Chapter 39

1.4K 253 233
                                    

මාදව පොලිස් කාර්යාලයෙන් එළි බැහැලා පයින්ම නගරය මැදින් ආවෙ චූටිගෙ රෙදි කඩේ දිහාවට. හවස් වරුව ලන් වෙලා තිබුන නිසා මාදව රෙදි කඩේ ඉස්සරහින් ඇවිත් හිට ගන්නවා දැකලා අජේ මංජු එක්කම කඩෙන් එළි බැස්සෙ චූටිට මහ හයියෙන් කෑගහලා සමුදෙන අතරෙ. ඒ තුන්දෙනා මන්තීරු දිගේ පයින්ම බස් ස්ටේශම දිහාට ආවෙ බස් රතය පහු වෙන්න කලින් අල්ලගන්න වුවමනාවෙන්.

"පොලීසියෙ මහත්තයා මොකද කිව්වෙ ?"
අජේ මාදවගෙ කර වටේ අත ඔතාගන්න අතරෙ අහද්දි මාදව උරහිස් ගැසුවෙ බිම බලාගෙන.
"අනේ මන්දා ! ඒ මහත්තුරු කියපු දෙයක් මට තේරුණේ නෑ. ඒ වුනත් කවුරුමහරි ඒ හිබෙරලියාවට උඩින් කන්දෙ ඉන්න පුන්චි එවුන් ගැන හොයලා බලයි නේද ?"
මාදව අනිත් තරුණයො දෙන්නා දිහාවට හැරිලා ඇහුවෙ අසරණකමේ.

"ඒ අය මොනවා හරි කරයි. ඒ වුනාට අර අපිට පොරවෙන් කොටන්න ආපු මහ මිනිහව හිරේ අරින්න.. ඒකගෙ පොඩි වුන්ව ඉස්කෝලෙ අරින්න ගිහින් තව ඩිංගෙන් අපි අඩි හයක් යට වැලලෙනවා... සුබෝද හාමුදුරුවො හිටපු නිසා හොදයි. නායක හාමුදුරුවොන්ටත් කේලම ගිහින් කියන්න ඕනි.."
අජේ එහෙම කිව්වත්, මාදව අත ඇරලා හෙමින් ඉස්සරහට ගියේ බස් ස්ටේශමේ නවත්තලා තිබුන බස් රතයක් ලග හිටගෙන ඉන්න පුද්ගලයෙක් දැකලා.
"ඇයි සීයෙ මොකද වෙන්න ඕනි ?"
අජේ ඒ කෙනාට පැත්තකින් ගිහින් හිටගන්න අතරෙ අහද්දි මංජුත් කුතුහලේ නිසා අජේට පැත්තකින් හිටගත්තෙ ඉනේ අත් දෙක තියාගෙන.

ඒ වුනත් මාදව බස් රතයට නැගලා පස්සහම ආසනේ ජනේලෙ කෙලවරින් වාඩි වුනේ පයින් ඇවිදලම මහන්සියට මාදවගෙ කකුල් පුපුරු ගහපු නිසයි. බස් රතය බස් ස්ටේශමෙන් පිටත් වෙන්න විනාඩි පහලොවක් විතරම තිබුන නිසා මාදව ඇස් දෙක පියාගත්තෙ අජේටයි මංජුටයි කැමති දෙයක් කරගන්න දීලා. ඒ වුනත් මාදව ඇහැ කොනින් බස් රතයට පස්සහින් හිටගෙන ඉන්න තරුණයො දෙන්නා දිහා බැලුවෙ බෙල්ල කරකවලා.
"කතාව පවුල් කන්න වුනාට පොඩි වුන් වගේ හැසිරෙන්නෙ.."
මාදව තමන්ටම කියාගත්තෙ ආයෙම ජනේලෙට ඔලුව හේත්තු කරන් ඇස් දෙක පියාගෙන.

"මොනවද සීයෙ හොයන්නෙ ?"
අජේ අහද්දි ඒ මහලු මනුස්සයා ඔලුව කැසුවෙ බස් රතයෙ පස්සහ තිබුන ඩිකිය දිහා බලන අතරෙ.
"මේක ඇතුලෙ මගෙ බෑග් එකක් තියෙනවා. ඒක මට එළියට ගන්න ඕනි."
මහලු මනුස්සයා එහෙම කිව්ව නිසා අජේ වටපිට බැලුවෙ ලගපාත කොන්දොස්තර ඉන්නවද කියලා දැනගන්න ඕනි වුනු නිසයි. ඒ වුනත් කොන්දොස්තරවත් රියැදුරාවත් ලග පාතකින් හොයාගන්න බැරි වුන නිසා අජේ මහලු මනුස්සයා දිහා බැලුවෙ උරහිස් ගසාදාලා.

ලාවුළු | boy love | ongoingWhere stories live. Discover now