Chapter 24

1.4K 289 234
                                    

"තක දොං !"

"නෑ දොදොංත තකු දොං...!! "

"අනේ පලයන් යන්ට.. තක තක දොං !"
මහල්ලා කිව්වෙ අඩියක් කරකලා පෙන්නලා. ඒ වැරහුණු ගතේ ඉන රැදි වංගෙඩියයි මෝල්ගහයි තාලෙට උඩ පහල  විසි වුනේ පොල් මලක් වගෙයි.

"අනේ දොදොංත තකු දොං බුදු මාමෙ ! තෝ මට බුලත් කොලයක් දෙන්නෙත් නෑ.. පිලිවෙලකට අඩියක් නටාගන්න දෙන්නෙත් නෑ... ඔහේ නේද මෙදා පාර ජනාදිපති තනතුරට පත් වෙන්න ඉන්නෙ. හුම්ම්ම්... පුස් ගද ගහන වාචාල කටයි, හිස් බෙලෙක්කෙ වගේ සද්දෙ කරන අදහසුයි දැක්කම මට තේරුන් ගියා මුලදිම"

"මොන දොදොල්ද බන් ? මන් දන්නෙ තක තක දොං විතරයි... මෙහෙම බකමූණො වගේ රවාගෙන උරහිස් හොල්ලන්න ඕනි වලිප්පුව හැදිලා වගේ.. ඒකට තමා නටනවා කියන්නෙ"

"ඒ වුනාට මං නටන අඩිය දොදොංත තකු දොං !"
අජේ කිව්වෙ මූණ එල්ලගෙන. අජේ කියන දේකට මහල්ලා එකග වුනෙත් නෑ මහල්ලා කියන දේකට අජේ එකග වුනෙත් නෑ.
"අනේ තොපි කසිප්පු කාරයො නටන්න දන්න මගුලක් නෑ. ඒ කාලෙ විමලෙ ගුරුන්නාන්සේ මෙහෙම තමා නැටුවෙ. ඒ වුන්දැ නටනකොට පේන්නෙ මහසෝනා වගේ. ආවේස වෙලා නටන්නෙ නොවැ ! උඹලා නටන්නෙ බඩදරු එළදෙන්නු වගේනෙ"
අබේකෝන් කියනවා ඇහිලා අජේ අත් දෙක බැදගෙන පටලගත්තෙ පණ්ඩිතකමේ මූණ ඔරවගෙන.

"ඔව් ගුරුන්නාන්සේ කොහොමත් දැන් මහසෝනා වෙලා ඇති එහා ලෝකෙදි. ඒ වුන්දැ කොහොමත් කලේ රෑ තිස්සට අඩිය ගහලා බෙරේ ගගහා ගෑණුන්ගෙ යට ගවුම් අස්සෙ ඉදපු යකින්නියො අවුස්සපු එකනෙ"
අජේ කෑගහනවා ඇහිලා අබේකෝන් අජේගෙ මැටිපස් තරම් වේලුණු මොලේට තැලුවෙ විටක් කකා.

ඒ නිසා අජේ මහ හයියෙන් වේදනාවෙන් කෑගහනවා ඇහිලා මාදව හැරිලා බැලුවෙ කම්මුලේ අත ගහගෙන. ඒ මහ ශරීරයක් ඇතුලෙ හිර වෙලා ඉදපු පොඩි දරුවා බුලත් කොලයක් වෙනුවෙන් අබේකෝන් ලග රණ්ඩු සරුවල් කලේ අතේ දුරින් තිබුන බුලත් වැලෙන් බුලත් කොළයක් කඩාගැනීම ඒ හැටි අමාරු රාජකාරියක් වගෙයි.

"අනේ උඹ දන්න අඩි. පලයන්කො පොඩි එකෝ පැත්තකට ! මෙහෙම අට ගහලා, උරහිස් පද්දලා අරන්, උඩ පැනපන් !"
අජේට මෙහා පැත්තෙන් ඉදන් ඉදපු අබේකෝන් ආයෙම කියනවා ඇහිලා අජේ කට වහගෙන පැත්තකට වෙලා වාඩි වුනේ බුලත් කොලයක් කටේ ඔබාගෙන.

ලාවුළු | boy love | ongoingWhere stories live. Discover now