Chapter 37 Bonus end

962 65 23
                                    

Taehyung pov:

මම හැදුවේ බනීව මගේ ලගින් යවන්න. මොකද මම එයාට පොරොන්දු උනා ආපහු කවමදාකවත් එයාගේ ඉස්සරහට එන්නෙ නෑ කියලා. මම හැමතිස්සෙම මගේ පොරොන්දු ඉශ්ඨ කරනවා. ඒක මගේ ප්‍රථිපත්තියක්.

ඒත් පරණ හිටිය බනී වගේ නෙමෙයි, දැන් ඉන්න jeongguk ගොඩක් පොසෙසිව්.

කොච්චර කියලා එයාව මගේ ලගින් යවන්න හැදුවත් ඒ වැඩේ හරිගියේ නෑ. අවසානෙට මගේ හිතේ මෙච්චර කල් මම හංගගෙන තියාගෙන හිටිය කේන්තියයි, දුකයි, වේදනාවයි දිය යට ගිය බෝලයක් වගේ උඩට මතු උන එක විතරයි උනේ.

මම එයාට කෑගැහුවා, ඇඩුවා.. ඒත් එයා මං ලගින් ඈත් උන්නෑ. එයා මගෙන් සමාව ගත්තා.. ඒත් ඒ සමාවට මගේ හැඩිලා පොඩිවෙලා ගිය හදවතේ විසිරිච්ච කෑලි ආපහු එකතු කරන්න අමාරුයි.

මම මගේ හිතේ තිබ්බ දුක කෑගගහා කියලා අඩද්දි මම නොහිතපු දෙයක් උනා. Jeongguk එකපාරටම මාව තදින් බදාගත්තා! ඒත් එයත් තදින් ඉකි ගගහා අඩනවා. එයා කියන වචන වලින්ම මට තේරුනා මේ ඉන්නේ පරිනත jeongguk නෙමෙයි මගේ අහින්සක මෝඩ බනී කියලා.

ඒත් තවමත් මම සූදානම් නෑ එයාට සමාව දෙන්න. මම එයාගේ තුරුලෙන් ඈත් වෙන්න දැගලුවා. මගේ ඇග වටේට ආරක්ශාකාරීව එතිලා තිබ්බ අත් මම ගලවන්න හැදුවා. ඒත් හරිගියේ නෑ.. jeongguk මට වඩා ගොඩක් ශක්තිමත්. අනික මම දැන් කලින් හිටියාටත් වඩා දුර්වලයි.

මගේ හිත කොච්චර කෑගැහුවත් බනීගෙ පපුවට තුරුලු වෙලා හිතේ තියෙන දුක ඉවරවෙනකන් අඩපන් කියලා, මේ වෙලාවේ මට ඒක කරන්න උවමනා උනේ නෑ.

මං මෙච්චර කාලයක් හීනෙන් පවා දැක්කේ මගේ බනී එක්ක මම ආදරෙන් තුරුල් වෙලා ඉන්නවා. ඒත් මට තවදුරටත් එහෙම ඉන්න ඕනෙ නෑ. මගේ හිත කොච්චර බනීව ඉල්ලලා පණ ඇද්දත්, මගේ මොලේ ඊට වඩා මුරණ්ඩුයි.

බනී මාව අතාරින්නෙම නැති තැන මම එයාව මගෙන් ඈත් කරන්න හදන උත්සාහය නැවැත්තුවා. දගලන්න බෑ මට.. ගොඩක් මහන්සීයි.. ඒත් තවමත් මගේ ඇඩිල්ල එහෙම්මමයි.. මේ කදුලු වෙලා, විලාප වෙලා පිටවෙන්නේ මගේ හිතේ ගොඩ කාලයක් පල් වෙච්ච හැගීම්.

ඉතින් ඒවා එහෙම ලේසියෙන් නවත්තන්න පුලුවන්ද?

බනීව මගේ ඇගෙන් අයින් කරන්න හැදුව උත්සාහය මම නවත්තලා අත් දෙක ඇද උඩ එහෙම්මම කඩා වැට්ටුවා. අඩුම මගේ ඇගිල්ලක්වත් බනීගේ ඇගේ වැදුනේ නෑ.

𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎Where stories live. Discover now