මංජුයි අජෙයි චූටිගෙ කඩේ වැඩ ඉවර වෙලා එන්න සූදානම් වෙන වෙලේ චූටිත් කඩෙන් එලියට බහිනවා දැකලා අජේ හැරිලා බැලුවෙ පුදුමෙන්.
"මාත් එනවා ඔයාලා එක්ක ලොකු අම්මගෙ ගෙදර යන්න. අප්පච්චි කිව්වා මගුල් ගෙවල් ගැන ලොකු අම්මටත් කියන්න කියලා"
චූටි එහෙම කියලා තරුණයො දෙන්නා එක්ක පයින්ම ආවෙ ලාවුළු පාර දිගේ. හවසට බස් රතය නෑ කියලා දැන දැනත් අජෙයි මංජුයි මෝටර්සයිකලේ වැඩට ගියෙ නැත්තෙ මෝටර්සයිකලේට තෙල් ගහන්න සල්ලි තිබුනෙ නැති නිසයි. ඒ නිසා චූටිටත් ඒ අයත් එක්කම පයින් එන්න සිද්ද වුනා.ඒත් අතරමගදි එකපාරට ලාවුළු කැලේ පැත්තෙන් ඇහුන සද්දයක් නිසා තරුණයො තුන්දෙනා හැරිලා බැලුවෙ තිගැස්මෙන්. මේ හවස් යාමෙ ගෙයක් වත් නැති අහල පහල කැලේ අස්සෙ ඉන්න වල් සත්තු ගැන තරුණයො තුන්දෙනාම හොදින් දැනන් හිටියා. ඒ නිසා ඒ අය පය ඉක්මන් කලේ පස්ස හැරි හැරී බල බල දුවන අතරෙ.
ඒ වුනත් එන්න එන්නම සර සර සද්දෙ ලන් වෙනවා ඇහිලා තුන්දෙනා දුවන්න ගත්තෙ පයේ තිබුන සෙරෙප්පු , සපත්තු ගලවගෙන. ඒ අයට ඇහුනෙ මහ සද්දන්ත වල් ඌරෙක් ඒ අය පස්සෙන් පන්නවා වගෙයි. ඒ වුනත් කොල අතු හෙලවෙන සද්දෙ එන්න එන්නම ලන් වෙනවා ඇහිලා මංජු පැත්තකට දිව්වෙ ගහකට නැගගන්න කියලා හිතාගෙන. ඒ නිසා අජේ කෑගැහුවෙ මග නොනැවතීම ඉස්සරහට දුවන අතරෙ.
"තෝ කොහෙද දුවන්නෙ මංජුවෝ ?"
"ගහකට නැගපන්. නැත්තන් උඹලගෙ කෑලි ගලවන් යයි කැලෑ වලහා !"
මංජු කෑගහනවා ඇහිලා අජේ පස්සහ හැරිලා බලලා මංජු දිහා බැලුවෙ බිමට කෙල පිඩක් ගහන අතරෙ.
"අනේ මීහරකො ඒ දිවෙයෙක්ද කියලා කවුද දන්නෙ ? උන්ට පූසොන්ට වගේ ගස් බඩගාන්න පුලුවන්."
අජේ කෑගහනවා ඇහිලා මංජු ගස් බඩගෑවිල්ල පැත්තක දාලා පස්සෙන්ම දුවගෙන ආවා.ඒ වුනත් චූටි මග ඇදගෙන වැටුන නිසා අනිත් තරුණයො දෙන්නත් ලග ලගම එන මහ සර සර සද්දෙ ඇහිලා ලග තිබුන පොල් ගහක් දිගේ බඩගෑවෙ පහලවත් නොබලා. අඩුම තරමෙ ගහ දිගේ දිවියා බඩගෑවත් තමන්ගෙ මූණ නොපෙනුනොත් ඌ හැරිලා යාවි කියලයි අජේට පහලින් ඉදපු මංජු හිතුවෙ. ඒ තරුණයො දෙන්නා පොල් ගහ මුදුනට වෙලා කදට ඔලුව ඔබන් ඉන්න වෙලේ චූටි බිම ඔලුව හරවන් යටි අතට හාන්සි වෙලා ඉදියෙ ඇග උඩින් වාහනයක් ගියත් හැරිලා බලන්නෙ නෑ කියලා හිතාගෙන.
YOU ARE READING
ලාවුළු | boy love | ongoing
Non-Fictionඩුකු ඩුකු ඩුකු ! මහ සද්දෙන් සද්ද කරගෙන ඉස්සරහට ඇදුනෙ උඩරට මැණිකේ කෝච්චිය නම් නෙවෙයි. ලාවුළු ගස් අතරින් වැලිගම්බර අසිරිය කියාගෙන ඉස්සරහට ඇදුනු මන්දගාමී බස් රතය ඒ සිරි අසිරි වින්දෙ පාලු කැලේ තනි මකාදාලා. කොස් පොලොස් වලින් සරුසාරෙට තිබුන ලාවුළු වත්ත මැ...