මැන්ශන් එකෙන් පැනලා දුවලා ඈතකට ආවට පස්සේ ටේහ්‍යුන්ට තේරුනා එයාගෙ පස්සෙ මිනිස්සු ගොඩ දෙනෙක් පන්නගෙන එනවා කියලා. එයාට හිතුනා ඒ එක්කො පැපරාසි කාරයෝ, නැත්තම් එයාව වෛර කරන මිනිස්සු හෝ කලින් හිටිය ගොඩක් පෝසත් උරුමක්කාරයාව මංකොල්ල කන්න හිතාගෙන ඉන්න මිනිස්සු කියලා.
එයාට එයාගෙ ගෙදරට යන්න නම් කෝච්චියෙන් යන්න ඕනෙ. එයාට ගොඩක් තදින් උවමනා උනා තනි වෙන්න, හදවත එලියට එනකන් එයාට අඩන්න උවමනා උනා, එයාට බෑ මුලු ලෝකෙටම එයා කොච්චර කඩාවැටිලද කියලා පේන්න දෙන්න, ඒකයි එයාට පුලුවන් ඉක්මනට එයාගේ ගේ අස්සට රිංගගන්න උවමනා උනේ.
ඒත් අවාසනාවට එයාට එයාගෙ මූන වහගන්න අමතක උනා. මොකද ඒ මොහොතේත් එයාගේ ඔලුවේ ගොඩක් දේවල් වැඩ කලා.
ඒ වගේම එයා දැන් එයාගේ ඒ ක්‍රියාවේ ප්‍රථිපල විදින ගමන්. එයා දැන් එයාගේ නොවටිනා ජීවිතය වෙනුවෙන් දුවන ගමන්. එයා ඇතුලේ වැඩෙන පුංචි පැටියා නොහිටින්න, ටේහ්‍යුන් මෙලහකටත් එයාගේ පස්සෙන් පන්නන මිනිස්සුන්ට බොහෝම කැමැත්තෙම් යටත් වෙලා. මොකද එයාට දැන් එයාගේ ජීවිතයේ ඇති වැදගත් කමක් නෑ. මේ ලෝකය එයාට ගොඩක් කෲර ස්ථානයක්.
තවමත්, ඒක එයාට හරි වෙලාව නෙමෙය් භාරවෙන්න. එයාට තියෙනවා ජීවිතයක් බේරගෙන බලාගන්න. ඒ එයාගේ මුලු ජීවිත කාලෙටම එකම එකපාරක් එයා කාගේ හරි ආදරය කරුණාව ලබලා තියෙනවා කියන ලකුන. විශේශෙන්ම එයාගේ චූටි මට එයාගේ ආදරණීය සැමියාගේ කොටසක්.
ඉතින් එයා දිව්වා, දිව්වා, කකුල් රිදෙනකන්ම දිව්වා. ඒත් එයා නැවතුනේ නෑ. එයා හිස හැරුන අතේ දිව්වේ එයාගේ ශරීරය තවත් දුවන්න බෑ කියනකොට. එයාගේ එකම අධිශ්ඨානය උනේ එයාගේ චූටි රෝස මල, එයාගේ පස්සෙන් පන්නන නරක නපුරු මිනිස්සුන්ගෙන් පුලුවන් තරම් ඈතකට අරගෙන යන්න.
එයාගේ හදවත ප්‍රාර්ථනා කලා ආශ්චර්යවත් විදිහට ජිමින් එකපාරටම කොහෙන් හරි මතු වෙලා එයාලාව බේරගනීවි කියලා. එයා ඇත්තෙන්ම විශ්වාස කලා ජිමින් එයාට අනුකම්පාව දක්වයි කියලා, එයාට නැති උනත් අවම වශයෙන් එයාගේ දරුවාටවත්. එයා දන්නවා ජිමින්ට තියෙන්නේ මෘදු වගේම හොද හදවතක් කියලා. ඒනිසා එයා දැනගෙන හිටියා එයාගේ කලින් යාලුවා එයාට උදව් කරාවී කියලා. ඒකයි එයා මුලින්ම ජිමින්ට කත කලේ.
YOU ARE READING
𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎
Fantasyමේ පොතේ ඔරිජිනල් එක english. මම මේ පොතේ ඔරිජිනල් ඕතර්ගෙන් අවසර අරගෙන තමා ඒක සිංහලට ට්‍රාන්ස්ලේට් කලේ.. මට දැන් ඔරිජිනල් ඕතර්ව මෙන්ශන් කරන්න මතක නෑ.. ඒ නිසා ක්‍රෙඩිට් දීලා නෑ කියලා රිපෝට් කරන්න එපා බබාලා..