Chapter 20

558 55 0
                                    

*knok knok*

"ඇතුලට එන්න"

Ceo උත්තර දුන්නේ දොරට තට්ටු කරන සද්දේ ඇහුනට පස්සෙ.

" හේයි ටේ! "

දොර පිටිපස්සෙ හිටිය කෙනා උද්‍යෝගයෙන් කෑගැහුවා. ඒ හිටියේ ceo ගේ හොදම යාලුවා ජිමින්.

" ඔයාට මොනාද ඕනෙ ජිමින්? "

ටේහ්‍යුන් තමන් කියව කියව හිටිය ඩොකියුමන්ට්ස් වලින් ඇස් අහකට ගන්නෙ නැතුවම ජිමින්ගෙන් ඇහුවා.

" මොකද්ද? මට මගේ හොදම යාලුවාව බලන්න එන්නවත් බැරිද? අනික ඔයා සති දෙකක්ම අසනීප නිවාඩු ගත්තා! සති දෙකක්ම!! මොකද්ද ඔයාට උනේ? "

ජිමින් ප්‍රශ්න කලේ ceo ගේ ඉස්සරහා තිබ්බ පුටු දෙකෙන් එකක අවසරයකින් තොරවම ඉදගන්න අතරෙයි. ඒත් ඔහුගේ මිතුරා ඔහුව නිකන්ම නොසලකා හැරියා.

" ටේ.. අඩුම ගානෙ ඔයාට ඔයාගෙ හොදම යාලුවා වෙනුවෙන්වත් වෙලාවක් වෙන් කරගන්න බැරිද? ඕවා කියවන එක නවත්තලා අපි යමු ගන්නම් වල අලුතින් ඕපන් කරපු ක්ලබ් එකට"

ජිමින් කිව්වේ ටේහ්‍යුන්ගෙන් උත්තරයක් බලාපොරොත්තුව

" බෑ, මං වැඩ "

ඔහුට කෙටි උත්තරයක් ඔහුගේ මිතුරාගෙන් ලැබුනා.

" oh come on tae ඒක නිකං- WTF? ඔය හයිකීස්ද? "

කොට පුද්ගලයා එකපාරටම පුදුමයෙන් කෑගැහුවේ ceoගේ බෙල්ලේ තැනින් තැන තිබ්බ රතු සහ නිල් පාට පැල්ලම් දැකලා.

අවිශ්වාසය කියන එක ඔහුගේ කඩවසම් මුහුනේ හොදටම පේන්න තිබ්බා. ඔහු ටේහ්‍යුන් එක්ක දිග කාලයක් යාලුවෙක් විදිහට හිටියා. ඒත් ඔහු කවදාවත් දැකලා තිබ්බේ නෑ ටේහ්‍යුන්ගේ බෙල්ලේ මේ වගේ පැල්ලම් තියෙනවා. ඒත් දැන් එකක් දෙකක් නෙමෙයි, ගොඩක්ම ඒ බෙල්ලෙ තියෙනවා.

" කරුණාකරලා ඔයාට ඔය කට වහගන්න පුලුවන්ද ජිමින්? "

ටේහ්‍යුන් කෑගැහුවේ ඒ සද්දෙට එයාගෙ යාලුවාගෙ කන් ඇහීම නැති වෙන ගානට. ඔහුගේ බෙල්ලවගේම කම්මුල් දෙක ලස්සන ලා රතුපාටකින් වැහිලා තිබ්බා.

" නෑ ටේ.. මේ පාර නම් ඔයාට මගේ කට වහන්න බෑ! කවද්ද මේක උනේ?! එතකොට කවුරුවත් මීට කලින් අල්ලලා නැති ඔයාගෙ මුතු වගේ හම අල්ලන්න ලැබුනු ඒ ලකී කොල්ලා කව්ද? ඔයා මේවගේ දෙයක් ඔයාගෙ අර අහින්සක හස්බන්ට කලේ කොහොමද? හහ්! "

𝐶𝑒𝑜'𝑠 𝑏𝑢𝑛𝑛𝑦 ℎ𝑢𝑠𝑏𝑎𝑛𝑑✔︎Where stories live. Discover now