Chapter 11

314 41 0
                                    

ටික ටික කාලය ගෙවිලා ගිහින් උදේ උනේ ටේහ්‍යුන්ට දැන් නැගිටින්න වෙලාව උදාවෙලා කියලා හගවමින්. නමුත් ඔහු නැගිට්ටම ඔහු බලාපොරොත්තු උනේ නැති විදිහට ඔලුව පිස්සුවෙන් වගේ රිදෙන්න ගත්තේ කලින් රැයේ ඔහු පාවිච්චි කලේ ටිකක් ලොකු ඇල්කොහොල් ප්‍රමාණයක් නිසා.

" ආහ්හ්හ්.. ඒක රිදෙනවා.."

ඔහු හිමින් මුමුණලා ඔලුව තදින් අල්ලාගත්තා.

ඔහු නිකන්ම ඇදේ ඇලවිලා හිටියා. ඔහු හිතුවා හිමින් සැරේ මේ ඔලුවේ කැක්කුම තුරන් වෙලා යයි කියලා. නමුත් පැයක් ගෙවිලා යනවිටත් ඔහු ඒ ඔලුවේකැක්කුමෙන්ම පීඩා වින්දා. ඒක හරියට නිකන් ඔහුගේ ඔලුව දෙකට වෙන් වෙන්න එනවා වගේ.

" අහකට යන්න.."

ඔහු තමන්ටම මුමුණගනිමින් තදින් ඉකිගැහුවා. ඔහු ඔලුව තදින් මිරිකමින් හැදුවේ ඔහුගේ ඔලුවේකැක්කුම පලවාහරින්න.

මේ වගේ දෙයක් අත්දකින පලවෙනි අවස්ථවයි මේ ඔහුගේ. සාමාන්‍යෙන් නම් ඔහු ගොඩක් සැලකිලිමත් වෙනවා ඔහු කොච්චර ඇල්කොහොල් ප්‍රමාණයක් භාවිතා කරනවාද කියලා. ඔහු කවදාවත් පමණ ඉක්මවා බීලා නෑ. ඒත් ඔහු ඊයේ වැටෙනකන්ම බිව්වා. වෙනතක් තියා ඊයේ එයා එක්ක හිටිය ජිමින් පවා ටේහ්‍යුන් එච්චර බොන එකෙන් වලක්වන්න උත්සාහා කලා.

ඔහු ඇත්තටම දැනගෙන හිටියේ නෑ ඔහු කොහොමද ජිමින්ගේ උදව්වක් නැතිව ඇද උඩට නැග්ගේ කියලාවත්. මොකද ඔහු දැනගෙන හිටියා ජිමින් ඔහුව ඔහුගේ ගෙදර දොර ලගදිම තනිකරලා ගියා කියලා. මොකද කොට කෙනා තමන්ගේ අවසරය නැතිව මේ ගෙදරට ඇතුල් වෙන්න හීනෙකින්වත් හිතන්නේ නෑ කියලා ඔහු දැනගෙන හිටියා.

" හියුංගී~~~ ගුම්මෝනිල්!...
ග්- ගුකීට එන්න පුලාංද? ගුකී වයිෆිට දෙයක් හැදුවා--හියුන්ගී?! උයා අඩනෝද? "

Jeongguk ගේ හිස හදිසියේම ටේහ්‍යුන්ගේ කාමරේ බාගෙට ඇරී තිබූ දොර අතරින් මතු උනා. ඔහු ලොකු උද්‍යෝගයකින් ඔහුගේ බිරිදට greet කලත් ටේගේ වේදනාකාරී ඉරියව් වගේම කම්මුල් වල වේලිලා ගියපු කදුලු පාරවල් නිසා ඔහු ඉක්මනින්ම කනගාටු වන සැමියෙක් විදිහට මාරු උනා. ඔහු ටේහ්‍යුන්ගේ කාමරයට ඇතුලු උනේ වැඩිමලාගේ පිලිතුර සදහා නවතින්නේ නැතුව.

𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎Where stories live. Discover now