"නායක හාමුදුරුවොන්ට අපි නඩු කියමු. නායක හාමුදුරුවො දන්නවා මේ වගේ ප්‍රශ්න විසදන්න ! පොඩි වුන්ගෙ අම්මලා එක්ක නායක හාමුදුරුවො කතා කරයි."
අජේ කිව්වෙ මාදවගෙ අතින් ඇදගෙන කන්ද නැගගෙන යන අතරෙ. ඒ වුනත් මාදව බිම බලාගෙන ඇවිද්දෙ ඕනිවට එපාවට කකුල් ඇද ඇද.ඒ අතරෙ එකපාරටම ඇහුන කටහඩක් නිසා මාදව හැරිලා බැලුවෙ පුදුමෙන්. කමත කිට්ටුව අදත් පොඩි එවුන් හතර පස් දෙනෙක් සෙල්ලම් කර කර ඉන්නවා දැකලා මාදව බලෙන්ම අජේගෙ අත ඇරවගෙන කමත දිහාවට ඇවිද්දෙ අජේ හැරිලා මාදව දිහා බලද්දියි. කමත කිට්ටුවට වෙලා හිටගෙන මාදව ටික වෙලාවක් පොඩි වුන් දිහායි මහ එවුන් දිහායි බලාගෙන හිටියෙ කමතට බහින්නෙ නැතුව.
වැඩිහිටි පිරිස දහයියා කමතෙ වේලෙන්න දාන අතරෙ පොඩි එවුන් ක්‍රිකට් ගැහුවෙ කෑකෝ ගගහා. ඒ වුනත් එදාට වඩා කමතෙ වැඩට හිටියෙ පොඩි පිරිසක්. කලින් දවසෙ මුණ ගැහුන කාන්තාවත් පේන මානෙක හිටපු නැති නිසා මාදව පොඩි එවුන් දිහාවට ඇවිද්දෙ දිග කලිසමේ පිදුරු කොට ඇනිලා පහුවදා කසන්න ගනීවි කියලා හිතුන නිසා දණිහ ලගට උස්සගෙන.
මාදව එනවා දැකලා පොඩි එවුන් අදත් මාදව දිහාවට එනවා දැකලා මාදවගෙ මූණෙන් කිරිසුදු හිනාව දෝරෙ ගැලුවා. මාදව හිතුවෙ පොඩි එවුන් අමනාපකම් හිතේ තියාගෙන මාදව එක්ක තරහෙන් ඇති කියලයි. ඒ වුනත් ඒ පොඩි එවුන් බව මාදවට අමතක වෙලයි තිබුනෙ.
"ඔයාලා ක්‍රිකට් සෙල්ලම් කරලා ඉවරද ?"
මාදව අහද්දි පොඩි වුන් කෑකෝ ගැහුවෙ මාදවගෙ අවදානෙ ඉල්ලගන්න තිබුන වුවමනාවට."අපි අදත් ඉස්කෝල සෙල්ලම කරමුද ? අපි මෙතන ඉදන්ම ඉගෙන ගමු. මේ කිට්ටුව ඔයාලගෙ අම්මලා අප්පච්චිලා ඉන්නවනෙ."
මාදව එහෙම කියලා ගිනිසීරියා කොල අත්තක් ඇරන් ඇවිත් කමතෙ තිබුන පිදුරු පිසදාලා අත්ත දෙකට මැදින් කැඩුවෙ පොඩි වුන් දිහාවට හැරෙන අතරෙ."ඔයාලා දන්නවද අකුරු ගැන ?"
මාදව අහද්දි පොඩි වුන් මොනවත් නොකියා මාදව දිහා බලන් ඉදපු නිසා මාදව හිනාවෙලා බිම තඩිස්සිවට 'අ' යන්නක් ලිව්වෙ පොඩි එවුන් ඒ දිහා පුදුමෙන් බලාගෙන ඉද්දි.
YOU ARE READING
ලාවුළු | boy love | ongoing
Non-Fictionඩුකු ඩුකු ඩුකු ! මහ සද්දෙන් සද්ද කරගෙන ඉස්සරහට ඇදුනෙ උඩරට මැණිකේ කෝච්චිය නම් නෙවෙයි. ලාවුළු ගස් අතරින් වැලිගම්බර අසිරිය කියාගෙන ඉස්සරහට ඇදුනු මන්දගාමී බස් රතය ඒ සිරි අසිරි වින්දෙ පාලු කැලේ තනි මකාදාලා. කොස් පොලොස් වලින් සරුසාරෙට තිබුන ලාවුළු වත්ත මැ...