මාදව අප්පිරියාව පැත්තක දාලා බිම දණගහගෙන ඉස්කෝල ගොඩනැගිල්ල සුද්ද කලේ අජෙයි මංජුයි පිට්ටනිය සුද්ද කරන වෙලෙයි. ඉස්කෝලෙ පිට්ටනිය වටේට අරක්කු වීදුරු බෝතල් සහ බියර් කෑන් පිරිලා තිබුන නිසා ඒ අය කුණු එකතු කරන අතරෙ මාදව වතුර කරාමෙන් වතුර ගහලා ගොඩනැගිල්ලෙ අවපැහැ ගතිය ඇරිලා යනකම්ම බිත්තියි, සිමෙන්ති පොලවයි පොල් කොහු කොස්සකින් ඇතිල්ලුවෙ හැම තැනම පිරිලා තිබුන සෙවල පාසි සබන් පෙණ දාලා හෝදලා ඇරලා.
ඒ වුනත් මාදව තෙත අත් පිටින් ටික වෙලාවක් පඩිපෙලේ වාඩි වෙලා හිටියෙ මහන්සි අරින වුවමනාවෙන්. එවෙලේ මංජුත් ඇවිත් මහන්සි ඇරපු නිසා මාදව මංජු දිහාවට හැරුනත් මංජු පැත්තක බිම තිබුනු පරණ වෙලා ගියපු බිත්ති සැරසිල්ලක රාමුවක පිලිසකර කරන්න වෙහෙසුනේ වෙරළු ගෙඩියක් කටේ ඔබාගෙන.
"මෙහෙ මිහිදු පෙරහැරක් තියෙනවද ?"
මාදව අහපු නිසා මංජු ඔලුව උඩට පහලට වැනුවෙ මාදව දිහාවත් නොබලා. මාදවත් බලාන හිටියෙ පිට්ටනියෙ කෙලවරට වෙලා වතුර බටයක් එහාට මෙහාට ඇද ඇද පිට්ටනිය දිගේ යන අජේ දිහා මිසක් මංජු දිහා නෙවෙයි.
"ඔයාලා දෙන්නත් නටනවද ?""හාමුදුරුවො එන්නෙයි කිව්වා. අජේට කැමති හිතුනොත් මාත් යනවා."
මංජු කියනවා ඇහිලා මාදවගෙ මූණට හිනාවක් ඇවිත් කලඑළි වුනේ කූඩැල්ලා වගේ අජේගෙම ඇගේ එල්ලිලා ඉන්න තරුණයා පොඩි ලමයෙක් වගේ පෙනුන නිසයි.ඒ වුනත් අජේ එකපාරටම වතුර බටෙන් කටට වතුර හලා ගන්නවා දැකලා මාදව කෑගැහුවෙ උගුර කඩාගෙන.
"අවලන් බල්ලො ඕකෙන් වතුර බොන්න එපා ! බටේ ඇතුලෙ ගොළුබෙල්ලො ගුහා හදාගෙන පදින්චි වෙලා ඇති. ගෙදර යනකම් ඉවසගෙන ඉන්න !!"
මාදව කෑගැහුවත් අජේ ඒ වගක් ඇහුනෙ නෑ වගේ දිගටම වතුර බටේ කටට අල්ලන් ඉදපු නිසා මාදව ලගපාත තිබුන පොල් පිත්තකින් අජේගෙ පිටට ගැහුවෙ මාදවගෙ අතින් ගැහුවට ඒ පුරුශ කායට හිරීමක්වත් වෙන්නෙ නෑ කියලා දැනන් ඉදපු නිසයි. ඒ වුනත් ඒ පහරට තරුණයට දවල් තරු මදිවට සූර්යය ග්‍රහමණ්ඩලයට පිටින් ඉදපු පිටසක්වල ජීවියොත් පෙනුනා."ආව්ව්.. තරහ ගන්න එපා සුදු මහත්තයා !"
අජේ කෙදිරිල්ලක් එක්කම එහෙම කියලා හැරිලා ගියේ පොල් පිති පහර සැරටම වැදුන නිසයි. මාදව රබර් වතුර බටේ පැත්තකට විසි කරලා දාලා ආපස්සට හැරිලා එන්න ආවත් ඊට ඉස්සරහින් ගිය අජේ බිමට ඇදගෙන වැටුනෙ වතුර බටේ අස්සෙ කකුල පැටලිලා.
YOU ARE READING
ලාවුළු | boy love | ongoing
Non-Fictionඩුකු ඩුකු ඩුකු ! මහ සද්දෙන් සද්ද කරගෙන ඉස්සරහට ඇදුනෙ උඩරට මැණිකේ කෝච්චිය නම් නෙවෙයි. ලාවුළු ගස් අතරින් වැලිගම්බර අසිරිය කියාගෙන ඉස්සරහට ඇදුනු මන්දගාමී බස් රතය ඒ සිරි අසිරි වින්දෙ පාලු කැලේ තනි මකාදාලා. කොස් පොලොස් වලින් සරුසාරෙට තිබුන ලාවුළු වත්ත මැ...