පන්සලට ගිහින් එන අතරමග කන්ද පාමුල වැටිලා තිබුන දඹ ගෙඩි අහුල අහුල මාදව බිම කක්කුස්සි ඉරියව්වෙන් වාඩි වෙලා හිටියෙ සුදු සරම අස්සෙ දඹ ගෙඩි පුරවගෙන. මංජුත් මාදවගෙ සරම අස්සෙන් දඹ ගෙඩි අහුරක් අතට ගත්තෙ මාදවට එහා පැත්තෙන් ඒ ඉරියව්වෙන්ම වාඩි වෙලා කම්මුලට අත හේත්තු කරගන්න වෙලේ.
"අර ඉස්කෝලෙ චූටි ටීචර් ලස්සනයි නේද ?"
මංජු කිව්වෙ දඹ ගෙඩි වල වැලි ඇගිලි තුඩු වලින් පිසදාලා කටේ ඔබගන්න අතරෙ.
"ලස්සනයි කියලා මන් මොනා කරන්නද ? ඔයා මන් ලගට ඇවිත් සිය පාරකට වඩා ඔය වාක්‍යය කිව්වත් මන් කපුකම් කරන්නෙ නෑ."
මාදව කිව්වෙ හැදෙන ගහ දෙපෙත්තෙන් කියන්න පුලුවන් නිසයි."ඒකි ඉන පද්දලා යන්නෙ හරි සෝබනේට. මන් ගිහින් කතා කරන්නද ?"
"අනේ උඹලට කතා කරගන්න බැරි නම් වහ කාලා මැරුනත් මට කමක් නෑ.. වද නොදී පාඩුවේ ගිහින් කරගන්න දෙයක් කරගනින්කො !"
මාදව බෙරිහන් දෙනවා ඇහිලා මංජු ආයෙම ඔලුව කැසුවෙ මාදවගෙ සරම අස්සෙන් තව දඹ පොකුරක් අතට අරගෙන."ඒකි මට බය වෙලා දමලා ගහලා ගියොත් එහෙම ? ආයෙ කතාවක්වත් කරන එකක් නෑ."
"ඔව් උඹලට අසහනේනෙ. නැත්තන් ලස්සනට පේන ගෑණුන්ගෙ ඉන දිහා බලාගෙන කෙල හල හල මෙහෙම මෙතෙන්ට වෙලා කියව කියව ඉදීද ?"
මාදව කිව්වෙ තමන්ගෙ බොකුටු සරමෙන් දඹ හොරකම් කරන්න හිතාගෙන අජෙත් එතෙන්ට එහා පැත්තෙන් වාඩි වුන නිසා අජේගෙ අතට හයියෙන් ගහලා. ඒ නිසා අජේ මාදව දිහා ඔරවලා බැලුවෙ මේ පුන්චි දඹ ගෙඩියත් ලෝභකමේ කන මාදව ගැන තරහෙන්."නන්ගිලගෙ ගවුම් අස්සට රින්ගන්න සැලසුම් ගහන වෙලේ අර පැත්තකට ගිහින් කරණම් දෙකක්වත් ගහපන්කො. උඹලට දාඩිය දාලා අසහනේ ඇරුනම තේරෙයි භාග්‍යයා වගේ ලස්සන ගෑණු අපි වගේ පිරිමින්ගෙ දිහා බලලා කෙල පිඩක්වත් ගහන්නෙ නෑ කියලා."
මාදව කිව්වත් මාදව ඇතුලු තුන්දෙනාම බිම බලාගෙන ඒ වාක්‍යය ගැන දෙතුන් වතාවක් හිතලා බැලුවෙ ඔලු වල අතගහගෙන. එවෙලේ අජේ මාදවගෙ සරම අස්සෙන් දඹ අහුරකුත් හොරකම් කරගෙන කටේ දාගත්තෙ කම්මුලේ අත ගහගෙන ඈත ක්ශිතිජය දිහා බලාගෙන මොනාදෝ කල්පනා කර කරමයි.
YOU ARE READING
ලාවුළු | boy love | ongoing
Non-Fictionඩුකු ඩුකු ඩුකු ! මහ සද්දෙන් සද්ද කරගෙන ඉස්සරහට ඇදුනෙ උඩරට මැණිකේ කෝච්චිය නම් නෙවෙයි. ලාවුළු ගස් අතරින් වැලිගම්බර අසිරිය කියාගෙන ඉස්සරහට ඇදුනු මන්දගාමී බස් රතය ඒ සිරි අසිරි වින්දෙ පාලු කැලේ තනි මකාදාලා. කොස් පොලොස් වලින් සරුසාරෙට තිබුන ලාවුළු වත්ත මැ...