Chapter 28

1.3K 264 223
                                    

"මන් මෙවෙලෙ පන්සලේ හිටියෙ නැත්තන් තොගෙ දිග අඩු පඩු කොට කරනවා"
අප්පච්චි කියනවා අහගෙන අජේ දර්ම ශාලාවෙ වේදිකාවෙ කොනක වාඩි වෙලා හිටියෙ අප්පච්චි තමන්ගෙ වෙස් ඇදුම අන්දන නිසා සද්දයක් බද්දයක් නොකර. ඒ වුනත් පලියප්පෙරුම හිතේ තරහ වාවන්නෙම නැති තැන අජේගෙ පිටට ගැහුවෙ බෙරේ තලන පොල්ලෙන්.
"රිදෙනවා අප්පච්චි .. !!"
අජේ කෙදිරි ගාගෙන පැත්තකට ගියේ තරුණ එකාලා අජේ දිහා ඇස් කොනින් බලාගෙන හිනාවෙද්දියි. ඒ වුනත් අජේගෙ පිටේ කොටලා තියෙන පච්චෙ දැක්කෙන් පස්සෙ පලියප්පෙරුමට පන්සලට ආව වෙලේ ඉදන් යකා වැහිලයි ඉදියෙ.

"තෝ බැල්ලියෙක් වගේ වල්කමේ පලයන්.. කරන්ට තියෙන ඔක්කොම කුණු වැඩ කරපන්.. තොගෙ නිදහස අත්විදිල්ල මට තේරෙන්නෙත් නෑ උඹට තේරෙන්නෙත් නෑ."
පලියප්පෙරුම අජේගෙ පිටට තල තල කෑගහනවා ඇහිලා අන්තිමේ මංජු ඇවිත් අජේගෙ කරේ එල්ලුනේ පලියප්පෙරුම ජීවිතේ පලවෙනි වතාවට අජේට 'බැල්ලි' කියලා ආමන්ත්‍රණය කරපු නිසයි.

"ඉතින් තිට දැන් සැපද ?"
මංජු රහසින් අහනවා ඇහිලා අජේ මංජුව පැත්තකට එලෙව්වෙ තමන්ගෙ ඇවිලුණු වල්ගෙ පාගලා විනෝද වෙන්න කිට්ටු වෙන මංජු ගැන හිතේ කලකිරීමෙන්.

"නිමල් තමයි මෙව්වට වග කියන්න ඕනි.. මේකුන්ගෙ මාස හයකට වැඩ තහනම් කරපු වෙලේ ආලිමංකඩ දිහාවට මාරුවීමක් අරන් දෙන්න තිබුනෙ.. මුන් දෙන්නා හොදට ගෙදෙට්ට වෙලා කකා බිබී, යක්කු වගේ කොණ්ඩා වවාගෙන, හම පිච්චෙනකම් ගම වටේ කරක් ගගහා කකා බිබී ඇගවල් තඩි කරගන්නවා විතරයි.. තොපි දෙන්නා මේ මාස හයට ගෑණියෙකුත් බඩ දරු කරයිද කියලා මට බය..."
පලියප්පෙරුම කෑගහනවා ඇහිලා මාදව පැත්තකට වෙලා බලාගෙන හිටියෙ බිම ඉදගෙන නිසොල්මනේ.

ඒ වුනත් මංජු නම් පලියප්පෙරුමගෙ කකුල් දෙක වාඩි වෙලා පලියප්පෙරුමගෙ කකුල බදන් ඉදියෙ පලියප්පෙරුමගෙ බාල පුතා වගෙයි. ඒ අතරෙ පලියප්පෙරුමගේ ඇත්තම බාල එකා පෙනුනෙ කුණු කූඩෙන් අරන් හදාගත්තු එකෙක් වගෙයි. ඌ කුණු බැනුම් අහගෙන පලියප්පෙරුම දිහා බලාගෙන හිටියෙ වේදනා දෙන පිට අතගගා.

මාදව තමන්ට අල්ලගන්න දුන්න උඩබෙරෙයි සිලම්බු දෙකයි අතේ තියාගෙන බලාගෙන හිටියෙ නැටුම් කරුවන්ට අන්දන අජේගෙ අයියා කෙනෙක් වුනු 'චූටි' කියලා හදුන්නපු තරුණයා දිහා. අජේ වගේම පැහැපත් සහ හැඩිදැඩි තරුණයගෙයි අජේගෙයි අතරෙ වෙනසක් තිබුනෙම නැති තරම්.

ලාවුළු | boy love | ongoingWhere stories live. Discover now