Chapter 33

404 39 2
                                    

Taehyung's pov

මම මේ වෙලාවේ ඉන්නේ බනීගේ පාටි එක තියන්න ලෑස්ති කරලා තිබ්බ මැන්ශන් එකේ පිටුපස වත්තේ.

මට පේනවා මගේ දෙමව්පියෝ එතන හදලා තිබ්බ මිමි ස්ටේජ් එක ලග ඉදගෙන එකිනෙකා එක්ක කතා කර කර ඉන්නවා. ඒ අතර මගේ යාලුවෝ ජිමින්, යුන්ගි, හෝසොක් කතා කර කර ඉන්නවා තවත් පැත්තක.

මමයි මගේ යාලුවොයි අතර තව දුරටත් කිසිම කතාවක් උනේ නෑ එයාලා කලින් වෙච්ච සිද්දිය දැනගත්තාට පස්සෙ. එයාලා මාත් එක්ක කේන්ති ගත්තා වගේම මම ඒක හිතලා කරපු දෙයක් කියලා මාව සැක කලා.

ඒත් මට එයාලාව තේරෙනවා. හැමතිස්සෙම ලෝකය දැක්කේ මාව නරක කෙනා විදිහට. මම කිසිම හේතුවක් නැතුව හැමෝටම නපුරු වෙච්ච උඩගු කිම් ටේහ්‍යුන්. එයාලා එහෙමයි මාව දන්නෙ. එයාලාගේ හිතට වගේම ඇස් වලටත් මම එහෙමයි.

ඒත්, මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා, මෙච්චර කාලයක් මං ලගින් හිටිය හැමෝම මාව එපා කියලා දාලා.ගියත් තවමත් මං ලගින් රැදෙන මගේ පුංචි මල් පෙත්තටයි මගේ හස්බන්ටයි.

එයාලා නිසයි මම තවමත් ජීවත් වෙන්නෙ. මම හිතනවා කවදාහරි දවසක මේ හැම කරදරයක්ම නතරවෙලා අපිට එක පව්ලක් විදිහට එක වහලක් යට ජීවිතේ ගෙවන්න පුලුවන් වෙයි කියලා.

දැන්, මම ආපහු මගේ හස්බන්ව හොයාගන්න ඕනෙ. මම මගේ බැල්ම එහා මෙහා යැව්වෙ මගේ.කියුට් බනීව හොයාගන්න.

ටික වෙලාවකට පස්සේ මම දැක්කා මගේ බනී අර කූඩැල්ලා වගේ ඉන්න පූස් හයිබ්‍රීඩ් එක්ක වත්තේ ගොඩක් දුර කොනක ඉන්නවා. මට එයාලාව හොයාගන්න ටික වෙලාවක් ගියා. මොකද සැරසිලි නිසා එයාලාව හරියට පෙනුනෙ නෑ.

මම එයාලා ලගට යන්න යන්න මගේ මූනේ එරවිල්ලක් ඇදුනා. මොකද මම දැක්කා ඒ කෙල්ල මගේ සැමියට කොච්චර ලගින්ද ඉන්නෙ කියලා.

ඇය දිගින් දිගටම jeongguk ගේ පපුවත්, අතුත් අල්ලමින් හිටියේ, ඒවගේම එයා ඒක කරන්න කිසිම පැකිලීමක් දැක්කුවෙත් නෑ. මම දැනං හිටියා! ඔය සුරංගනාවියක් වගේ තියෙන ලස්සන මූන පිටිපස්සේ ඉන්නෙ තනිකරම බැල්ලියක්!

මගේ ඇස් ඉස්සරහම මේ වගේ මගෙ සැමියාව අල්ලන්න එයාට කොහෙන් ආපු හයියක්ද? මම ඒකිට අද හොද පාඩමක් උගන්නනවා!

𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎Where stories live. Discover now