සුදු අත්දිග කමිසෙයි, කලු දිග කලිසමයි මේස් සපත්තුයි දාගෙන මාදව ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙලා තාර පාරෙන් මෙහා පැත්තට වෙලා බලාගෙන හිටියෙ උදේ පාන්දර ඩුකු ඩුකු බස් රතයෙ ටවුමට පිටත් වෙන මංජුයි අජෙයි දිහා. ඒ තරුණයො දෙන්නා බස් රතයට නගින වෙලේ බස් රතය යන්න පිටත් වුනේ අමාරුවෙන් කෙදිරිල්ලක් පිට කරලා පස්සෙන් කලු පාට දුමාරෙකුත් පිට කරගෙන.
අජේ ටවුමෙන් බැහැලා චූටිගෙයි අප්පච්චිගෙයි කඩේ ඉස්සරහින් ගිහින් හිටගනිද්දි රෙදි කඩෙන් එලියට ආපු චූටි පුදුමෙන් අජේ දිහා බැලුවෙ කඩේ අරින්න සූදානම් වෙන අතරෙ.
"තොපි දෙන්නා මොනාද මෙහෙ කරන්නෙ ?""කඩේ වැඩට ආවෙ"
අජෙයි මංජුයි කියනවා ඇහිලා තරුණයො දෙන්නව කඩේ ඇතුලට ගන්නෙත් නැතුව චූටි අත්දෙක ඉස්මුදුන් කරලා වැදගෙන තරුණයො දෙන්නා ඉස්සරහ කොන්ද නැමුවෙ වැද නමස්කාර කරලා.
"අනේ බුදු දේවයන් වහන්ස, තොපෙ උදව් නම් වුවමනා නෑ. මේ රෙදි කඩේ සුනාමියක් ඇවිල්ලා ගහගෙන ගියත් තොපි දෙන්නව නම් මේක ඇතුලට ගන්නෙ නෑ"
චූටි කියනවා ඇහිලා අජේ චූටිගෙ කරේ එල්ලුනෙ තමන්ගෙ බළල් ඇස් දෙක තඩි කරගෙන."මට මාස තුනකට වැඩ කරන්න දීපන්කො. අතේ සතේ නෑ බන්. හැමදාම වැඩ කරන්න නෙවේනෙ ඉල්ලන්නෙ !"
අජේ කිව්වත් චූටි ඔලුව ගසා දැම්මෙ රෙදි කඩේ වටේට කහ වතුර ඉහින වෙලේ.
"තොපි වගේ විසබීජ මෙව්වා අස්සෙ රින්ගන්න එන හින්දා තමා මන් මෙහෙම හැමදාම කහ වතුර ඉහින්නෙ""මන් අප්පච්චිට ගිහින් කේළම් කියනවා හාද ?"
අන්තිමේ අජේ කියද්දි චූටි අජේ දිහා බැලුවෙ ඇහිබැම හකුලගෙන.
"තොපි වගේ එවුන්ගෙ වැඩ තහනම් කරලා මදි. වරෙන් ඇතුලට. හැබැයි උඹලා දෙන්නා මට පච කිව්වොත් හරි, මොනවහරි හොරයක් කරලා අහු වුනොත් හරි,මොනවහරි වලියකට එකතු වුනොත් හරි මතක තියාගනින් උඹලව මම හිරේටම යවනවා හොදද !"
චූටි එහෙම කියලා තරුණයො දෙන්නව ඇතුලට ගත්තෙ උන් දෙන්නගෙ ඔලු වලත් දෙහි ගෙඩියකින් කහ වතුර ටිකක් අතුල්ලලා.ඒ රෙදි කඩේ බොහොමයක් වෙලාවට රෙදි විකුණුවෙ තොග වශයෙන්. සාරි, ඔසරි හා චීත්ත රෙදි විශාල පරිමාණයෙන් වෙලදාම් කරපු නිසා හුගක් වෙලාවට චූටිගෙ කඩේට ආවෙ දුර පලාත් වල ඈයො. ඒ නිසා මංජුටයි අජේටයි රෙදි යාර කපන තැන වැඩ කරන්න ලැබුනෙ එවුන්ට සල්ලි අතපත ගාන තැන් වල වැඩක් භාර දෙන්න තරම් චූටිට එවුන් දෙන්නා ගැන විශ්වාසයක් තිබුනෙ නැති නිසයි.
YOU ARE READING
ලාවුළු | boy love | ongoing
Non-Fictionඩුකු ඩුකු ඩුකු ! මහ සද්දෙන් සද්ද කරගෙන ඉස්සරහට ඇදුනෙ උඩරට මැණිකේ කෝච්චිය නම් නෙවෙයි. ලාවුළු ගස් අතරින් වැලිගම්බර අසිරිය කියාගෙන ඉස්සරහට ඇදුනු මන්දගාමී බස් රතය ඒ සිරි අසිරි වින්දෙ පාලු කැලේ තනි මකාදාලා. කොස් පොලොස් වලින් සරුසාරෙට තිබුන ලාවුළු වත්ත මැ...