Chapter 41

1.4K 226 250
                                    

මාදව පොලිස් නිලදාරීන් කිහිපදෙනෙක් එක්ක කන්ද නගින්න පටන් ගත්තෙ හති ඇර ඇර.
"හිබෙරලියාවට උඩහින්, ඉස්කෝලෙ නොයන ළමයි තියා ගෙවල් තියෙනවද කියලාවත් මන් දැනන් හිටියෙ නෑ."
පොලිස් නිලදාරිනියො දෙතුන් දෙනා කියද්දි අනිත් පොලිස් නිලදාරියා නම් මොනවත් නොකියා පස්සෙන් ආවෙ තමන්ගෙ රා කළයක් විතර විසාලෙට තිබුන කුස උස්සගෙන. කන්ද පාමුලින්ම මාදව දැක්කෙ මිදුලට වෙලා බුලත් විටක් හප හප ඉදපු වයසක කාන්තාවක් ගස් ගල් පෙරලන් දුවන සේයාවයි. එවුන්දැ හිතුවෙ මාදව පොලීසියෙන් එක්ක එන්නෙ ගණිකා මඩම අකුලන් යන්න කියලයි.

කන්ද මුදුනටම යන වෙලේ පුන්චි පැලක් ලගට වෙලා පොළොස් ගෙඩියක් සුද්ද කර කර ඉදපු කාන්තාවක් පොලීසියෙ අය එනවා දැකලා ඉදගෙන ඉදපු තැනින් නැගිට්ටෙ හිතේ චකිතෙන් අතේ කොහැල්ලැ අරින අතරෙ.
"මෙහෙ ඉස්කෝලෙ යන්නෙ නැති පොඩි වුන් ඉන්නවද ?"

ඈතින් එද්දිම කාන්තාව පෙනෙන්න ගද්දි පොලිස් නිලදාරියා ඇහුවෙ වටින් පිටින් නොගිහින් කෙලින්ම කතාවට බහින අතරෙ. තමන්ගෙ ගෙදර පිලේ වාඩි වෙලා හති අරින පොලිස් නිලදාරියයි, ඉස්කෝලෙ මහත්තයයි අනිත් පොලිස් නිලදාරිනියො දෙන්නයි දැකලා ඒ කාන්තාව ආගන්තුකයො දිහා බැලුවෙ හිතේ බයෙන්.

"එහෙමයි මහත්තයා ! අනේ බුදු මහත්තයා අපිව හිරේ යවනවද ? මහත්තයලට ගෙවන්න සල්ලි භාගෙවත් නෑ අපි ළග. මේ පොඩි වුන්ව ඉස්කෝලෙ යවන්න අපිට සල්ලි මුදල් කොහෙන්ද ?"
කාන්තාව කිව්වෙ බැගෑපත් වෙල.

"මේ ඉස්කෝලෙ මහත්තයා කියන්නෙ ඉස්කෝල ඇදුම්, පොත් පත් නැතුව හරි ළමයි ඉස්කෝලෙ එව්වනම් ඇති කියලා. ඇයි උඹලා ලමයි ඉස්කෝලෙ යවන්නෙ නැත්තෙ ?! වුන්ව ගෙවල් වල තියාගෙන වුන්ගෙන් වැඩ ගන්න හින්දද ?"
පොලිස් නිලදාරියා අහද්දි කාන්තාව ඔලුව වේගෙන් දෙපැත්තට වැනුවෙ අත් දෙකත් ඔලුවෙ ගහගෙන.

"එහෙම දෙයක් නෙවේ මහත්තයෝ ! අපෙ මිනිහා කැමති නෑ පොඩි වුන් ඉස්කෝලෙ යනවට. උගෙ අදහසටමයි මේ අහල පහල ඉන්න උනුත් වැඩ. එවුන් කියනවනෙ පොඩි වුන් කුඹුරක් කොටන්න දැන ගත්තා නම් ඇති කියලා."
ඒ කාන්තාව කියනවත් එක්කම ඈතින් කන්දක් නැගගෙන එන තරුණ එහෙත් වයසට වඩා මුහුකුරා ගියපු පිරිමියෙක් ආවෙ පොරවකුත් කරේ තියාගෙන.

ලාවුළු | boy love | ongoingWhere stories live. Discover now