Chapter 20

1.2K 297 290
                                    

දහම් පාසලේ පෙරහැරේ වෙස් මූණු හදන්න මාදව භාරගෙන තිබුනු නිසා මංජුයි අජෙයි එක්ක එකතු වෙලා වෙස් මූණු හැදුවෙ ගෙදරට වෙලා. ඒ අතරෙ මාදව ටික වෙලාවකට වැඩ නැවැත්තුවෙ නවාගෙනම ඉදලා හිරිවැටිලා තිබුන තමන්ගෙ කකුල් දිග අරින අතරෙ. මංජුයි අජෙයි වෙස් මූණු පින්සල් වලින් ඇදලා පාට කරන දිහා මාදව බලාගෙන හිටියෙ ආසාවෙන්. ඒ අයගෙ ඇගේ කලා හැකියාව උපරිමේටම තිබුන නිසා ඒ තරුණයො දෙන්නා හදපු හැම වෙස් මූණක්ම පෙනුනෙ අතිවිශිෂ්ඨ පෙනුමට.

කාඩ්බෝඩ් වලින් කපලා හදපු වෙස් මූණු වුනත් ඒවා හැඩට පෙනුමට තිබුනා. මුලින් මුලින් වැඩේට බෑයි කියපු තරුණයො දෙන්නා අන්තිමේ මාදවට එකතු වුනේ තනියම වෙස් මූණු හදන්න වෙහෙසෙන මාදව ගැන අනුකම්පාවෙනුයි.
"ඔයාලා දෙන්නා මට මේ කරන උදව් වලට මන් හොදටෝම ණයයි. මට ඔයාලා දෙන්නව පුදුම තරම් වටිනවා !"
මාදව කියනවා ඇහිලා අජේ මාදව දිහාවට හැරුනේ පින්සල පැත්තකින් තියලා තමන් අතේ තිබුන වෙස් මූණෙ හැඩ බලන වෙලේ.

"සුදු මහත්තයා එදා කිව්වා නේද පඩි ලැබුනු දවසට අපිට මේවට ගෙවනවා කියලා ? තාම අපිට කීයක්වත් ලැබුනෙ නෑනෙ."
අජේ කියද්දි මාදව අජේ කියපු දෙයක් ඇහුනෙ නෑ වගේ ආයෙම කාඩ්බෝඩ් එකෙන් වෙස් මූණු කපන්න ගත්තෙ බිම බලාගෙන.

"ඔයාලව මුදලින් අගය කරන්න බැරි තරම් මට වටිනවා !"
මාදව එහෙම කිව්වෙ කාන්ති සාලෙ මැදින් ගෙනත් තියපු තේ කෝප්පෙන් තේ උගුරක් බොන වෙලේ.

මහ රෑ ලන් වෙද්දි මංජු කලින්ම වෙස් මූණු හද එක නතර කරලා නිදාගන්න ගිය නිසා මාදවත් ඇදට ගියේ තද නින්දෙ. මාදවට දැනුනෙ තමන්ගෙ ඇස් නින්ද ඉල්ලලා කෑමොර දෙනවා වගෙයි.

මාදව මූණ අත පය හෝදගෙන ඇදුම් මාරු කරගෙන ඇදට නගින වෙලේ අජෙත් නාගෙන තුවාය ඉන වටේ ඔතන් කාමරේට එනවා දැකලා මාදව ඇදේ එහා කෙලවරට ගියේ අජේගෙ දිග අඩු පඩු දිග ඇරගන්න සෑහෙන ඉඩක් ගියපු නිසයි. අජේ උරහිස වටේ ඔතන් ඉදපු තුවාය නිසා මුලින් මාදවට අජේගෙ පච්චය පෙනුනෙ නෑ. ඒ වුනත් අජේ තුවාය ගලවලා පැත්තකට විසි කරන වෙලේ ඒ ඇත්දල පැහැ හමේ කාලවර්ණ කැටයම දිලිසෙන්න ගත්තෙ කාමරේ විදුලි බුබුලෙ ආලෝකයට.

ලාවුළු | boy love | ongoingWhere stories live. Discover now