Chapter 04

2.3K 390 230
                                    

මාදව ඉස්කෝල ගොඩනැගිල්ල වටේ ඇවිදලා බැලුවත් ඒ පුන්චි උළු වහල සවුත්තු වෙලා තිබුන නිසා ගොඩනැගිල්ල ඇතුලට වතුර කාන්දු වෙලයි තිබුනෙ. ගොඩනැගිල්ලෙ දොරත් ඉබ්බෙක් දාලා අගුලු දාලා තිබුන නිසා තරුණයො හතර දෙනා ජනේලෙ යකඩ දැල් වල එල්ලිලා රිලව් වගේ පන්ති කාමර දිහා බලාගෙන හිටියෙ ඒ සිරි දසුන් දැක බලාගන්න වුවමනාවෙන්.

"මුලින්ම මේ ගොඩනැගිල්ල හදලා තියෙන්නෙ ගමට ඉස්කෝලයක් ඕනි වුනු නිසා. ඒ වුනත් හැම වයසකම ලමයින්ට මේ ඉස්කෝලෙ උගන්නන්න බැරි නිසා පොඩි ප්‍රාථමිකයක් විතරයි තිබිලා තියෙන්නෙ. පස්සෙ ඒකත් එහෙම්ම වැහිලා ගියා. අපි වුනත් මේ ඉස්කෝලෙට ගියෙ නෑ. අපෙ අම්මලා හැමදාම අපිව එක්කන් ටවුමෙ ඉස්කෝලෙට ගියේ."

අජේ එහෙම කියලා යකඩ දැලේ එල්ලිලා ඉන්න එක නතර කරලා දොරේ අගුල ගලවන්න උත්සහ කරපු නිසා අගුල කෙසේ වෙතත් දොරම ගැලවිලා ආවා. අජේ දොරත් එක්කම බිමට ඇදගෙන වැටෙන වෙලේ මාදව අජේගෙ ඇග උඩ තිබුනු දොර පලුව පාගගෙන පන්ති කාමරේ ඇතුලට ගියේ අජේවත් යට කරගෙන.

"මෙතන මේ පොඩි ගොඩනැගිල්ලට වඩා ඔයාලගෙ ගෙදරත් ලොකුයිනෙ. මේක සම්පූර්ණ ඉස්කෝලයක් කියන්නෙ කොහොමද ?"
මාදව එහෙම ඇහුවෙ වල් වැදිලා ගිහින් තිබුන ගොඩනැගිල්ල දිහා බලාගෙන. ඒ වුනත් අජේව නැගිට්ටවන්න ගිහින් මංජුත් ඇදගෙන වැටුන නිසා දෙන්නා බිම නිදාගෙන පාසි ලෙවකන දිහා බලාගෙන මාදව ලොකු හුස්මක් අරන් පහතට දැම්මෙ කම්මැලිකමේ.

"මෙහෙ මරණාදාර සමිතියක් නැද්ද ?"

"තියෙනවා. ප්‍රජා ශාලාව තියෙන්නෙ මේ කිට්ටුවමයි."
කිරි සුද්දා එහෙම කිව්ව නිසා මාදව කිරි සුද්දත් එක්ක පිට්ටනිය පැත්තට යන වෙලේ මංජුයි අජෙයි මාදව පස්සෙන් ආවෙ අතපය පුරා ගෑවිලා තිබුන පාසි පිහදගන්න අතරෙ.

ඒ අය පිට්ටනිය ලගින් තිබුනු පාරකින් පහලට ගියත් මාදවගෙ ඇස් සුවිසාල වුනේ විශ්මයාර්තෙන්. තාර පාර තරම්ම සුවිසාල බොරලු පාරක් තිබුනත් ඒ පාර පුරාවටම මග දෙපැත්තෙම තිබුනෙ ගෙවල්. මාදව හිතුවෙ වැලිගම්බර කියන්නෙ ජනශුන්‍යය විශාල පලාතක් පුරාවට විහිදුණු ගමක් කියලයි.

ලාවුළු | boy love | ongoingWhere stories live. Discover now