Chapter 10

402 50 3
                                    

දඟ බෝලයක් උන බනී හයිබ්‍රීඩ් හරිම සතුටින් ආපහු එයාගේ වයිෆීගේ ගේ ඇතුලට ඔඇන පැන ගිහින් ආරක්ශිත විදිහට ගේ ලොක් කරගත්තා. ඊලගට එයා කල්පනා කලේ මේ සාගරයක් වගේ ලොකු ගේ ඇතුලේ ඉදන් කරන්න දෙයක්.

" හුම්ම්.. ගුකීට මොකද්ද කරන්න පුලුවන්? "

එයා එයාගෙන්ම අහගත්තේ එයාගේ නිකටටත් තට්ටු දදා. එයාගේ ඔලුව මේ වෙලාවේ එක එක අදහස් වලින් පිරිලා ගිහින් තිබුනා.

" ආහ්! කූ මුලින්ම හියුන්ගිගේ නිදන කාමරය අස් කරන්න ඕනෙ.. ඊලගට.. ඊලගට කුස්සිය.. ඊට පස්සෙ සාලේ.. ඉ- ඊට පස්සෙ මොකද්ද?? උහුම්.. ස්- සමහර විට කූට හියුන්ගිගේ ඇදුනුත් සෝදන්න පුලුවන් වෙයිද?? ඔව්! ගුකී දැන්ම පටන් ගන්න ඕනේ.."

ජියෝන්ගුක් සතුටින් කෑගහලා වැඩ කරන්න පටන් ගත්තා. එයා ගොඩක් ආසාවෙන් හිටියේ එයාගෙ හියුන්ගිගේ එපාට්මන්ට් එක ක්ලීන් කරන්න. එයා ගේ අස් කලේ එයාගේ හියුන්ගිගෙන් අද හවසට හොද අහගන්න පුලුවන් වෙන එක ගැන සිහින මවමින්.

එයා සතුටින් උඩ පැන පැන ටේහ්‍යුන්ගේ කාමරේට යනගමන් හිටියේ. ඒත් එකපාරටම එයාගේ මොලේට ආව දෙයක් නිසා එයා කාමරේ පාමුලම නැවතුනා.

" ම්- මොකද වෙන්නෙ හියුන්ගි තරහා ගත්තොත්.. ගුකී එයාගෙ දේවල් ඇල්ලුවා කියලා?? "

එයා ආපහු එයාගෙන්ම අහගත්තා. මේ පාර එයා තොල් දෙකත් උල් කරගත්තා. මොකද මේ පාර එයාගෙ වයිෆි එයාට බනින්න තියෙන සම්භාවිතාවය වැඩීයි.

" නොප්.. මගේ හියුන්ගි හොදයි.. එ.. එයා ගුකීට බැන්නෙත් නෑ ගුකී හියුන්ගිගේ කුස්සිය පාවිච්චි කලා කියලා. ගුකීට ව්- විශ්වාසයි.."

හාපැටියා එයාවම සනසවාගත්තා.

ඊට පස්සෙ කාමරේක දොර ඇරගෙන ඇතුලට ආව ජියෝන්ගුක් දැක්කේ සුපිරියටම පිරිසිදුව තියෙන කාමරයක්. ඒක කවුරුවත් පාවිච්චි කරන එකක් කියලා හොයන්නත් බෑ. ඉතින් එයා තව රූම් එකකට ගියේ එයාගේ වයිෆිගේ නිදන කාමරය අමතක කලාට.එයාටම බැනගන්න ගමන්.

කොහොමින් හරි එයාට දෙවෙනි තට්ටුවේ කොරිඩෝවක අවසානෙටම තිබ්බ ටේහ්‍යුන්ගේ කාමරය හොයාගන්න පුලුවන් උනා.

𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎Where stories live. Discover now