ඩුකු ඩුකු ඩුකු ඩුකු !
මහ සද්දෙට සද්ද කරගෙන ඉස්සරහට ඇදුනෙ උඩරට මැණිකේ කෝච්චිය නම් නෙවෙයි. පාර දෙපැත්තෙ සුවිසාලව වැවිලා තිබුලු ලාවුළු ගස් වල අතු දෙපැත්තට වැනෙන සද්දෙ අහගෙන පටු තාර පාරක් මැදින් යන ඩුකු ඩුකු බස් තරයට වෙලා මාදව ඇස් දෙක පියාගෙන හිටියෙ ජනේලෙට ඔලුව හේත්තු කරන්. පැය දෙකක් තිස්සෙම විතර එන මන්දගාමී ගමනෙන් මාදවගෙ මහන්සිය දෙගුණ වෙලයි තිබුනෙ.
"ඈ බන් ! දැක්කද අර උඩුකුරුන්දෙ පන්සලේ ධාතු කරඩුව ? මහ සුවිසාල ධාතු කරඩුවක් ඒක. ඒක ඇතුලෙ ධාතු තුනක් හතරක්ම තිබුනා."
මැදිවියේ කාන්තාවක් කියනවා ඇහිලා තව කෙනෙක් ඊට පිලිඋත්තර දුන්නා.
"අනේ අම්මෙ ඔව්වා බොරු. පන්සලේ හාමුදුරුවො දායකයින්ගෙන් සල්ලි කඩාගන්න මොනවහරි පෙන්නවා ඇති"
තරුණ ගෑණු කෙනෙක්ගෙ කට හඩක් ඒත් එක්කම ඇහුන නිසා මාදව ඇස් දෙක ඇරලා ජනේලෙන් එලිය බලාගත්තෙ සංවාදෙට ඇහුම් කන් දෙන වුවමනාවෙන්."අනේ පව් කතා කියන්න එපා කෙල්ලෙ, පිරිත් කියද්දි කරඩු ඇතුලට ඉඹේම වැඩපු ධාතුලු එව්වා. නරක බස් කියන තැන් වලින් ඔය ධාතු ඉඹේ වඩිනවා සැලකුම් තියෙන තැනකට. උඹ අවකැපෙන කතා කියන්න එපා."
වයසක ගෑණු කෙනා කියනවා ඇහිලා මාදව ජනේලෙන් එලිය බලාගෙනම මොනවදෝ කල්පනා කලේ ඒ අමුත්තො දෙන්නගෙ සංවාදෙට ඇහුම්කන්දීගෙන.ඒ අතරෙ බස් රතයෙ තිබුන නිහැඩියාව නැති කරගෙන තරුණයො පිරිසක් බස් රතයට පිටි පස්සෙ දොරෙන් ඇතුලු වුනේ මහ සද්දෙට කෑගගහා.
"උඹලා මහ පව් වැඩ කරන්න එපා. වික්කෙ මාමගෙ වත්තෙන් අඹ කඩාගෙන හොරෙන් පනිනවනම් මාවත් එක්ක දුවපල්ලා. උඹලට වගේ මට දුවන්න බෑ"
මාදවට එහා පැත්තෙන් ඉදගත්තු තරුණයෙක් කියනවා ඇහිලා මාදව හැරිලා බැලුවා. මාදවට වඩා වයසින් බාල පෙනුමට පෙනුන තරුණයා වටේට හිටගෙන හිටියෙ මහ හැඩිදැඩි පිරිමි දෙන්නෙක්. එවුන් නම් මාදවගෙ වයසේම වෙන්න ඇති කියලයි මාදව හිතුවෙ. ඒ නිවුන්නො දෙන්නා එකම විදිහෙ කමිසයක් ඇදලා කලු බොටම් කලිසමක් ඇදන් හිටපු නිසා වෙනසක් පෙනුනෙම නැති තරම්."අනේ කිරි සුද්දො, ගෑණි වගේ ආඩපාලි කියන්නෙ නැතුව නැගිටපන් !"
ඒ හැඩිදැඩි පිරිමියෙක් කියනවා ඇහිලා කිරි සුද්ද'යි කියලා හදුන්නපු කෙනා නැගිටලා වැඩිමහල් තරුණයට ආසනය දුන්නා. අනිත් තරුණයා කිරි සුද්දගෙ කර වටේ අත ඔතාගත්ත නිසා මාදව ඒ තුන්දෙනා දිහාවට හැරුණත් ඒ අයගෙන් ප්‍රතිචාරයක් ලැබුනෙ නැති නිසා මාදව ආයෙම ජනේලෙන් එළිය බලාගත්තා.
BINABASA MO ANG
ලාවුළු | boy love | ongoing
Non-Fictionඩුකු ඩුකු ඩුකු ! මහ සද්දෙන් සද්ද කරගෙන ඉස්සරහට ඇදුනෙ උඩරට මැණිකේ කෝච්චිය නම් නෙවෙයි. ලාවුළු ගස් අතරින් වැලිගම්බර අසිරිය කියාගෙන ඉස්සරහට ඇදුනු මන්දගාමී බස් රතය ඒ සිරි අසිරි වින්දෙ පාලු කැලේ තනි මකාදාලා. කොස් පොලොස් වලින් සරුසාරෙට තිබුන ලාවුළු වත්ත මැ...