"හැබැයි පොඩී මේ පින්තුරේ නම් මාර ගති ඈ.."
"එව්ව්..කැත විතරක් ...පොයි සොල්ලාදේ ඩී....ඒක ඇති ලස්සනක් නෑ."
උන්මාද ප්‍රේම ගීයෙ ෂූට් එකක් කරන කාලෙ මගෙයි ආයුශ්ගෙයි ගත්ත කපල් ෆොටෝ ශූට් එකක් දැකලා අම්මු කිව්වේ වසවර්තියා ඒකට කටකොනින් හිනා වෙද්දි.. ඕකිගෙ තියෙන්නේ පැහැදිලි ඊරිසියාව අඩේ...ඔව් ඉතින් මට ඒකිගෙ වගේ නිල් ඇස් නෑනෙ..පඩත්තරී..ඕකිගෙ ඇස් දෙක තමා ඔක්කොම කරේ..
මම ලග තිබ්බ කොට්ටෙකින් දමලා ගහද්දි අම්මු ඒක අරගත්තත් ආයෙම ෆෝන් එකට එබුනා. ටිකක් කලින් වසවර්තියාගෙ ගෙදර ආව නිසා එයා කිව්වේ උපවාසෙ අරින්න ලෑස්ති කරන්න මටත් උදව් කරන්න කියලා . අනික වසවර්තියා බිරියානි හදනවා කියලා අම්මු මැරෙන්න හැදුවා කියපන්කො... වැඩේ කියන්නේ වසවර්තියාගෙ හස්බන්ඩා ගෙනත් තියෙන්නේ බීෆ්. ඊටපස්සෙ අන්තිමට ආයෙම කඩේට ගිහින් කුකුල් මස් ගේනකොට ටිකක් පරක්කු උනා. අද වසවර්තියාගෙ නැන්දම්මා එහෙම එන්නෙ නෑ කිව්ව නිසා අපි දෙන්නයි අක්කයි හස්බන්ඩයි විතරයි හිටියේ. අක්කගෙ හස්බන්ඩ්වනම් මම දැකලා නෑ එයා වැඩ ඉවර වෙලා තව ටිකකින් එනවා කිව්වනෙ....
කොහොමහරි අම්මුගෙ බීෆ් කන්න බෑ චිකන් කන්න පුලුවන් කියලා දේවාරූඪ කෝලම ඉවර වෙලා අපි සාලෙට ආවෙ මස් එක තැම්බෙනකම් කයියක් දාන්න.. ඇත්තමයි අපෙ එකීගෙ නෑ නෑ මගෙ ඒකිගෙත් පුදුම කෝලමක් බන් තියෙන්නේ. වෙලාවකට හිතෙනවා ඒකිගෙ කෙල්ල මමද නැත්තම් වසවර්තියා ද කියලා . ඇයි යකෝ පුදුම නැලවිල්ලක්නෙ නැලවෙන්නෙ රියා බියා ගාගෙන ..
"හැබැයි බන් මම නම් කියන්නේ ඔයාට ආයුශ් එක්ක තමයි සෙට් වෙන්න තිබ්බේ. අපේ එකීට වඩා ආයුශ්ගෙ පුදුම ලස්සනක්නෙ බං තියෙන්නේ.මරු කද ඈහ්"
"ඒක නම් ඇත්ත බං අක්කෙ. මාත් රැවටුනානෙ මොට්ටුවකට..කොහෙද ඉතින් ඔයාගේ යාළුවා මාව දැලේ දාගත්තනේ අර තඩි බෝල නිල් ඇස් දෙකයි කැතම කැත මොට්ටුවයි දාලා.. ඇත්තමයි අක්කේ ඔය ඇස් දෙක තමා මට හැමදාම කෙලවුවෙ..ආ කමක් නෑ මේක මොට්ටුවට රැවටිලා ආව ගමනක්නෙ"
මම කම්මුල් පුම්බගෙන කියවද්දි අම්මු අපි දෙන්නට ම ගස්සගෙන මොන මොනාදෝ දොඩවලා කුස්සියට ගියේ මායි වසවර්තියයි ඒක දැකලා පහක් දානකොට.. අවුස්සනකොට අවුස්සන්න ඕනෙ ආයෙ නෑ ලොවෙත් නැති වෙන්න..මොට්ටුකාරි...ඇවිස්සෙන විදිහට හරිම ආතල් බන්..

YOU ARE READING
නෙත් මානේ | GL
غير روائي"ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා" අමිත්‍යා × උපුනි