතිය ලබාගන්න⚠️️🚫
.........................................ටේහ්‍යුන් මහ රෑ ඇහැරුනේ සද්දෙන් ගහන අකුනුවල සද්දෙයි තද වැස්සයි නිසා.
ඔහු ආපහු නිදාගන්න හැදුවත් නින්ද ගියේ නෑ. කරදර කාරී ශබ්දයක් නගපු ටේහ්‍යුන් කොට්ටෙ අස්සේ ඔලුව ගහන් ආපහු නිදාගන්න උත්සාහා කලා.
ඒත් ඔහු ආපහු අසාර්ථක උනා. ඔහුගේ නින්දට මේ වෙද්දිත් බාදාවෙලා තිබ්බා වගේම ආපහු නින්දට වැටෙන්න එයාට අනිවාර්යයෙන්ම පැය ගානක් ගතවෙයි. ඒ වගේම ඔහුට තිබහකුත් දැනුනා. ඒ නිසා ඔහු හිතුවා කුස්සියට ගිහින් වතුර ටිකක් බොන්න.
ඇදෙන් බැස්ස ඔහුව ගැහෙන්න ගත්තේ මේ වෙලාවේ තිබුනු සීතල දේශගුණය වගේම එයාගේ ගෙදර වායුසමීකරණයේ සීතල නිසා. ඒවගේම මේ අවස්ථාවට ඔහුගේ තුනී නිදන ඇදුම කොහෙත්ම උදව් කලේ නෑ. ඒ නිසා ඔහු ඔහුගේ සිල්ක් රොබ් එක ඇග වටේ ඔතාගෙන කාමරෙන් එලියට ගියා.
සාලේ දිහාවට යනකොට ඔහුව සීතලෙන් ගල්ගැහුනා. ඔහුගේ ඇහිබැමි එකට ලං උනේ සාලේ මැද ඇදුම් ගොඩක් වගේම තුනී බ්ලැන්කට් එකක් දාලා තියෙනවා දැක්කාම.
ඔහුට දැනටමත් අදහසක් තිබ්බා මේ වැඩේ කලේ කව්ද කියලා. ඒත් ඔහු කල්පනා කලා ඒ ඇයි කියලා. ඒත් ඔහු ඒක පැත්තකින් තියලා බනී කොහේ ඇද්ද කියලා කල්පනා කලා. ඔහු කුස්සියට යන්න ගියේ බනීට හදිස්සියේම බඩගින්නක් ඇවිත් මොනවා හරි කන්න කුස්සියට යන්න ඇති කියලා හිතාගෙන. නමුත් සාලේ මැද තිබ්බ තුනී බ්ලැන්කට් එකේ පොඩි සෙලවීමක් ඔහුගේ අවධානය දිනාගත්තා.
ඔහු පැකිලීමෙන් උනත් ඒ බ්ලැන්කට් එක ලගට අඩියක් තිබ්බා. ඒත් එක්කම බ්ලැන්කට් එක තිබ්බ තැනින් හරිම පොඩි වගේම ගොඩක් කියුට් කිවිසුමක සද්දයක් ඇහුනා.
ඔහු ඇහිබැමි එකට කරන් බ්ලැන්කට් එක මැද්දේ හෙලවෙමින් තිබ්බ දේ ලගට ගියා. ඔහුට දැනටමත් කලුපාට බූල් ගොඩක් පෙනුනා. ඒකෙන් එයාගෙ මූනෙ තිබුනු බැල්ම තවත් වැඩි උනා.
YOU ARE READING
𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎
Fantasyමේ පොතේ ඔරිජිනල් එක english. මම මේ පොතේ ඔරිජිනල් ඕතර්ගෙන් අවසර අරගෙන තමා ඒක සිංහලට ට්‍රාන්ස්ලේට් කලේ.. මට දැන් ඔරිජිනල් ඕතර්ව මෙන්ශන් කරන්න මතක නෑ.. ඒ නිසා ක්‍රෙඩිට් දීලා නෑ කියලා රිපෝට් කරන්න එපා බබාලා..