52

1.3K 76 30
                                    

" කීය වෙනකම් ඔය විදිහට මගෙ දිහා බලාගෙන ඉන්නද කල්පනාව ?"

"කවදාහරි ඔයා මගෙ නෙත්මානෙන් අතුරුදහන් වෙනකම්ම"

අම්මු අහපු ප්‍රශ්නෙට මගෙන් ලැබුනු උත්තරේට ඒ මූනෙ ඇදුනෙ හරි හීනි හිනාවක්..වර්ගීකරණය උන හිනාවකින් මම එයාගෙ මේ හිනාව දකින්නෙ ගොලුවෙන හිනාවක් වගෙ. එයාට කියාගන්න දෙයක් නැති උනාම ඕනෙනම් අගලක් දෙකක් දෙපැත්තට ඒ තොල් ඇදිලා ඇස් දෙක මගෙ ගාව නවතිනකොට මම පිස්සෙක් වෙනවා..

උදේ වෙලත් ජනෙල් කූරු මැද්දෙන් ඉර එලිය වැටිලත් තාම මුනින් අතට හැරිලා මම එයා දිහා බලාගෙන හිටියේ එක කම්මුලක් කොට්ටෙට තදකරන්.. එයා හිටියෙ ඇස් පියාගෙන උනත් මම දැනගෙන හිටියේ එයා ඇහැරිලා කියලා ..

" ගුඩ් මෝනින් මගෙ කෙල්ල.. මොකෝ මේ උදේ පාන්දර මූඩ් ගහලා හ්ම්"

"ම්හුක්..."

මම රෝල් වෙලා එයා ගාවට ගිහින් එයාගෙ නිරුවත් පපුවෙ මූන ඔබාගත්තෙ උදේ පාන්දර ඒ සුවද ඉව කරන්න.. හීනයක් වගේ.. ආදරේ කරන කෙනාගෙ තුරුලෙ ඇස් අරින එක.. එයා එක්කම දවස පටන් අරන් එයා එක්කම දවස අවසන් කරන එක සමහරවිට මට හීනයක් වෙන්නැති.. ආදරේ කරලත් පිනක් නැති සමහරුන්ට වඩා මම අසීමාන්තිකව වාසනාවන්ත මේ නිසා වෙන්නැති...

" ඔහොම බලාගෙන ඉන්නකොට දාලා යන්න ලෝබ හිතෙනවානෙ"

"ඉතින් යන්න එපානෙ.."

"නොයා බෑනෙ මැනික.. අම්මුට යන්නම ඕනෙනෙ"

"ඉතින්..මාවත් එක්කන් යන්නකෝ..ඇයි බැරි ? මම දගකරන්නෙ නෑ අනෙ.. සත්තයි මම රන්ඩු වෙන්නෙ නෑ..ඔයාට කරදර කරන්නෙත් නෑ .. ඔයාට වදයක් වෙන්නෙත් නෑ අනික.."

"අනික මොකක්ද හ්ම්"

"ගෑනු පස්සෙ යන්නෙත් නෑ"

මම හදවතේ නිලියගෙ රංගන හැකියාව පෙන්නන්නත් එක්ක කිව්වේ එයාගෙ කොන්ඩෙ කෑල්ලක් ඇගිල්ලෙ පටලන්. එයාට තිබ්බෙ දියරැලි වගෙ කොන්ඩයක්..හරි ලස්සනට ගොතන්න පුලුවන් ඕනම ස්ටයිල් එකකට කැපෙන කොන්ඩයක්.. ඒකට මට තියෙන කර්ල් කිව්වට නූඩ්ල්ස් වගෙ කොන්ඩයක් නෙවෙයි . මගෙ කොන්ඩෙ ගොඩක්ම ගැලපුනෙ ස්ට්‍රේට් කර්ල් දෙකම එකට තියෙනකොට. කොන්ඩෙත් හරියට මගෙ ලයිෆ් එක වගෙ බන්.. කිසිම පිලිවෙලක් නෑ...

නෙත් මානේ | GLWhere stories live. Discover now