" තමුන් මේව්ගේ දෙයක් කොහොමද කලේ ටේහ්‍යුන්! "
ජින් කෑගැහ්වේ කේන්තියෙන්. ටේහ්‍යුන් ඒ කෑගැහිල්ලට බය උනා මොකද ඔහු තමන්ගේ අම්මව මේ විදිහට දකින්නෙ එයාගෙ ජීවිතේ පලවෙනි වතාවට.
" ම්- මට ස්- සමාවෙන්න අම්මෙ"
ටේහ්‍යුන්ට කියාගන්න පුලුවන් උනේ එච්චරයි. දණින් වැටුන ඔහු සද්දෙන් අඩන්න ගත්තා.
..............................
තමන්ගේ දෙමව්පියන්ගේ මූමු දිහා බලන්න හයියක් නොවුනු ටේහ්‍යුන් තවමත් එයාගේ දණින් වැටිලා අඩන ගමන් හිටියා.
ඔහු වෙච්ච දේවල් තමන්ගේ දෙමව්පියන්ට දැන්වුවාට පස්සෙ හිත ශක්තිමත් කරගත්තත් දැන් ඒගොල්ලොන්ගෙන් ලැබෙන කලකිරුනු සහ කේන්ති ගිය බැල්මවල් නිසා ටේහ්‍යුන් හිතින් කඩා වැටුනා.
ඒත් ඔහු දැනගෙන හිටියා ඔවුන්ගේ කේන්තිය එන්නෙ කොහෙන්ද කියලා. ඔහු දන්නවා ඔහුගේ සැමියාව එයාගේ දෙමව්පියන් කොච්චර අගය කලාද කියලා. ඒවගේම එයා තමයි හේතුව දැන් එයාගෙ සැමියා පැය ගානක් හොස්පිට්ල් එකේ ඔපරේශන් රූම් එකේ සිහිය නැතුව ඉන්නත්.
ඒවගේම එයාගෙත් ලොකු වෙනසක් තිබ්බේ නෑ. ඔහුට තමන්වම ගොඩක් පිලිකුල් උනා, පඩිපෙලෙන් පහලට පැනලා බනී තරම් තමාටත් තුවාලකරගන්න ඕන වෙන තරමටම. ඒත් ඔහුට ඒ තරම් ආත්මාර්ථකාමී වෙන්න බෑ. ඔහුට ආරක්ශා කරගන්න දෙයක් තියෙනවා.
" සමාවෙන්න?! එච්චරයිද ටේහ්‍යුන්? ඔයාගෙ ඔය සමාවට පුලුවන්ද jeongguk ව අර ඔපරේශන් රූම් එකෙන් එලියට අරන් එන්න? තුවාලයක් නැතුව? "
සොක්ජින් කතා කලේ ගොඩක් කෝපාවිශ්ඨව. ඔහු සූදානම් උනේ තමන්ගේ පුතාගේ කනට තව පාරක් ගහන්න. නමුත් නැම්ජූන් ඔහුව නැවැත්තුවා.
" සන්සුන් වෙන්න ජිනී. අපිට මේ ප්‍රශ්නෙ විසදන්න බෑ තව ප්‍රශ්නයක් ඇතිකරගෙන "
නැම්ජූන් කිව්වේ සන්සුන් හඩකින් උනත් එයාගේ මූනෙන් පේනවා එයත් ඉන්නේ කේන්තියෙන් කියලා.
" ඒත් නැම්ජූන්! එයා ඕනවාට වැඩීයි! මම දන්නෙ නෑ අපේ පුතාට මොකද්ද උනේ කියලා! ඒත් අහින්සක කෙනෙක්ට රිද්දන්න පුලුවන් මේවගේ කෙනෙක් අපේ පුතා වෙන්න බෑ!"
YOU ARE READING
𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎
Fantasyමේ පොතේ ඔරිජිනල් එක english. මම මේ පොතේ ඔරිජිනල් ඕතර්ගෙන් අවසර අරගෙන තමා ඒක සිංහලට ට්‍රාන්ස්ලේට් කලේ.. මට දැන් ඔරිජිනල් ඕතර්ව මෙන්ශන් කරන්න මතක නෑ.. ඒ නිසා ක්‍රෙඩිට් දීලා නෑ කියලා රිපෝට් කරන්න එපා බබාලා..