Chapter 30

1.3K 273 298
                                    

අජේගෙ පවුලෙ අය ගියපු පහුවදා සෙනසුරාදා මාදව තනියමම ගෙදරින් එලියට බැහැලා තාර පාර දිගේ යනවා දැකලා අජෙයි මංජුයි ඊට පස්සෙන් ආවෙ යන්නෙ කොහෙද, මොකට යනවද කියලා නොදැන.
"මොකද සුදු මහත්තයා තරහ අරන් ඉන්නෙ ?"
අජේ ඇහුවත් මාදව පිලිඋත්තරයක් නොදුන්න නිසා ඇවිල්ලා මාදවගෙ උරහිස වටේ අත ඔතාගත්තෙ මාදවගෙ ඇගට බර වෙලා.

"අපි කොහෙද යන්නෙ ?"

"මගෙ ගුරු නිල නිවෙස හොයන්න"
මාදව කියනවා ඇහිලා අජේ තමන්ගෙ අත් දෙක බුරුල් කරගන්නවා දැනිලා මාදව හැරිලා බැලුවා.
"සුදු මහත්තයට කවුද ඒක ගැන කිව්වෙ ?"

"ඒ කියන්නෙ ඔයා ඒ ගැන කලින් ඉදන්ම දැනන්ද හිටියෙ ? කමක් නෑ. මන්ම තනියම නිල නිවෙස හොයාගන්නම්"
මාදව අජේව පැත්තකට තල්ලු කරලා කියනවා ඇහිලා අජේ මොනවත් නොකිව්ව නිසා මාදව වටපිට බලබල ඉස්සරහට ගියේ ඉස්කෝලෙට කිට්ටුවම කන්ද උඩ නිල නිවෙස තියෙන බව ලොකූ යන්න කලින් කියලා ගියපු නිසයි.

අන්තිමේ නිල නිවෙස හොයාගනිද්දි මාදවට දැනුනෙ කැලයක් මැදින් වලහෙක්ගෙ ගුහාවකට ආවා වගෙයි. ඒ තරමටම ඒ නිල නිවෙස ජරා ජීර්ණ වෙලයි තිබුනෙ. ඒ වුනත් අජෙයි මංජුයි පස්සෙන්ම එනවා දැකලා මාදව හැරිලා බැලුවෙ තරහෙන්.
"ඇයි පස්සෙන් එන්නෙ ? මන් මෙහෙ තනියම සුද්ද කරගෙන මෙහෙට එනවා. ආයෙ මන් ජීවිතේට ඔයාලා දෙන්නත් කතා කරන්නෙ නෑ"
මාදව එහෙම කිව්වෙ නිල නිවෙස වටේ ඇවිදින අතරතුරේ. මාදව එහෙට මෙහෙට ඇවිදින වෙලේ අජේ පැත්තක ගලක් උඩින් වාඩි වුනේ ඔලුවෙ අත ගහගෙන.

"මන් උඹට කිව්වා කලින් කියන්නෙයි කියලා"
මංජු කියනවා ඇහිලා අජේ හැරිලා බැලුවෙ උරහිස් හකුලගෙන.
"මන් කියන්න තමයි හිටියෙ. මට අමතක වුනා."
අජේ එහෙම කිව්වත් මංජු අජේ දිහා බලාගෙන හිටියෙ ඇහිබැම හකුලුවගෙන.

"උඹට මොකද වෙලා තියෙන්නෙ ? උඹ මට මොනවහරි කියන්නෙ නෑ නේද ?"
මංජු අහපු නිසා අජේ අහක බලාගත්තෙ මංජුගෙ ප්‍රශ්නෙ මග ඇරලා. ඒ වුනත් ඒ නිසා මංජු අජේට එහා පැත්තෙන් වාඩි වුනේ ඔලුවෙ අත් දෙක තියාගෙන.
"තමුසෙට මොන විදිහෙ ආසාවල්ද තියෙන්නෙ අජේ ? ඇයි මූණ එල්ලන් ඉන්නෙ ?"
මංජු ආයෙත් වතාවක් ඇහුවෙ අජේ දිහා බලාගෙන රහසින් මුමුනන අතරෙ.
"මට තියෙන ආසාවල් ගැන උඹ ඒ කාලෙ ඉදන් දන්නවනෙ."

ලාවුළු | boy love | ongoingWhere stories live. Discover now