Chapter 23

957 212 171
                                    

හිබෙරලියා වත්තෙ කදු මුදුනේ බෑවුමට කිට්ටුවෙන් මාදව කැලේට බැස්සෙ මූත්‍රා බර නිදහස් කරගන්න කියලා හිතාගෙන. පැත්තක ගලක් උඩ ඉදගෙන රිලව් දෙන්නෙක් වගේ කෑගගහා පිනි ජම්බු කඩන අජේවයි මංජුවයි පෙනුනෙ කැලේට අරක්ගත්තු ප්‍රේත කුම්බාණ්ඩයො වගෙයි.
"අනේ මේ රෙද්ද හරියට අල්ලගනින් මංජුවො !"
අජේ කෑගැහුවෙ මංජු දිහා බලාගෙන. අජේ ගස් වලට ගල් ගහලා ජම්බු කඩන වෙලේ මංජු ඊට යටින් සරම අල්ලගෙන පිනි ජම්බු එකතු කලේ එහාට මෙහාට දුව දුව.

හැම වෙලේම කැලේ පනින අජෙයි මංජුයි සරමට යටින් ශෝටක් ඇදන් ගෙදරින් බැස්සෙම මේ වගේ අවස්තාවලදි සරමෙන් ගන්න ප්‍රයෝජන බොහොමට තිබුන නිසයි.
"අනේ අල්ලනවා තමයි රෙද්ද ! තොට පේන්නෙ නැද්ද මිනිහෝ ? තෝ ගල් ගහන්නෙ ජම්බු ගෙඩි වලට නෙවේනෙ හඳටනෙ."
මංජු කෑගහනවා ඇහිලා අතේ තිබුන ගල උස්සන් අජේ, මංජු දිහාවට හැරුනේ බිමට කෙල පිඩකුත් ගහලා.

"තොට මන් ගල් ගහන හැටි පෙන්නන්නද ? අනේ කටවහන් ඔය සරම අල්ලගනින් තොගෙ නලලෙන් හඳවල් මතු වෙන්න කලියෙන්."
අජේ කෑගහද්දි මාදව වැඩේ අහවර කරගෙන ලග තිබුන දොලෙන් අත් දෙක හෝදන් කන්ද නැග්ගෙ අජේ දිහා බලාගෙන.

"ලංකාවෙ කොයි තරම් ලස්සන ගැමි භාශාවක්ද තියෙන්නෙ ? ඒ වුනාට ඔයාලගෙ කටවල කුණුහරුප විතරයි තියෙන්නෙ."
මාදව කියනවා ඇහිලා අජෙයි මංජුයි මාදව දිහා බැලුවෙ ලගපාත බිම වැටිලා  තිබුන පිනි ජම්බු එකතු කරගෙන.

"සුදු මහත්තයාට ගැමි භාශාවෙන්ද කතා කරන්න ඕනි ? සුදු මහත්තයා මේ කැලෑ පොජ්ජට මංගජ්ජව්වෙ කරියෙක් එක්ක සටනටෑ ?"
අජේ පිනිජම්බු ගෙඩියක් කටේ ඔබාගන්න අතරෙ මාදවගෙන් අහද්දි මාදව අජේ දිහා බැලුවෙ ඇලේට හිටගෙන ඉනේ අතත් තියාගෙන මූණත් ඇදකරගෙන.
"අනේ බන් මූසලයෝ ! මන් කිව්වෙ ගැමි භාශාව ගැන නැතුව 'වැදි භාශාව' ගැන නෙවේ."

"ඉතින් දෙකම එකයිනෙ.. වැද්දො ඉන්නෙත් ගමකනෙ. නැතුව වුන් ටවුන් වල  ඉන්නවයැ ?"
අජේ අහනවා ඇහිලා මාදව පිලිඋත්තරයක් නොදීම හැරුනෙ අජේගෙ විහිලු තහලු වලින් මාදව හොදටම හෙම්බත් වෙලා ඉදපු නිසයි. හිබෙරලියාව කන්ද තිබුනෙ ලන්දට උඩින්. ඒ පැත්තෙ ඉදපු ගෙවල් දෙක තුනක පිරිස කමතක අදේට වැඩ කරන්න ආවොත් මිසක් වෙන කිසිම ගමේ වැඩකට සහභාගී වුනේ නෑ. ඒ ගෙවල් දෙක තුනේ පිරිස ආර්තික අපහසුතා නිසා ගමේ පිරිසෙන් වෙන්වයි හිටියෙ. ඒ වුනත් මාදව ඒ අය හොයාගෙනම ආවෙ වැදගත් දෙයක් ගැන කතා කරන වුවමනාවෙන්.

ලාවුළු | boy love | ongoingOnde histórias criam vida. Descubra agora