ටේහ්‍යුන් එයාගෙ කෑම වේල සම්පූර්ණයෙන්ම රසවින්දට පස්සෙ එයාගෙ මනසේ හාපැටියා ගැන තිබ්බ සේරම නරක සිතුවිලි ටික මොහොතකට යන්න ගියා. එයාට ඒ නිසා එයාගේ වැඩ වලට සාවදානව අවධානය යොමු කරන්න පුලුවන් උනා.
ලස්සන පිරිමි ලමයා හිටියේ වැදගත් ඩොකියුමන්ට්ස් වගයකට එයාගෙ අත්සන යොදන ගමන්. ඒත් එයාගේ අවධානය පිට ගියේ එයාගෙ කැබින් එකේ දොරෙන් නැගුනු තට්ටු කරන හඩක් නිසා වගේම එයාට කතාකරන හඩක් නිසා.
" ටේ.. පුතේ.. මේ මම.. "
ටේහ්‍යුන් ඒ හඩින්ම අදුනගත්තා ඒ එයාගේ තාත්තා කියලා.
" come in.. "
ටේහ්‍යුන් හැගීම් විරහිත හඩකින් එහෙම කිව්වා. මොකද ඔහු තවමත් එයාගෙ අප්පා එක්ක හිටියේ තරහින්.
" මට සෙකට්‍රි කිව්වා ඔයා ඔෆිස් ආවා කියලා.. ඇත්තටම ටේ.. ඔය මොනවද මෙහෙ කරන්නෙ? ඔයා හරිනම් මේ වෙලාවෙ ඉන්න ඕනෙ ඔයාගෙ honeymoon එකට ඔයාගෙ හස්බන් එක්ක ගමන් කරන ගමන්. මම ඔයාට ඒකට සති දෙකක නිවාඩුවකුත් දුන්නා."
නැම්ජූන් ටේහ්‍යුන්ගේ කැබින් එකට ආව ගමන් ප්‍රශ්න පත්තරයක් අහගෙන ගියා. ඒකෙන් උනේ බාල කොල්ලාට තරහා යන එක විතරයි. හරියට එයාගේ අප්පා හැසිරෙන්නෙ එයාගෙ මේ වෙඩින් එක උනේ බලකිරීමකින් නෙමෙයි වගේ.
" හරියටම කිව්වොත්.. මම වැඩ කරනවා. ඒවගේම මේ මල විකාර විහිලුව නවත්තන්න අප්පා.. honeymoon? ඔයා ඇත්තටම හිතනවද මම මගේ වෙලාව අර මෝඩ හයිබ්‍රීඩ් කෙනෙක් නිසා අපතේ යවාගනීයි කියලා? ඔයා මාව හිනාගස්සනවා"
ටේහ්‍යුන් මේසෙටත් ගගහා හයියෙන් හිනා උනේ එයාගේ අප්පා කියපු එයාගෙ හනිමූන් කතාව නිසා.
" ටේ.. මම දන්නවා ඔයා මාත් එක්ක ඇත්තෙ තරහින් ඒත් කරුණාකරලා ඔය හිත රිද්දවන වචන අර අහින්සකයට කියන්න එපා. විශේශෙන්ම එයා ඉස්සරහදි. ඔයා කැමති උනත් නැතත් ඒ ඉන්නෙ ඔයාගෙ සැමියා. පුතේ.. ඔයා එයාට ගෘ කරන්න ඕනෙ වගේම එයාට ආදරේ කරන්න ඕනෙ කිසිම දෙයක් නොසලකා, එයා කවුරු උනත්.. එයා මොන වගේ කෙනෙක් උනත්.. මම දන්නවා ඔයාට එයාව භාරගන්න ටික කාලයක් යාවි. ඒත් පුතේ මම ඔයාගෙන් ඉල්ලනවා.. කරුණාකරලා එයා එක්ක ඉද්දි ටිකක් එයාව වැඩිපුර තේරුම් ගන්න බලන්න. එයාව ශාරීරිකව වත් මානසිකව වත් රිද්දන්න එපා. එයා ආදරණීය වගේම හොද ලමයෙක්. එයාට ආදරේ කරන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. මම හිතනවා ඔයාත් ඒක ඉක්මනට දකීවි කියලා.."
YOU ARE READING
𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎
Fantasyමේ පොතේ ඔරිජිනල් එක english. මම මේ පොතේ ඔරිජිනල් ඕතර්ගෙන් අවසර අරගෙන තමා ඒක සිංහලට ට්‍රාන්ස්ලේට් කලේ.. මට දැන් ඔරිජිනල් ඕතර්ව මෙන්ශන් කරන්න මතක නෑ.. ඒ නිසා ක්‍රෙඩිට් දීලා නෑ කියලා රිපෝට් කරන්න එපා බබාලා..