Chapter 03

1.9K 393 170
                                    

මාදව උදේ පාන්දර නැගිටලා, ගේ වටේ දුරකතනෙට සිග්නල් හොය හොය ඇවිදින දිහා අජේ පැත්තක තිබුනු පුටුවක් උඩ ඉදගෙන බලාගෙන හිටියෙ මොනවත් නොකියා. මංජුත් අජේට පැත්තකින් වාඩි වෙලා මාදව දිහා බලාගෙන හිටියෙ අත් දෙක මූණට හේත්තු කරගෙන.
"ආවා ! ආවා ! ආහ්... ආයෙත් ගියා.. මෙහෙට සිග්නල් කණුවක් හොයාගන්න බෑනෙ."
මාදව ඉනේ අතත් තියාගෙන නොඉවසිල්ලෙන් කකුලෙන් බිමට තට්ටු කර කර කියනවා ඇහිලා අජේ ඉදගෙන හිටපු තැනින් නැගිටලා ඇවිත් මාදවගෙ අතින් දුරකතනය ඉල්ලගෙන ලග තිබුන ලාවුළු ගහකට නැගගත්තා.

"මේ කන්ද පල්ලෙහාට සිග්නල් තියෙනවා සමහර වෙලාවට. හැබැයි හොය හොය ඇවිදින්න ඕනි."
අජේ එහෙම කිව්වත් ටික වෙලාවකින් ලාවුලු ගහේ අත්තක ඉදන් පහලට ඔලුව දාගෙන කෑගැහුවෙ දුරකතනය උඩට උස්සගෙනමයි.

"මේ හරියට සිග්නල් තියෙනවා."
අජේ කියනවා ඇහිලා මාදව වගේම මංජුත් ගහට නැග්ගා. අජෙයි මංජුයි පැත්තක වාඩි වෙලා බලාගෙන හිටියෙ මාදව කතා කරන දිහා.
"හෙලෝ !? හෙලෝ- මේ මන් කතා කරන්නෙ. මෙහෙ ප්‍රශ්න ගොඩයිනෙ... ඇයි ඔයාලා මට මේ මොනවත් ගැන කිව්වෙ නැත්තෙ ?"

මාදව අහද්දි කෙනෙක් දුරකතනයෙන් මොනාදෝ කිව්වත් මාදව ඒ දේවල් අහගෙන හිටියා මිසක් මොනවත් කියන්න ගියෙ නෑ. සෑහෙන වෙලාවක් තිස්සෙ මාදව කවුදෝ කියන දේවල් අහගෙන හිටියත් මාදව පිලිඋත්තරයක් දුන්නෙ නැති නිසා අජේටවත් මංජුටවත් සන්වාදේ තේරුන් ගන්න බැරි වුනා. අන්තිමේ මාදව මොනවත්ම නොකියා දුරකතනය විසන්දි කරේ ගහේ දෙබලේ ඉදගෙන පහල බලන අතරතුරේ.

"සුදු මහත්තයා අදම යනවද ?"
අජේ අහනවා ඇහිලා මාදව ඔලුව උස්සලා අනිත් තරුණයො දෙන්නා දිහා බැලුවෙ මොනවත් නොකියා.
ටික වෙලාවක් කොහෙදෝ බලාගෙන මොනවදෝ කල්පනා කරපු මාදව අන්තිමේ තමන්ගෙ ඔලුව කැසුවෙ තරුණයො දෙන්නා දිහා බලලා.
"මන් මේ ඉස්කෝලෙ උගන්නෙ නැතුව ආපහු හැරිලා ගියත් මට රජයෙන් පඩි ගෙවාවි. ඒ අය මෙහෙ ඉස්කෝලෙ මෙහෙම වැහිලා ගිහිල්ලා කියලවත් දන්නෙ නැතුව ඇති. ඒ වුනත් මන් ආපහු යන්න බලාගෙන නෙවෙයි ආවෙ."

"ඉතින් ?"
මංජු වගේම අජෙත් පුදුමෙන් අහද්දි මාදව ගහෙන් බැස්සෙ අජෙයි මංජුයි ඒ පස්සෙන්ම ගහ දිගේ බහිද්දියි.
"ඔයාලට බැරිද මාව ආයෙම ඉස්කෝලෙට එක්ක යන්න. මට එතන බලන්න ඕනි."

ලාවුළු | boy love | ongoingWhere stories live. Discover now