Chapter 42

1.3K 221 149
                                    

ඉස්කෝලෙට අලුතින් ලමයි කිහිප දෙනෙක්  එකතු වුන නිසා පහලොවක තරම් විතර සෙනගක් ඉස්කෝලෙට පිරුණා. ඒ නිසා මාදව දවල් වරුවට ළමයින්ට අකුරු උගන්නලා හවස් වරුවට තරග වලට පුහුණුවීම් කලේ භාග්‍යයත් එක්ක එකතු වෙලා. භාග්‍යයා මහ රෑට කුලී ගෙදරට ගියේ ඒ අහල පහල ඉදපු ලමයි දෙතුන් දෙනෙක් සහ ඒ අයගෙ දෙමව්පියන්ගෙ නඩේට එකතු වෙලා. ඒ වුනත් ලාවුළු කැලේ මැදින් තාර පාර දිගේ කවුරුත් යන්න හිටියෙ නැති නිසා මාදව තනියමමයි ගෙදර ගියේ.

අජේ මංජුත් එක්ක මහ ගෙදර මගුල් ගෙදර වැඩට උදව් වෙන්න ගිහින් හිටපු නිසා සතියකින් විතරම ඒ අය ගෙදර ආවෙ නෑ. ඒ නිසා ඒ හැම දවසකම මාදව තනියම කලුවරේ ගෙදර ආවෙ විදුලි පන්දමකුත් පත්තු කරගෙන. මාදව මේ තරම් කාලෙකට තනියම පාරක එන්න බයේ ඉදලා නෑ. තමන් ගෑණියෙකුත් නොවන නිසා මොකට බය වෙවී ගැහෙනවද කියලා මාදවට තේරුණෙත් නෑ. ඒ වුනත් තමන්ගෙ හිතට එකපාරට දැනෙන්න ගත්තු සාංකාවයි පාළුවයි තනියයි නිසා මාදවට දැනුනෙ තමන්ගෙ හිතත් බොලද වෙලා වගෙයි. වෙනදට අජේවත් තමන්ගෙ තනියට හිටියා නේද කියලා මතක් වෙද්දි මාදවට තවත් බය හිතුනා.

මහ පාරෙ රෑ තනියම යන්න තරමටවත් තමන් වැඩිලා නෑ වගෙයි මාදවගෙ හිතට දැනුනෙ. වෙන කෙනෙක් තමන්ගෙ වුවමනා එපාකම් ගැන හැම තිස්සෙම හොයලා බලපු නිසා මාදවගෙ හිතයි ගතයි ඉඹේම ඒ පුද්ගලයා නැති තැනදි ලාමක වුනා. මාදවට දැනුනෙ තමන් පිටතින් නොපෙන්නුවට ඇතුලතින් බොලද වෙලා වගෙයි.

"මොන පිරිමි පරාණෙද මහ රෑ පාරෙ යන්න බය වුනේ ? පිරිමි නැත්තන් වෙන මොක්කු රෑ පාරෙ තනියම යන්නද ? ගෑණු යන්නයැ ?"
මාදව තමන්ටම කියාගත්තෙ ආයෙ ආයෙත් ඒ වචන කිහිපය තමන්ගෙ හිතට දැනෙන්න සලස්සන්න වුවමනා වුන නිසයි. මාදව ගෙට ලන් වෙද්දිත් කාන්ති පිලේ ඉදගෙන පොල් කට්ටක් දල්වගෙන ගින්දර තපිනවා දැකලා මාදවත් ඇදුම් මාරු කරගෙන ඇවිත් පිලේම පැත්තකින් වාඩි වුනා.

මදුරුවො තල තල කොහෙදෝ බලාගෙන මොනවදෝ කල්පනා කරන කෙසග තරුණයව පෙනුනෙ කම්මැලිකමේ දිරාපත් වෙනවා වගෙයි. ඒ නිසා කාන්ති මාදව දිහාවට හැරුනෙ ඔලුව වටේ ඔතන් ඉදපු චීත්තෙන් රස්නෙට ගුලිවෙන අතරෙ.
"අරුන් එන්නෙ නැති වෙයි නේද ඉක්මනට.. තව සතියක්වත් යයි උන් එන්ට... මාත් හෙට දිහාට එහෙ ගියාම ඉස්කෝලෙ මහත්තයට මෙහෙ තනියම ඉන්න පුළුවන්ද ?"
කාන්ති අහපු නිසා මාදව බිම බලාගෙන හිනාවුනේ මදුරුවො කාලා තඩිස්සන් වෙලා තිබුන බෙල්ල අතගගා.

ලාවුළු | boy love | ongoingWhere stories live. Discover now