මාදව තමන් අතේ තිබුන අයදුම්පත්‍ර හතරත් අතේ තියාගෙන ඉස්කෝලෙ උදේ රැස්වීමේදි පුන්චි ලමයි ඉස්සරහින් හිටගත්තෙ මූණෙ ලොකු හිනාවක් පුරවගෙන. ඉස්කෝලෙට අලුතෙන් තවත් ලමයි දෙතුන් දෙනෙක් එකතු වෙලා තිබුනා. තවමත් මාදවට අද්‍යාපන කටයුතු වලට යොමු කරගන්න බැරි වුනේ ලමයි කිහිප දෙනෙක් විතරයි.
"සාහිත්‍යය දිනේ වෙනුවෙන් තරග කිහිපයක් තියෙනවා. අපි ඒ වෙනුවෙන් ඔයාලව ඇතුලත් කරන්නම්. ඔයාලා ඒ තරග වලින් දිනුවොත් මන් ඔයාලගෙ පොටෝ ගහපු ලොකු බැනර් එකක් ඉස්කෝලෙ ඉස්සරහින් එල්ලනවා."
මාදව කිව්වෙ තරග ගැන ලමයින්ට පැහැදිලි කරන අතරතුරේ. පිටපත් ලිවීම, කියවීම, සමූහ නාට්‍යය, සමූහ ගීත වගේ තරග කිහිපයක්ම වෙනුවෙන් මාදවගෙ ඉස්කෝලෙ ලමයි දහ දෙනාව යොදවන්න මාදවට වුවමනා වුනා.ඉස්කෝලෙට පුළුවන් තරම් ප්‍රසිද්දියක් ලබාගෙන ඉස්කෝලෙට අලුත් ගුරුවරයෙක් ගෙන්න ගන්නයි මාදවට වුවමනා වුනේ. ඒ නිසා සාහිත්‍ය තරග සහ ඉංග්‍රීසි තරග වෙනුවෙනුත් ලමයි සූදානම් කරන්න මාදව සැලසුම් කලා. ඒ නිසා දරුවන්ගෙ දෙමව්පියන් සහ භාග්‍යයා එක්ක එකතු වෙලා මාදව හැමදාම රෑ තිස්සටත් ඉස්කෝලෙ නතර වෙලා පොඩි අයව පුරුදු පුහුනු කලේ විවේකයක් ගන්නෙ නැතුවමයි.
පුන්චි වැලිගම්බර ඉස්කෝලෙන් නිතර නිතර ඇහෙන පුන්චි එවුන්ගෙ හිනා සද්ද බද්ද නිසා එන්න එන්නම ගමේ අයගෙ අවදානෙත් ඒ පුන්චි ඉස්කෝලෙ දිහාවට ඇදුනා. ඒ නිසා පොඩි වුන් ඉස්කෝලෙට වෙලා නාට්‍යය පුරුදු වෙනවා ඇහිලා ගමේ සංගීත මාස්ටර් තමන්ගෙ ගෙයින් මිදුලට බැහැලා පොඩි වුන්ගෙ සින්දු අහගෙන හිටියෙ අත් දෙකත් පස්සට බැදගෙන.
මාදව ගෙදර ගිහින් නා කියාගෙන හවස් යාමෙ ඉස්කෝලෙට ආයෙම එද්දිත් භාග්‍යයා පොඩි වුන්ට ඉන්ග්‍රීසි උගන්නන ගමනුයි හිටියෙ. තව මාස දෙකක්ම තරග වලට කල් තිබුන නිසා භාග්‍යයි මාදවයි රෑ තිස්සටත් පොඩි වුන්ට ඉගැන්නුවෙ දෙමව්පියො කුප්පි ලාම්පු පත්තු කරගෙන පිලට වෙලා මදුරුවො තල තල තනි රකිද්දියි. හවස් වරුවෙ වැඩ ඇරිලා අජේත් මංජුත් එක්ක ඉස්කෝලෙට ඇවිත් පඩිපෙලට වෙලා මොනවදෝ කියව කියව හිටියෙ මාදව පොඩි එවුන්ට නාට්‍යයක් පුරුදු කරන වෙලේ.
YOU ARE READING
ලාවුළු | boy love | ongoing
Non-Fictionඩුකු ඩුකු ඩුකු ! මහ සද්දෙන් සද්ද කරගෙන ඉස්සරහට ඇදුනෙ උඩරට මැණිකේ කෝච්චිය නම් නෙවෙයි. ලාවුළු ගස් අතරින් වැලිගම්බර අසිරිය කියාගෙන ඉස්සරහට ඇදුනු මන්දගාමී බස් රතය ඒ සිරි අසිරි වින්දෙ පාලු කැලේ තනි මකාදාලා. කොස් පොලොස් වලින් සරුසාරෙට තිබුන ලාවුළු වත්ත මැ...