Chapter 19

1.2K 284 183
                                    

ලග ලගම එන පොසොන් පෝයට පන්සලේ සූදානම් කරලා තිබුන මිහිදු පෝය නිසා මාදව අජෙයි මංජුයි එක්ක පන්සලට ගියේ ගමේ නැටුම් කණ්ඩායමට අජෙයි මංජුයි දෙන්නත් හිටපු නිසයි. ඒ අය පුහුණුවීම් කරන අතරේ මාදව පැත්තකට වෙලා කොඩි බයිසිකල්කාරයොන්ගෙ බයිසිකල් වල ගහගෙන යන්න පැපොල් ගෙඩි වල ගහපු ඉරටු මල් හදන්න උදව් වුනේ දහම් පාසලේ ලමයි එක්ක එකතු වෙලා.

අජේගෙ කණ්ඩායම නටන වන්නම මොකක්ද කියලා නොදැන හිටියත් ඒ අය නොනවත්වා කියන 'දොදොංත තකු දොං'
පදය විතරයි මාදවට තේරුම් ගන්න පුලුවන් වුනේ. මාදව හිතුවෙ අජේ සහ මංජු නටන කණ්ඩායමේ ඉන්නවා ඇති කියලයි. ඒ වුනත් අජේ උඩබෙරයක් ඉනේ බැදගෙන පැත්තකට වුනේ මැණ්ඩියට පාත්  වෙලා. හම් බෙරය රත් කරමින් මුලින් වැදුනු තාල කිහිපෙට පස්සෙ අජේ මහ සද්දෙට කෑගැහුවේ නැටුම් කණ්ඩායම දිහාවට හැරෙන අතරෙ.

"පස්වාන් අවසර දේවයන් වහන්ස, තලන්නයි යන්නෙ හම්බෙර ඝෝශා කර මෙලෙස !"
අජේ විහිලුවෙන්ම එහෙම කියලා බෙරේ දෙතුන් වතාවක් තැලුවෙ වන්නමේ පදේ සිහි කරගන්න අතරෙ. නැටුම් කණ්ඩායමේ මුල් පෝලිම් වල හිටියෙ මංජු සහ රංජි. ඒ අයට වඩා බාල පොඩි වුනුයි පස්සහට වෙන්න වෙන්න හිටියෙ. එවුන් ඔක්කොම නටන්න දස්සයො කියලා දැක්ක හැටියෙ තේරුණා. ඉදලා හිටලා පොඩි එකෙක්ට අඩියක් අමතක වුනොත් ඇරෙන්න ඒ අයගෙ දෝසයක් තිබුනෙ නෑ.

ඒ වුනත් ගෑණුන්ගෙ නර්තන කණ්ඩායම් වල ඒ ඒ නැටුමට වෙන වෙන අඩි හදන්න වුන නිසා ඒ අයට නැටුම පිලිවෙලක් කරගන්න සෑහෙන වෙලාවක් ගත වුනා. මදුමාලිකා සහ තවත් තරුණ කාන්තාවක් එකතු  වෙලා ලී කෙලි, කළ ගෙඩි, කුළු වගේ නර්තන අංග කිහිපයක්ම සූදානම් කලා. ඊට අමතරව පෙරහැරේ තැනින් තැන මූණු වෙස් වලාගත් අනු චරිත ඇතුලත් කරලා තිබුන නිසා ඒ හැම චරිතෙකටම වෙස් මූනු හදන්න වුනෙත් දහම් පාසලෙ ගුරුවරුන්ටම එකතු වෙලා.

දහය වසර පොඩි වුන් පිරිසක් ඒ උසුලු විසුලු චරිත වලට ස්වේඡ්චාවෙන්ම ඉදිරිපත් වුනේ පොඩි වුන්ව බය කරලා ලැබෙන විනෝදෙ අත්විදින්න ආසාවෙන්.

"කුද ගත ගත දොංකුද ගත ගත දොංකුද ගත ගත දොංකුද ගත ගත දොං.."
විවේකයක් නැතුව ඇහෙන ඒ අජේගෙ කට හඩ නිසා මාදව ටික වෙලාවකට තමන් කර කර ඉදපු වැඩේ නවත්තලා වෙස් නැටුම් කණ්ඩායම දිහා හැරිලා බැලුවා.

ලාවුළු | boy love | ongoingWhere stories live. Discover now