Chapter 12

481 57 1
                                    

ටේහ්‍යුන් දැන් හිටියේ ඇද මත ආහාර ගන්න ගමන්. ඔහුගේ ඔලුවේ කැක්කුම සම්පූර්ණයෙන්ම නැතිවෙලා තිබ්බා. ඔහු ඇස් කොනෙන් මෙච්චර වෙලා ඇදේ පැත්තක ඉදගෙන ඉන්න bunny දිහා බැලුවා මොකද ඔහු තමන් දිහා දිගටම එකම විදිහට බලාගෙන හිටියා කියලා ඔහු දැනගෙන හිටියා. ඒ වගේම ඒක වැඩිමල් කෙනාව බයකෙරෙව්වා.

" මං දිහා ඔහොම බලාගෙන ඉන්න එක නවත්තන්න! ඔයා හරිම බලාං ඉද්දි මට බය හිතෙනවා"

අවසානයේ තවත් බලාගෙන ඉදලා බැරිම තැන ඔහු කිව්වා.

" Owww.. ගුකී බය කලල්ලෑ.. ගුකී නිකං බ්- බලාං ඉන්නො විතලයි.. ව්- වයිෆි අමාරුවෙන්ද ඉන්නෙ කීලා.. "

Jeongguk soft විදිහට කිව්වේ තවමත් කලින් විදිහටම බලාගෙනයි.

" මම හොදින්, ඒ නිසා ඔය වගේ බය හිතෙන විදිහට මං දිහා බලන එක නවත්‍තන්න. ඒක නෙමේ.. ඇයි මගේ ඇදුම් වෙනස්? මට මතක නෑ මම ඊයේ රෑ මේවා ඇදගත්ත විදිහක්"

ටේහ්‍යුන් සැකසහිතව ඇහුවේ කලින් දවසේ රෑ ඔහු ඇදගෙන හිටිය ඇදුම් දැන් වෙනස් වෙලා කියලා දැකලා.

" ගුකී මාරු ක්- කලා ම්- මොකද ඒවා ජරා වෙලා "

ඔහු උත්තර දුන්නේ හරියට ඒක සාමාන්‍ය දෙයක් වගේ.

" මොකක්! තමුන් මගේ ඇවුම් ගැලෙව්වා මගෙන් අවසරයක් නැතිවම? අසහනකාරී හාවා!"

වැඩිමහල් කෙනා තමන්ගේ අතේ තිබ්බ ඌරු මස් කෑල්ල ඇමිනිලා තිබ්බ ගෑරප්පුව bunny දිහාවට දික් කරලා ඔහුව වැරදිකාරයා කරලා ඔහුට තර්ජනය කරනවා වගේ කිව්වා.

" අහ් නෑ.. නෑ.. ගුකී එහෙම ක්- කෙනෙක් නෙමේ.. ගුකී පොරොන්දු වෙනවා ගුකී හ්- හොරෙං බැලුවේ නෑ කීලා. බනී මේ ව්- විදිහට ඇස් වහගත්තා"

දැන්, ගොඩක් කලබල වෙලා හිටිය jeongguk හදිස්සියෙන් කිව්වා. ඔහු අන්තිමට වැමෑරුවා කලින් දවසේ රාත්‍රියේ කලේ මොනාද කියලා.

දැන් මෙතන සිද්ද වෙච්ච දේ හරිම හාස්‍යජනකයි. ඒ නිසාම ටේහ්‍යුන්ට බැරි උනා ඔහු හිනාවෙන් පුපුරලා යන එක නවත්තන්න.

" Woah... හියුංගි හරි ලස්සනයි"

Jeongguk කිව්වේ ලොකු වෙච්ච ඇස් වලින් වගේම කටකින්, තමන් ඉස්සරහා මැවෙන දර්ශනයෙන් සම්පූර්ණයෙන්ම වශීකෘත වෙලා. ඒක තමයි ඔහුගේ පලවෙනි වතාව ඔහුගේ wife හිනාවෙනවා දැකපු.

𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎Where stories live. Discover now