"මේ බලනවා මේවගෙ කැත. ඔක්කොම ඇදයි.. අනික අස් කරනවානම් තව කමක් නෑ. හැඩි කරලා කරලා ගියාම අස් කරන්න ඕනෙ මමනෙ..ඔව් ඔව් මම ඉතින් මෙහෙ එන්නෙ මෙයාගෙ වැඩ බලන්නනෙ"
හරියටම දවස් තුනකට විතර පස්සේ යුගේශි අමිත්යා නැවතත් සේවයට වාර්තා කලේ පුරුදු රැවිල්ලයි බැනිල්ලයි එක්ක..එදා උන සිද්දිය එක්ක තනියම ඉන්න ඕන කියපු නිසාම කෙල්ල එක්ක ඉන්න බැරි උන ජානු එවෙලෙම මැඩම්ට කෝල් කරලා විස්තර කිව්වේ ඉක්මනට එන්න කියලා . නුතාරගෙ සමුගැනීම ලොකු දෙයක්ද කියලා හිතෙන තරමට සැහැල්ලු කාරනාවක් උනාට මොකද හිතකට බැදුනම ඒකෙන් ගැලවෙන්න බැරුව හිටිය කෙල්ලට මොට්ටුකාරිත් ලග නැති නිසා දැනුනෙ පුදුම වේදනාවක්..
මම උබට කිව්වා ඔවී ඇබ්බැහි වෙන්නෙපා කියලා .. විශේෂයෙන්ම මිනිස්සුන්ට !!
ඇත්තටම අපි ආදරේ කරලා දුරට ගියාම නොඉවසිල්ලෙන් ඉන්නෙ අනිකා ලගට එනකම් නෙ.... ඉතින් බන් , එකම තුරුලකට හුරු උනාට පස්සේ ඒ තුරුලෙන් මිදිලා තනි වෙන්න අපෙ හිත් හොර වෙනවා. සමහරවිට ජානු නොදන්නවා උනාට එයා නින්දට ගියාම රෑ දෙගොඩ ජාමෙ ඇහැරලා හෙඩ්සෙට් දෙකත් අරගෙන ඔවින්ද්යා බැල්කනියට ගියේ ඒ නිසා වෙන්නැති..
කවුද කියන්නේ දුරින් හිද පෙම් කිරීම හරි ලේසියි කියලා .. බැදුනු හිත් හොයන්නෙම උනුහුමක්නම්?
" ඇයි දැන් සද්දයක් නැත්තෙ? චූටි !! චූටියෝ උබට ඇහෙනවද මම කියන දේ ආහ්? ඔය ඇබ දෙක ගලවලා මම කියන දේ අහගනින් බූරුවෝ...චූටියෝ !!"
බනිනකම් මොකාද වගෙ අහගෙන ඉන්න බැරි කමට ඉයර්බඩ් දෙක දාගෙන හිටිය ඔවීට අම්මු කෑ ගැහුවෙ ඒ බය උන පාරට තව ටිකකින් කෙල්ල කර කර හිටිය වැඩෙත් ගැස්සෙද්දි..
අනේ අම්මුවෝ ඔය පොඩි එකීට ඉන්න දීපාආආආම්!!
" අ..අම්මු!"
"ඔව් අම්මු තමා කතා කරන්නේ .. කෝ මොකක්ද ඔය කරන්නේ ආහ්? මගෙ මූන බලනවා..අනික..චූ..චූටි !!"
කෙල්ල ගාවට ගිහින් ඉනට අත තියාගෙන කෙල්ලට බැන්නට කෙල්ලගෙ මූන දැක්කා විතරයි අමිත්යා ගොත ගැහුවෙ අතේ තිබ්බ පොල්කටු හැන්දත් බිම වැටෙද්දි..

YOU ARE READING
නෙත් මානේ | GL
غير روائي"ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා" අමිත්යා × උපුනි