Chapter 30

523 57 0
                                    

මස 2ක් මාරම වේගෙන් ගත උනා. මේ වෙනකොට jeongguk හිටියේ හොස්පිට්ල් එකෙන් ඩිස්චාජ් වෙලා කිම් මැන්ශන් එකේ.

ඒත් ටේහ්‍යුන්ට නම් ඒක ගොඩක් ලොකු දුකක් උනා වගේම ටිකක් අපහසු උනා. මොකද තවමත් එයාගෙ දෙමව්පියෝ එයාට jeongguk එක්ක් එක්ට ජීවත් වෙන්න ඉඩ දෙන්නෙ නෑ. ඒ තියා එයාට කිම් මැන්ශන් එකට එන්න දෙන්නෙත් නෑ. ඉතින් එයාට පුලුවන් උනේ jeongguk ව බලන්න එන්න විතරයි.

ඊලග දේ තමයි, ටේහ්‍යුන්ගේ දෙමව්පියෝ ඇත්තටම ටේහ්‍යුන්ව එයාගෙ තනතුරු වලින් වගේම පවුලෙන් පන්නලා තිබ්බා. ඒක ටේහ්‍යුන්ව පුදුම කලා. මොකද ටේහ්‍යුන් හිතුවේ නෑ කිව්වට එයාගෙ දෙමව්පියන් එහෙම කරයි කියලා. එයා මොකක් හරි නිසා හිතුවා එයාගෙ තාත්තා ඒ කරන්නේ තර්ජනයක් විතරයි කියලා. ඒත් එයා එයාගේ වචන ඇත්ත කලා.

ටේහ්‍යුන්ව කිම් කම්පැනි එකේ co- ceo කියන පෝස්ට් එකෙන් පයින් ගහලා එලියට දාලා තිබ්බා. එයාගේ බැංකු එකව්න්ට් එක ෆ්‍රීස් කරලා තිබ්බේ එයා අතේ එක සතයක්වත් ඉතුරු නොවෙන්කොට.

එයාගෙ දේපල සේරම ආපහු දෙමව්පියෝ එයාලා වෙතට අරගත්තේ ටේහ්‍යුන්ට එයා දැන් ජීවත් වෙන ගෙය විතරක් ඉතුරු කරලා. ටේහ්‍යුන්ට ඒත් සැකයක් තිබ්බා ඒ ගෙදර වැඩි කුලියක් අය කරන නිසා එතන ඉන්න පුලුවන් වෙයිද කියලා තවදුරටත්. එයා වාසනාවන්ත උනා එයාගෙ දෙමව්පියන් එයාගෙ හිසට සෙවනක් ඉතිරි කරන්න කරුණාවන්ත උන නිසා.

එයා ඇත්තටම එක එක ජාතියේ ජොබ්ස් වලට ඉල්ලුම් කලා. එයාට ලොකු විශ්වාසයක් තිබ්බා එයාගේ ඉහල දැනුමයි කලින් වැඩ කරපු පසුබිමයි එක්ක එයාට රස්සාවක් හම්බවෙයි කියලා. ඒත් එයාගෙ බලාපොරොත්තු සේරම සුන් වෙලා ගියේ  එයා ඇප්ලිකේශන් දාපු හැම ජොබ් එකකින්ම එයාව රිජෙක්ට් කරපු නිසා. ඉතින් ඒ නිසා දැන් එයා යැපෙන්නේ එයා අතේ ඉතුරු වෙලා තිබ්බ සොච්චන් මුදලින්. එයාට ඒක ගොඩක් ණුවනක්කාරව වගේම චුට්ට චුට්ට පාවිච්චි කරන්න උනා එයාගෙ දින පතා වියදම් පිරිමහගන්න.

එයාට තේරුම් ගියා එයාව රිජෙක්ට් කරපු හැම ජොබ් එකක හැම කම්පැනි එකක් පිටිපස්සෙම ඉන්නේ එයාගෙ දෙමව්පියන් කියලා. අඩුම කුඩාම ව්‍යාපාරයක පවා. එයාලාට ඇත්තටම ටේහ්‍යුන්ගේ ජීවිතයට අමාරු කාලයක් දෙන්න ඕනෙ උනා. ඒවගේම දැන් ඒක ටේහ්‍යුන් විදිනවා. ඒක ඇත්තෙන්ම හොද දඩුවමක්.

𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎Where stories live. Discover now