මාදව තමන්ගෙ සුදු අත් දිග කමිසෙ කලිසමට යට කරගෙන හැරිලා අජේ දිහා බැලුවෙ පොලිශ් කරපු සපත්තු දෙකත් ලන් කරගෙන.
"දෙන්න ඕක !"
මාදව එහෙම කියලා අජේ කර වටේ ඔතන් ඉදපු කර පටිය බෙල්ල වටේ ඔතාගෙන මේස් දාලා සපත්තු දෙකක් දාගත්තා.
"සුදු මහත්තයා පලවෙනියට දැක්ක දවසටත් වඩා ලස්සනට ඉන්නවනෙ !"
අජේ කිව්වෙ මාදවගෙ කර පටිය පිලිවෙලක් කරන අතරෙ. මාදව අජේ දිහා බැලුවෙ තමන් මේ තරම් කාලෙකට අහලා තියෙන ලොකුම ප්රශංසාව ඇහුවා වගේ තඩිස්සන් හිනාවක් මූණෙ පුරවගෙන.අලුත් ඉස්කෝලෙ රාජකාරි වලට යන පලවෙනි දවස එනකම් මේ තාරම් කාලයක් පෙරුම් පුර පුර ඉදලම මාදවගෙ හදවත නොඉවසිල්ලෙන් ගිනි පුපුරු දදා ඇවිලුනා. ඒ නිසා මාදවට දැනුනෙ පුන්චි එවුන්ගෙ මූණු දකිනකම් තමන්ට වාවන්නෙ නෑ කියලයි.
මාදව කාමරෙන් එලියට එනකොටත් කාන්ති ලොකු බත් පිගානක් බෙදලා තියෙනවා දැකලා මාදව බත් කටවල් දෙක තුනක් කෑවෙ ඔරලෝසුව දිහා බලාගෙන.
"ඔයාලා අද මොකද කරන්නෙ ?"
මාදව ඇහුවෙ තමන් ඉස්කෝලෙ උගන්නන්න ගියෙන් පස්සෙ අජේ මංජුත් එක්ක මොනවද කරන්න යන්නෙ කියලා දැනගන්න ඕනි වුනු නිසයි. ඒ වුනත් අජේ මොනවත් නොකීව නිසා මංජුත් අජේ දිහා බලාගෙන හිටියෙ පිලිඋත්තරයක් ලැබෙනකම්."මොනවා කරන්නද ඉතින් ? ගෙදෙට්ට වෙලා ඉන්නවා."
අජේ කියනවා ඇහිලා මංජුට පුදුම හිතුනත් අජේ කියන දේකට එහා යන දෙයක් කියන්න මංජුට වුවමනාවක් තිබුනෙ නෑ. ඒ වුනත් මාදව පලවෙනි දවසෙ ඉස්කෝලෙට එක්ක යන්න තරුණයො දෙන්නත් ආවෙ පාර දෙපැත්තෙ තියෙන ලාවුළු අහුල අහුල."ඔයාලා දෙන්නව දැක්කම මට පේන්නෙ මහ කාලකණ්ණි මිනිස්සු දෙන්නෙක් වගේ. එක්කො කමක් නෑ. මේ කාලෙ ඔහොම ඇවිද ඇවිද ඉන්නකො. ඉතුරු මාස හතර තුන ගෙවුනම මටත් වඩා වැඩ තියෙන්නෙ ඔයාලටනෙ."
මාදව කියනවා ඇහිලා තරුණයො දෙන්නා පස්සෙන් ගෑටුවෙ මොනවත් නොකියා. ඉස්කෝලෙ ලගට කිට්ටු වෙද්දි අනිත් තරුණයො දෙන්නා මග නැවතුන නිසා මාදව තනියමම තාර පාරෙ ඉදන් පහලට පඩිපෙල බැස්සා. ඒ වුනත් තාමත් අජෙයි මංජුයි පැත්තක හිටගෙන බලාගෙන ඉන්නවා දැකලා මාදව හැරිලා බැලුවා.
YOU ARE READING
ලාවුළු | boy love | ongoing
Non-Fictionඩුකු ඩුකු ඩුකු ! මහ සද්දෙන් සද්ද කරගෙන ඉස්සරහට ඇදුනෙ උඩරට මැණිකේ කෝච්චිය නම් නෙවෙයි. ලාවුළු ගස් අතරින් වැලිගම්බර අසිරිය කියාගෙන ඉස්සරහට ඇදුනු මන්දගාමී බස් රතය ඒ සිරි අසිරි වින්දෙ පාලු කැලේ තනි මකාදාලා. කොස් පොලොස් වලින් සරුසාරෙට තිබුන ලාවුළු වත්ත මැ...