"අපි ඉස්සෙල්ලම වන්දනා කරන්නෙ චෛත්‍යයට. ඉන් පස්සෙයි බෝධියට වන්දනා කරන්නෙ. ඊටත් පස්සෙ තමා පිළිම ගෙට වන්දනා කරන්නෙ. ඒ ඒ තැනට වන්දනා කරන ගාථා ඊලග දවසෙ එද්දි පාඩම් කරන් එන්න. අපි පන්සලේ ඇවිද ඇවිද මේ පාඩම කරමු."
මාදව කිව්වත් එවෙලෙම පන්සලේ ගාණ්ඨාරේ ගහපු නිසා දහම් පාසලේ පොඩි වුන් පොත් අතේ කරේ තියාගෙන එළිමහන් පන්තියෙ තිබුන බන්කු ධර්ම ශාලාවට උස්සන් යන්න ලක ලැහැස්ති වුන නිසා මාදවත් වටපිට බැලුවෙ අජෙයි මංජුවයි හොයාගන්න වුවමනාවෙන්.ඒ වුනත් දවල් විවේක වෙලාවෙදි කැලෑ පැනලා ඊට උඩ ගෙදරක තිබුන රා කළයක් කඩපු අජෙයි මංජුයි පොල් ගහක මුලක් උඩ ඉදගෙන මුට්ටිය බිදලා කටට රා වක් කරගත්තෙ හොර බැල්මෙන් වටපිට බලන අතරෙ.
"නායක හාමුදුරුවො දැක්කොත් අපිව ගමෙන් එලවාවි බන් !"
මංජු කියනවා ඇහිලා අජේ කට වට පිසදැම්මෙ ඔලුව දෙපැත්තට වනලා වෙරිමත හින්දන්න නොවටිනා උත්සාහෙක යෙදිලා.
"අපි පන්සලට යන්නෙ නැතුව කෙලින්ම ගෙදෙට්ට යමු.""එතකොට ඉස්කෝලෙ මහත්තයා ?"
මංජු කියනවා ඇහිලා අජේ ටික වෙලාවක් කල්පනා කරලා තමන්ගෙ රතු පාටට බර වෙන නහය උඩට ඇද්දෙ ඉක්කාවකුත් පිට කරලා.
"සුදු මහත්තයා ?! අපි සුදු මහත්තයව එක්ක යමු. පන්සලේ කන්ද පාමුලේදි එයාට එක්කාසු වෙමු. පන්සලට ගොඩ බහින්නෙ නැතුව වටෙන් යමු."
අජේ කිව්වෙ පොල් ගහ බදාගෙන නැගිටගන්න අතරෙ."බොට විස්වාසෙද අපි දෙන්නට වෙරි නෑ කියලා ?"
මංජු අජේගෙ ඇගේ එල්ලිලා ඇහුව නිසා අජෙත් මංජුව බදාගත්තෙ දෙන්නට දෙන්නා අත් වැල් බැදගෙන කෙලින් කටින් හිටගෙන.
"පිස්සුද මංජුවො ? උදේට වතුර බීලා ආවා වගේ පේන්නෙ අපි දෙන්නව. අඩුම සුදු මහත්තයටවත් කියන්න බැරි වෙයි අපි දෙන්නා රා කලයක් බින්දා කියලා."
අජේ එහෙම කියලා කකුල ඉස්සරහට තිබ්බ නිසා මංජුත් ඒත් එක්කම ඉඹේම පස්සෙන් ඇදුනා.දෙන්නා කැලේ මැද්දෙන් පදුරු පෙරල පෙරල ඉස්සරහට ගියේ ගාණ්ඨාර සද්දෙ අහගෙන.
"ඒ බන් ටික ටික පන්සල කිට්ටු වෙනවා වගේ පේනවනෙ !"
මංජු කිව්වෙ ඇස් දෙක අමාරුවෙන් ඇරගෙන.
"ඔව්නෙ බන් ! මට අමතක වෙලා ගාණ්ඨාරෙ සද්දෙ පැත්තට ඇවිදන් ආවෙ. පන්සල අපිට කිට්ටු වෙනවා නෙවේ මිනිහෝ, අපි පන්සලට කිට්ටු වෙනවා !"
BINABASA MO ANG
ලාවුළු | boy love | ongoing
Non-Fictionඩුකු ඩුකු ඩුකු ! මහ සද්දෙන් සද්ද කරගෙන ඉස්සරහට ඇදුනෙ උඩරට මැණිකේ කෝච්චිය නම් නෙවෙයි. ලාවුළු ගස් අතරින් වැලිගම්බර අසිරිය කියාගෙන ඉස්සරහට ඇදුනු මන්දගාමී බස් රතය ඒ සිරි අසිරි වින්දෙ පාලු කැලේ තනි මකාදාලා. කොස් පොලොස් වලින් සරුසාරෙට තිබුන ලාවුළු වත්ත මැ...