පැය ගානක හිතීමෙන් වගේම තමන්ගේ තට්වය ගැන නැවත සලකා බැලීමෙන් පස්සෙ ටේහ්‍යුන් අන්තිමට ආපහු තමන්ගේ සැමියාගෙ හොස්පිට්ල් කාමරේට ආවා.
ටේහ්‍යුන්ගේ පැමිනීම එයාගෙ දෙමව්පියන්ව පුදුම කෙරෙව්වත් ඒ වෙලාවේ බනී නම් හිටියේ එයාගෙ ඇද උඩ කියුට් විදිහට නිදාගෙන. ටේහ්‍යුන් අඩාගෙන එලියට දිව්ව වෙලාවෙ, එයාලා හිතුවේ ඔහු දැනටමත් ඩිවෝස් වෙන්න හිත හදාගෙන ඇති කියලා හරි නැත්තම් jeongguk එක්ක තරහා ගිහින් දැන් ගිහින් දවස් කිහිපයකට පස්සෙ නැවත එයි කියලා.
ඒත් ඔවුන් හිතුවේ නෑ ටේහ්‍යුන් කාමරෙන් ගිහින් පැය කිහිපයකින් ආයෙම එයි කියලා.
" ඇයි එයා මෙහෙ? එයා කේන්තියෙන් නෙමෙයිද? "
ඒවා තමයි ඔවුන්ගේ සිතුවිලි උනේ සම්පූර්ණයෙන්ම සන්සුන් ටේහ්‍යුන් ව දැක්කාම. ටිකකට කලින් එයා අඩමින් සහ අයදිමින් හිටියා කියලා කියන්නවත් දැන් බැරි උනා.
" ඔයා මොනාද මෙතන කරන්නෙ? "
පත් වෙලා හිටිය පුදුමයෙන් එලියට ඇවිත් මුලින්ම කතා කලේ නැම්ජූන්.
" ඇත්තෙන්ම, මම මෙතනට ආවෙ මගේ සැමියා මෙතන නිසා, mir. Kim"
ටේහ්‍යුන් කිව්වේ ඒක හරිම පැහැදිලි දෙයක් වගේ. ඒවගේම ඔහු අමතක කලේ නෑ ඔහුගේ පියාට ඔහුගේ වාසගමෙන් අමතන්නත්.
" ඔයාට හැමදේම තේරෙන්නෙ නැද්ද ටේහ්‍යුන්? Jeongguk ට ඔයාව ඕනෙ නෑ. අනික එයා ඔයාගෙ ඇස් ඉස්සරහාම ඩිවෝස් පේපර්ස් සයින් කලා. Just get the hint and let the man free! "
නැම්ජූන් බාගෙට කෑගැහුවේ නිදාගෙන ඉන්න බනීව ඇහැරවන්න ඔඉනෙ නැති නිසා. තමන්ගේ.පුතා හැමදෙයක්ම නිවැරදි ආකාරයෙන් වෙනවා වගේ හැසිරෙන එකෙන් ඔහුට තවත් එපා උනා.
" මට ඒවයි වැඩක් නෑ මිස්ට කිම්. මම ඩිවෝස් පෙේපර්ස් සයින් කලේ නෑනෙ. ඉතින් ඒක වැඩකට නැති කොල කෑල්ලක් තාම. Jeongguk තාමත් මට බැදිලයි ඉන්නෙ.."
ටේහ්‍යුන් උත්තර දුන්නෙ අපහාසාත්මකව, තමන්ගේ නියපොතු වලට උඩගු විදිහට පිබින ගමන්. හරියට තමන්ගේ දෙමව්පියන්ට අපහාස කරන්න හදනවා වගේ.
YOU ARE READING
𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎
Fantasyමේ පොතේ ඔරිජිනල් එක english. මම මේ පොතේ ඔරිජිනල් ඕතර්ගෙන් අවසර අරගෙන තමා ඒක සිංහලට ට්‍රාන්ස්ලේට් කලේ.. මට දැන් ඔරිජිනල් ඕතර්ව මෙන්ශන් කරන්න මතක නෑ.. ඒ නිසා ක්‍රෙඩිට් දීලා නෑ කියලා රිපෝට් කරන්න එපා බබාලා..